නිමාලි
6 years ago
263
3
5
ඇස් බැන්දුමකි පෙම ?♥️
නිසොල්මන් හදක් සංසල නොවන්නේ..
සිසිල් ඉමක් නිසලව පාවීයන්නේ..
සුපෙම් සුසුම් ඉකි බිදිමින් හඩන්නේ..
නුරා සෙනේ හද පත්ලෙන් උතුරන්නේ...
මිලින නොවූ සුපහන් මල් කොදෙව්වේ
සිහින වඩන රූ රවටන මිහිරාවේ..
ඇස් බැන්දුම් සගවන ඝන වලාවේ..
නෙත් කදුලින් රවටයි මංමුලාවේ...
දෛවය නම් පහුරට සහයක් වෙන්න..
පෙම නම් සැඩ මාරුතයක් එක් වෙන්න...
ගං තෙර වෙත නිසගව පිය මනින්න..
කෙලෙසක වෙද මරු සිතැතිව දකින්න...