Momad Musharaf
5 years ago
253
4
4
දනු අම්මා
නිවන් මගට ගිය දනු කුමරු හට
පතනමි නිවන සැමදා ඔබ හට
නුඹේ කිරි කැටි සිනාවෙන්
තෙමුනේ මා හද මඩලය
නොමැකේ මා මැරෙන තුරාවට
උපදින හැම බවයේම ඔබ මගේ පුතු වේවා
මතු උපදින ඔබ මාගෙම පුතු වේවා
නැවතත් මගේ කුසට පින පල දීලා
දනූ අම්මා මගෙ ලෝකය එලි කරා
සුරතල් සිනාවන් සැමවිටම පෙන්නා
අසරණ කමින් මගේ හදවත දුක් දුන්නා
මගෙ මුලු දිවියම ඔබ එළිය කරා
තරුනු වියට එළඹුණු සැනින්
සහෝදරයන් අසරණ කර ඔබ නිවන් ගියා
මල්ලි නැති දුකින් සහෝදරයන් අතරමං උනා
ඇයි ඔබ අපිට මෙවන් දුකක් උරුම කරෙ ඔබ නැති දුක අපිට දරාගන්න බෑ
චූටි අක්කා සයුරෙන් එහා තනි වෙලා
සතර අතේ වැලපෙනවා
දරුවෙක් වගේ බලාගත්තේ
මෙහෙම තනි කර යන්නද
මගෙ මල්ලි ගෙ දෙනෙත් බලාග්න්න
අවසන් මොහොතෙත් මට පින නෑ
මම කරපු වැරද්ද තවමත් නොතෙරේ
ඔබේ තැනට ගැලපෙන කිසිවෙකු ත්
නැත
දෙමාපියන් වගුරයි උනු කඳුළු පුතේ
ඔබ නැති දුකින් මුලු පවුලම වැලපෙනවා
සතර අතේ අසරණ දෙමාපියන් තනිකර මෙලෙස පුතේ සැගවී සිටින්නට හිත හදාගත්තේ කෙසේද සුදු මහත්තයෝ
පිය මිතුරු සම්බන්ධය කඩවුනෙ
කෙසේද පුතේ
මගෙම රූපෙන් ඉපදිලා
මටත් කලින් ඔබ ගියා
හදවතේ දුක හිර කරන් කෙලෙස ද පුතේ සනසන්නෙ පවුලේ සැවොම