...චූටි...
5 years ago
292
4
7
බලාපොරොත්තුව ...
දෙපාමුල මගෙ තබා විශ්වය
සගවගන පපුතුරේ මගෙ හිස
ඔයා මට දුන් ජීවිතේ කෝ..
අතරමග අත හැරුනි ඔය අත
බිදී ගිය පෙම් හීන විතරක්
වුණත් මගෙ තනිනොතනියට අද
හිතේ සොදුරුම තැනක තවමත්
තිබේ නුඹටම වෙන්වෙලා ඉඩ ...
ගියපු වග නෑවිදින් ඉන්නම
දැනුණු මුදු නොදැණුනා සේ මම
අමාවක කලුවරේ පුන් සද
සොයා වෙහෙසුනි බොලද පෙම් සිත
ඵලක් නැ ලෝකයම පාමුල
ඇතත් නුඹ මගෙ ලගින් නැති සද
රිදෙන තුරු ඇස් බලමි මම මග
ඔයා විතරයි මගේ සැනසුම......?