sad danu 7 years ago 347 2 0
සඳ නෑ ඔහේ අද
කොහේදේා හැංගිලා
සුපුරුදුයි තනිය මට
තනි තරුව වු නිසා
බසින්නට කලින් ඉර
හිනැහෙන්න සැරසිලා
සඳ නිරිඳු වඩිනතුරු
බලයි පෙරමග සදා
පායන්න පායන්න
අඳුරු ගැබ බබලවා
තනි තරුව වී ඉන්න
නොහැක මට දිවි තුරා
අමාවක කළුවරට
අදින් පසු තිත තියා
පසළොස්වකක් වී
පායන්න තනි මකා....
චතූ වීරසේකර