Saneesha HettiArachchi
4 years ago
263
0
1
ප්‍රේමයක් ඇසිල්ලක් රැදිල්ලක්
නිතර පායන අහසේ තරු මැද
එකට යා වුණු පුන්චි තරු දෙක
ඇසිල්ලක් වත් පමා නොව් හිත්
එකට බැදුනම තිබුණ අරුමය
දෙතොල් පෙති මැද මතක එකිනෙක
ගලපගෙන අපි රටා ඇන්දම
අදත් පුදුමයි දඩබ්බර නුඹ
කොහොම බැදුණද කියා සිතුවම !!!
නුඹෙ හිත වෙත බැදුණු අරුමය
දඩබ්බර නුඹෙ දෙඇස් මැද්දෙම
දහක් හමු වී පෙනුන තැනකදි
ආස මම නුඹ වැලද ගන්නට
සියුම් සිපුමක් දෙතොල් මැද්දෙන්
අපට හොරැහෙම ගලා යන්නට
වස්සානෙ මැද මතක වැස්සක
නුඹම එක්කම තෙමී ඉන්නට !!!
වරක් දැක නුඹ සිනාසෙන ඇස්
අදත් ඒ මග සිනා වූවම
නිස්සාර වැහිකෝඩ වසන්තෙම
නොම වැටුනු මතක මැද
දුරුතු පුරසද එක්ක අපි එක
ඇරඹූව අපෙ කතාවෙම මැද
ගලා යන්නට සියුම් සිපුමක්
තියන්නම් නුඹෙ පපුව මැද්දෙම !!!
ඇසිල්ලක් වත් නොලැබු තුන්යම
බලා ඉන්නට පුරුදු වූවම
මතක දින දින තවත් වැඩි උණේ
පින්සාර සකුරාව මැද හිත
දැවටෙන්න හිත හැමදාම ලග
නිලම්ඹරේ පෝ සදත් මැද්දෙම
ඉතින් ඇවැසිම පුර පෝය එළියක්
වස්සාන අහසකට
සත්තකින්ම !!!
අද ;
සිප ගන්න තහනමක් ;
ලෝකේ මැද ඇවිලුමක් ;
මටම වෙන් වූ හිතක් ;
ඉතින් කොයි තහනමක් ;
සනීශා හෙට්ටිආරච්චි