1 Total Nisadas Found


Ama.. Nisadas Count (1)





Ama.. 2 years ago 200 0 0

Nisadas Image

ආදරියෙ..

සුදු සුමුදු තඹර මැද තබමි හිස හොවාලා
මුදු සිනහ නග නගා කොදුරමින් සැගවිලා
රතු යොවුන් මත් සුවද විහිදුනා හදපුරා
මදු කුසුම ඇයයි මා දුටු සසර පිනවනා

නීල දෙනුවන් අයා අද දිලෙන සියුමැලියෙ
ආදරේ පිනි වැස්ස වහිනවා කිටිකිටියෙ
තුරුලු වී ඔබෙ දෑසෙ තෙමෙන්නට හරිහරියෙ
එන්න අවසරද මට හිදින්නට ඔයතුරුලෙ

ඇයයි මා දුටුව සඳ තනි රෑක දිදුලනා
මවයි සිතුවිලි සයුර හැම මොහොත ගොලුවනා
සඳක් නම් හිදිනු මැන සිසිල දී දැවටිලා
ඉරක් නම් වනු එපා ලං වෙන්න බැරි නුරා

ඔබෙ දෑත අල්ලගෙන බොහෝ දුර ඇවිදින්න
කිසිදාක නොදුටු පෙම් සිහිනයක තනි වෙන්න
නුහුරු නුපුරුදු ආදරේ සුවය විද ගන්න
ඉඩ දෙන්න මටත් පෙම්වතෙක් වී හිනහෙන්න


Ama..







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps