තූර්යා ඉඳුවරී
7 years ago
340
10
8
සහෝදරත්වය
සම් නහර ඇට හරහා
ඇට මිඳුළු දක්වාම
ගැඹුරටම විහිදගිය බැඳීමය...
හදවතින් පොම්ප කළ
ලේ සමඟ මුසු වෙලා
ඇඟ පුරා විහිදගිය ශක්තියයි...
මව වූද, පියා වූද
ආගමද එයම වූ
කිසිමදා නොසිඳෙනා භක්තියයි...
අවසාන හුස්මපොද
නික්මගිය ඇසිල්ලෙන්
ලෝකයට ඉතිරිවන ධෛර්යයයි..
තරූ සමනළී