නදී ..✍????
5 years ago
335
4
7
කිසිදාක හිස් නොවන
කිසිදාක තනි නොවන
නගරයෙ කොනක සිටගෙන
නෙතු අයාගෙන හැම දින
හිරු නැගෙන සිතිජයෙන
හිරු බැසෙන සිතිජයෙන
හෝ හෝ සුමුදු රළ සිඹින
වෙරළ දෙස බලාගෙන....
උදේ සිට රෑ තුරා
කඩිමුඩියේ දුවයන
නා නා විදියෙන් යුක්ත
ඇදුම් පැළදුම් වලින් සැරසුණු
ගැහැණුන්ය පිරිමින්ය.....
අනුන් හට අත පොවන
හිගන්නන් එක පසක
කඩල අඹ විකුණමින්
තද අව්වෙ වේලෙමින්
තවත් පිරිසකි අනෙක් පස...
නාද නගමින් ඇදෙන
නොයෙක් රථ වාහන
මා පසුකර හඹායන
පෙරහැරකි දිගටම ඇදෙන.....
ඒ අතර සෙවණක් සොයා
ඇදෙන මහ ජනයාට
සෙවන සලසන මා.....
ගස් වලින් හිස් වුනු
මාතර පුරවරයෙහි
කොනක සිට
නගරයේ වත ගොත සොයන
යෝධ නුග රුක වෙමි..
නදී