Vosandi Dissanayake Nisadas Count (34)
Vosandi Dissanayake 5 years ago 403 5 4
ඉස්සර දවසක අත්වැල් බැදගෙන මතකද සිත් ඇමුණුව කාලේ වහන් උන්නු මගෙ දෑස තුළට වුණු ඔබ සෙව්වා තත්පර ගානේ සිහිනෙන් දකිනා පාට හීන තුළ ඔබ පමණයි සැමදා දුටුවේ සේද වළාකුළු සැගවිලා අහසේ අමාවකයි අද රත්තරනේ
Vosandi Dissanayake 5 years ago 395 6 4
හිටපු තැනම ඉද්ද ගැහිලා බලා ඉන්න වෙලා මෙමට උදෑසනට පායා ආ හිරු කිරණත් සේද ගිහින් කවි උපදින මගේ හිතත් සද රැස් යට තනිවෙලාද පින්න මලක පැහැය අරන් මගෙ සිත ඔබ හොරා ගෙනද කඳුළු අතර සැඟවුණු ඔබ නිල් දියඹේ සැඟව ගොස්ද ඔබ ඇවිදින් මේ හිත යට කතා කරයි හැම රැයකම
Vosandi Dissanayake 5 years ago 407 2 2
නිසග පවනේ හෙලන දහදිය පෙනේ මිණි මුතු පොදක් විලසින් ගතෙහි දැවටුන නේක කොළ අතු ඔබට ගෙනදෙයි සිනාවක් පොඩි නේක ලියකම් දමාගෙන ඔබ සදාගත් මේ සිරිය මනරම් එදා වාගෙම අදත් පිපුණා ඔබේ මිදුලෙත් අරලියා මල් ගෙදර වත්තේ තිබෙන බංකුව එදාවාගෙම අදත් එහි ඇත නෑර ලොලයන් වඩවඩා එන රංචු ගිරවුන් ගස්පුරා ඇත ගෙදර තිබෙනා එකම පුටුවට පොර බදින පොඩි පැටව් එහි ඇත ඇන්ද සරමත් වටින ගමනට ගෙදර පිලිකන්නට දමා ඇත වත්ත පිටියේ තිබෙයි තවමත් මැකෙන පා සටහන් ඔබේ එහිම තිබෙනා පුංචි මඩුවත් සිඹියි පා සටහන් ඔබේ ඇවිදින්න බැරි නේක රූ ඇති සද්දන්ත පණ ටික ඔබේ බලා ඉන්නවා නේක විලසින් රුව දකින්නට ඔබේ
Vosandi Dissanayake 5 years ago 404 2 0
මාර්ගය මගෙ නිවස වූ මුත් මාළිගය නම් එයයි මට හිමි කිලිටි වැරහැලි ඇග දැරුව මුත් එයයි මට හිමි සේද සළු පිළි කසළ බදුනෙහි අහර ගත මුත් එයයි මට ඇති රාජ භෝජන ගලන කාණුවෙ දිය බුදින මුත් අමෘතය නම් එයයි මට හිමි දහස් ගණනක මුහුණු දකිනා මමම පමණයි ලොවේ හිදිනා එවන් දහසක බැනුම් අසනා මමම පමණයි ලොවේ හිදිනා
Vosandi Dissanayake 5 years ago 351 1 0
මාදං හිඹුටු බෝවිටියා දෙවැට දිගේ ඉගිල ඉගිල යන බටු වී පැටව් වගේ එහෙට මෙහෙට දුව පනිමින් හරිම අගේ සිහිවේ මෙමට පාසල් ජීවිතය මගේ පොත් ටික තුරුළු කරගෙන දුවමින් හනික ඇල්ලුවෙ නොවෙද පංතියෙ පළවෙනි අසුන ආසාවෙන් අකුරු කෙරුවා නොවැ හැම විටෙක සැමදා සුන්දරයි මගෙ පාසල ඔන්න කවි ගී සින්දු කියමින් අඹ ගස් සෙවණේ නටමින් නැටුම් නැලවුනු හැටි සිහිවන්නේ ඒවගෙ දිනක් නැවතත් නැහැ නොවැ එන්නේ මතකය සුන්දරයි මගෙ පාසල් සෙවණේ
Vosandi Dissanayake 5 years ago 478 2 1
රන් සිනහෙන් මුව සරසන්නී සුමුදු වදන් වැල් අමුණන්නී අප සැමහට ඔවදන් දෙන්නී ගේ දොර හැඩ වැඩ කරලන්නී සැම සිත් එක් කොට බැද ලන්නී අප සැම එකමුතු කරලන්නී අදුරු ලොවට එළියක් දෙන්නී සිරි දුව නිවසට ගෙන එන්නී ගේ දොර වැඩ පල කරලන්නී සැමටම ආදර්ශ දෙන්නී රන් හුයකින් බැද හිනෙහින්නී මගේ ලොවට රැජිනක් වන්නී
