චතුරංගි හර්ශිකා 5 years ago 339 3 4
__________________________________________?
අහස නිල් වලාකුළු දරාගෙන
ඉන්නකොට...
පොළොව මහ ගස් කොලන් වඩාගෙන ඉන්නකොට...
කුරුළු අම්මෙක් පුතුට තුඩු අගින් කවනකොට...
මලක් පරවූ දුකට හැඩුවාලු
මල් නටුව...?
ගගන කෙලවරින් සුදු පුරා හද මැකෙනකොට...
ගගන මහ හඩ නගා හඩා වැටුණා
දුකට...
පාර අයිනේ තැනක පොඩි ලේන් පැටියෙකුට...
කෑම කවනා මවක් දුටුවාලු
උදා ඉර...?☀
පාසලට මවගෙ අත ගෙන යනෙන අවදියක...
මල් දැරූ වතුසුද්ද ගස් ගොන්න
දකිනකොට...
හැමදාම මම දැකපු හැමදේම
හිතනකොට...
ඇත්තටම හැම තැනම අම්මලා
දුටිමි මම...??
මම,
චතූ
ශශී❤️? 5 years ago ගොඩක්ම ලස්සනයි ??
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?❤
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks