????️ නවෝද්‍යා දිසානායක ????️
4 years ago
291
2
3
මිතුරිගේ පෙම....
මල කඳ ලෙසින් ඈ එන දෙස බැලූ මට
පෙනුනේ ඇගේ සුදු මුහුනම වෙලා රත.....
හැඬූ බවක් වැටහෙයි දැන් කුමක් විද
ඇසුවේ ඇගෙන් මගෙ මිතුරී නිසා වෙන......
මගෙ ආදර පෙම්වත දැන් වෙලා වෙනස්
සිතා ගන්න බෑ ඔහු බං වෙලා දුරස් ......
කිය කිය හඬනු දුටු විට ඈ මාව බදන්
හිනා ගියා මට නම් බං දොරේ ගලන්.....
හිනා වෙන මගෙ මුව දෙස බලාගෙන
රැවුවෙ ඇයත් ලාවට මෙන් සිනා ගෙන.....
මොකද බොලන් හිනා වුනේ කියා මට
ගැසුවේ ඇගේ අත්ලෙන් මට රිදෙන ලෙස.....
හිනා වුනේ නම් ඔය කැත ඇඬිල්ලට
අහපන් බොක්ක මං දෙන ඔවදනන් හැම.....
ආදරෙ කරත් කොල්ලන් හට බදාගෙන
නාඬා ඉඳින් ඕකුන් ඔය ලෙසයි බොල.....
ආදරේට සීමා නැති බව නම් දනිමී
නමුත් නුඹේ ප්‍රේමේ ඕනෑවටම වැඩී....
හැමදේටම සීමාවක් තියන් රිසී
වැඩ කරපන් ඉස්සරහට හරිද කෙලී...
ඔයලෙස ඔවදනන් දී ඈ සිත හදලා
ආවේ ගෙදර ඇය හරියට හැදෙයි සිතා...
පසුදින ඇගේ ඇමතුම ආ විගස මෙමා
ඇහුවෙ ඇගෙන් හිත දැන් සුවපත්ද කියා...
මගෙ ආදර පෙම්වත අද කතා කරා
සමා ඉල්ලුවා මාගෙන් බොහෝ වෙලා ...
තාම මේ හදත් ඔහු ඉල්ලනම නිසා
සමා දුන්නා ඔහු හට මං සතුටු වෙලා...
කියූ සැනින් ඒ ලෙස ඈ හිනා වෙලා
සිතුනෙ මහට වැලලෙනු දැන් රිසියි කියා...
අපරාදෙන