thamoja koushala
7 years ago
308
4
2
ආදරය
යාම් ඒම් පමනක්
ඇති මේ
සංසාර ගමන තුල
භවයෙන් භවය
අප හමුවන්න ඇත
විටක අප වෙන්වෙන්නට ඇත
මේ භවය තුල
නැවතත්
ඔබ මා හමු වී ඇත
විටක අප විරසක වනු ඇත
තවත් විටක ආදරයෙන් තුරුළු වනු ඇත
ගතවන හැම තත්පරයක ගැහෙන මේ හදවත තුල
ඇත්තේ...
ඔබේ ආදරණීය නාමයයි..
දෙදෙනා දෙතැනක සිටියත්
හදවතින් එක් තැනක සිටිනු ඇත
ගතිම් දුරස් වුවත්
හිතින් අප ලන් වී ඇත..
නෙත පිනවන
ඔබ රුව දුටු විට
නැගෙයි පෙම් සිනා
මුවඟට.....
තමෝජ් ජී ගැටමාන්න.