චතු ගුණසේකර ? 6 years ago 310 4 4
තාම හරිහැටි නොදත්
ඇය ලග
යටි හිත් පෙමක් සැගවීදෝ
ආඩම්බරකාර ඒ හිත
පෙරදා දිනෙක් හෝ
හමුවුනැකැයි සිතට ආ සිතුවිල්ලට
හීන් හිනාවක් මුවග රැදුනම
ඒ කෙල්ල තාමත් මා නොහදුන බව
හැගුනු විට
සිනහව සුලගත් එක්කම
මටත් නොදැනිම දුරකට ගිහින්.....
අප්රකාශිත පෙම ලග
කොහෙදෝ දුර ඈතකට යන හිත
බලෙන්ම රදවන්නට තරම්
ලෝභයි මටත් ඒ හිනාව ලග....?
නිබන්දය :
-චතූ-
03/11/2020
ශශී❤️? 6 years ago ලස්සනයි ❤
චතුරංගි හර්ශිකා 6 years ago ලස්සනයි චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ❤️
චතු ගුණසේකර ? 6 years ago තැන්කියු අක්කිලා