Sewwandi Perera
5 years ago
292
6
10
නිවනයි එකම පැතුම
පාට සිව්කොන හැඩට සිත්තම් රට මවනා පින්සලෙන්
වාන් දමනා හැගුම් කඳු මල් ඇන්දේ නිතරම පැන්සලෙන්
ඉවත දුවනා අකීකරු හිත මෙල්ල කෙරුවද පන්සලෙන්
බුදුන් පුතුටත් මාර දූවරු බැල්ම හෙලුවේ පුන්තලෙන්
කසාවත වට බැදුනු සිරුරට ආල වැඩලා පෙම් සිතින්
හීන මවලා කුමට පව් කම් ලබන්නේ නුඹගේ හිතින්
නුරා රාගයේ බැදී ඇලීලා උන්නමු ගිහියෝ ගතින්
පැවදි උතුමෝ කෙලෙස් අත හැර බැදුනේ නිවනටමයි ඉතින්
බැදෙන හැම තැන ඇත්තේ දුකමයි කදුළු පිරි නෙත් සාදනා
ලැබෙන සැප නිති හදන්න්නේ පිරීහීමට මඟ පාදනා
සසර ගමනේ නොතේරුම දැඩි නිසා ගිහියෝ බෝදනා
නිරය වෙතටයි ගමන් කෙරුවේ වැටි වැටි එලි වීදනා
මගේ නැගනියේ අසාපන් මෙය හිතින් මොලයට ගෙන තදින්
අසන්වර සිත අගුල් දාලා යදම් දා තදකර බදින්
පැවදී උතුමෝ ගිහිගේ හැරදා ආවේ බුදු සරණේ මැදින්
අවසිනම් මම හිත හැදෙන්නට දෙසන්නම් බුදු බණ හදින්
- සෙව්වන්ඩි පෙරෙර-