චතුරංගි හර්ශිකා 5 years ago 295 5 4
උපන් නූපන් හීනවල
සොඳුරු සිතුවම් පටයක
මනස නිහඩව නොනිදා
බලා උන්නා හවසක...
හදවතට දුක කියනකොට
සතුට හොයනා නෙතගට
අසාධාරණ කදුලක්
ඉනුවෙ සිතුවිලි අතරම...
මග දෙපස නෙක සැරසිලි
යනෙන වාහන එළි මැද
හමාරයි කී කතාවක
පේලියක් හොයනව මම...
තව කතාවක් කියන්න
උඹ වතාවක් ගියාම
පෙර කතාවේ පිටුවල
හුදෙකලා කවි පිරවූ කලට...
තව වතාවක් ආවට
පොත පුරාවට ඉඩ නැත
හුදෙකලා මම තව දුර
යා යුතුයි මග තනිවම...
මම,
චතූ
Geethanjalee ? 5 years ago ?❤️
ශශී❤️? 5 years ago ම්ම්ම් ❤
චතුරංගි හර්ශිකා 5 years ago ?❤
Deesha(දීෂා)❤️ 5 years ago ❤️?