Nisansala Dharmasiri
2 years ago
243
0
3
ගිනියම් මල් යහන
ඇස ගැටුණ දා නෙතු නුඹේ
පැතුවේ වෙන්නට මයි ඔබේ
දැනුණු ඒ ආදරේ සුවේ
කියා නිම කළ හැකි කෙසේ
දින ගෙවී එසැනින් සැනින්
රන් හුයෙන් දෑගිලි බැදන්
අපි අපේ වුවා ඉතින්
නොමැති මුත් අද සන්තොසින්
හොවා ගෙන හිස පපුතුරේ
නිදපු හැටි සිහි වෙයි රැයේ
රණ්ඩු කර කර හැම පැයේ
සෙව්වේ ආදරේ මයි ඔබේ
ගිනියම් යහන මත වැතිරෙන රෑට
නාදුනන අයුරු නිදනා විට දෙපස
සිහිවී මුල් දවස් වාවනු බෑ හදට
ලෝකේම නුඹයි කීවා නේදෝ මෙමට
කරන කියන වැඩවල දැක අඩුපාඩු
අහන අවලාද බැණුමන් නොමැත අඩු
ඉවසා දරා ඉන්නට හද නැත වාරු
කෙදිනද නොතිබුණේ නෙතගේ කඳුළු බිදු....................................