Naween Perera
5 years ago
371
5
12
සක්කර
හදවත් දෙකක් එකතුව
මිහිරි රසයක ගිලුනු ආදරය
දුරස් වන තරමටම හද පුරාවට
දැනුනු සියුම් වේදනාවේ මිහිරියාවත්
එක්වුනු ගතට දැනුනු පාලුව
වියැකෙනු පිණිස මතක පෙල
දෙතොල අතරින් ගියපු විස ටික
දැවෙනවා උගුර පහලටම
හුරුවුන අතට වීදුරුවෙන්
සියුමැලි ඔබෙ අත්ල පහසත්
වියැකිලා මගෙ අත්ල මතුපිටින්
ගිනි දැවුනු හද තුලින්
විදින දුක දැන් අමුතුම සැපක්
මගෙ ආදරෙත් දැන් හරියට
උනු කහට ටික පිච්චුව දිවට
සක්කර රසක් දැනුනා වගේමයි
~නවියා~