Vosandi Dissanayake 5 years ago 442 1 2
ඈත නිම්නයේ මීදුම් පහස ලංවෙලා කඳුවලින් වැසී ලස්සන මුතු ගඟක් වෙලා පාළු ක්ෂිතිජයේ රන්වන් ගීතයක් වෙලා නුඹ මගේ ලොවේ මනරම් සිහිනයක් වෙලා
Vosandi Dissanayake 5 years ago 411 4 4
යළිත් යනු බැරි ගියොත් එනු බැරි අතීතෙක සුවදත් අරන් තවම උණුසුම් පෙමක සිතුවම් මතු කළා හිතටත් හොරෙන් ආදරය සින්නක්කර අරන් නොරද නුඹ අද පැන ගොසින් නොබිදෙනා මිලැති මුතු පොටින් සිඹිනවා කොපුල නෙතු හොරෙන් කරන නොවෙනස් රැස් රුවන් කෙනෙකු ලොව නැත නුඹ සොයන් සිඹින සුකොමල නළල් තලයෙන් නැගෙන මන්මද සුවද නොසොයන් පාට පාටින් දිලෙයි නෙක මල් එදෙස නොබලන් රත්තරං නුඹ නුඹෙම කරගත් නෙළුඹු මලකට ආලෙ දෙනු මැන දිවි පුරාවට
Vosandi Dissanayake 5 years ago 371 3 3
මව් සෙනෙහෙන් ළැම උණුසුම ලබනට සසර පුරා රතැගිලි පටලාගෙන නොමියෙන බැදුමක සෙනෙහස සුව දෙන නිබඳව දැනෙනවා සොයුරිය නුඹ මට නෙක ගැරහුම් මැද හද පෑරුණු සද සද දෙව් නුඹමයි හසරැල් කැන්දන නාරිලතා මල් පරයා වැඩි සද මුතු පබළු වැලක් වැටුණා නුඹෙ කොපුලට අනියත දේ නුඹ හිසේ දරාගෙන නොසැලෙන මනරම් පියුමකි නුඹ මට දගකාරකමින් ඔච්චම් කෙරුවට මම දෙවෙනි මවුන් නුඹ මට මුළු සසරෙම
Vosandi Dissanayake 5 years ago 360 5 5
සිහින සිතුවමක සිටිනා මල් මද බිසවක රූ සරිනා නෙක ඉගි බිගි හැඩ දමනා ලස්සන නෙතු මට පෙනුනා ලා හිරු කිරණින් ගත දොවලා හැඩ වැඩ දැමු ගවුමක් ඇදලා නිල් වරලස කරලට ගොතලා පළදියි නෙක පියුමන් පුබුදා මුතු ඇල්ලූ මිරිවැඩි පළදා රන් යානාවක ඇය නැගිලා අහස් කුසේ සුදු සේද අතුරලා යහන සදයි දරු කැල වෙතටා රන්දිය එකිනෙක එක් කරලා නිල් පාට බෙදයි මුළු අහස පුරා මුතු පබළුත් නෙක දෝත දරා දේදුන්නක් ඇය පාට කරා.
Vosandi Dissanayake 5 years ago 452 3 4
"සියුම් තැන් පෙනෙන මහා තැන් නොපෙනෙන මනරම් සිතුවම නුඹ ලස්සන ඇස් දෙක"
Vosandi Dissanayake 5 years ago 420 5 3
රස්සාව රත්තරං ජීවිතය ගෙටගහන අදත් හතරයි තිහට කුකුළාව අරගෙනම නැගිට්ටේ අළුයමේ... උයලා පිහලා කෑම බෙදලා ළමයින් පාසලට යවලා හනික දුවලා ලෑස්ති වෙලා හයයි තිහට යාන්තමින් බසයක එල්ලුනේ... කාර්,බයික්,බස්,ත්රීවිල් සිමෙන්තියෙන් අඹපු රූප වාගේමයි පාර මැද්දේ... හතයි තිහට විනාඩියයි... රතු ඉර මගෙ දෑස ළගයි... අද විතරක්නේ කියලා... හදාගනිං කෙල්ලේ හිත සුපුරුදු විලසින්...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps