Sandali Wickramasinghe
3 years ago
409
2
2
හැඟුම්
සිත්තම් කළ රුව ගෙත්තම් කරනට
සිත මගෙ සසල වෙලා...
වත්තම් කරගෙන යන්නට ඔබ සිත
හැඟුමන් ඔකඳ වෙලා...
හද මත්තට පිපි ආදර හැඟුමන්
මා සිත මවිත කළා...
කැන්දන්නට අවසර ඉල්ලන්නෙමි
ආලය කෙරුමෙහි ලා..........
හදවත මැද්දේ පිපි ආදර මල්
විකසිත කෙරුවෙ නුඹ යි...
හිමින් සැරේ අඩි තිය තිය මෙහි ආ
ආගන්තුකයා නුඹ යි...
හීනෙන් දුටු කවියේ පබැඳුම හරි
ලස්සන කෙරුවෙ නුඹ යි...
ශිශරය උණුසුම් කෙරු ඔබ මාගේ
සැනසුම් සුසුම් පොද යි.............
සඳපි...❤