71 Total Nisadas Found


Ranatunge Jayawardene Nisadas Count (71)





Ranatunge Jayawardene 2 years ago 257 0 1

Nisadas Image

පසුබැස්ම

පොතකට බර වූ දෑසයි
වෙහෙසට පත්වූ පෑනයි
දැන් හොඳටම දැක පුරුදුයි
මෙහි වූ දුක සැප නොහැඟෙයි
***
මඩ කඩිති මංපෙත් දිගේ
ඈ නිතර දිව යනු පෙනේ
පැටවු සමගම හැම පැයේ
කථාවෙන් ඇති බව දැනේ
***
උදෑසන හිරු එලියයි
තඹරු මැද පිණි බිඳුවයි
මටම හරියන හැටියැයි
දන්නෙ තව, මං විතරයි
***
විටෙක ඇස් කොන් වලිනුත්
විටෙක මඳහස පාමින්
මදෙස හෙලනා කැල්මන්
යමක් පවසයි රහසින්
***
සිනා මුහුනෙන් මා දෙස
බලනු ඇති දැයි රිසියෙන්
නිතර ඔබ මොබ සරනා
මටත් වෙන වැඩ නෑ දැන්
***
අහන්නට සිත කීවත්
පිළිවදන් ගැන සැකයෙන්
මුවින් නොබැනම සිටියේ
එය ද මිහිරක් වීමෙන්
***
උනන්දුව වැඩි වුව ත්
'වචනෙ' වියදම් නොකරයි
දිනෙන් දින ගත වී ගොස්
දකින්නට ඈ නෑ දැන්
***
විපරිමින් මා බැලු වේ
නිවාඩුව කට ගොස් වත්?
අහෝ අසරණ වුනි මා !
සිප් හලේ ඈ නෑ මෙන්
***
ගමේ වැල වව්ලන්ටයි
පිටින් ආ වුන් කවුරුද ?
මිදිත් ඇඹුල ම බව දැන
බිසෝටම හිත දෙමි දන්
----------------------------------------------
රනේ/22මැයි2024/පසුබැස්ම

Ranatunge Jayawardene 2 years ago 251 1 2

Nisadas Image

හොරකම

සත්තමයි ඒ
මම කලේ ..
මමයි ඒ
හොරකම කලේ ..
මමයි ඒ
සැලසුම් කලේ ..
මගෙ හිතයි
මා යොමු කලේ ..
***
කල්තියා
සැලසුම් හදා ..
හැම තැනම
ඔත්තුව බලා ..
යනෙන තැන් ටික
කොපි කළා මම
දින දසුනෙ
සටහන් තබා ..
***
දන්නෙ කවුරුද ?
බැලුව මේ මම ..
කැමති මොනවද ?,
ඉන්නෙ කොහොමද ?,
කන්නෙ මොනවද ?,
සෙව්ව, මේ මම ..
***
දින ගනන් මම
ගත කලා ..
සති ගණන් රෑ
නිදිවරා ..
වෙන හොරුන්ටත්
ඉඟි කලා මම,
හොරකමක්
සැලසුම් කලා ..
***
වෙස් වලාගෙන
කල්තියා ..
නුහුරු මිතුරන්
හැර දමා ..
ඔබ යනෙන මඟ
නිති පතා මම,
හොර හිතින්
පියමන් කලා ..
***
ඇත්තමයි ඔබ
අහුවුනා..!
මගේ හොරකම
හරිගියා..!
ඔබ නොදුන් ඒ
සොඳුරු හදවත,
මම හොරෙන්
හොරකම් කලා ..!
----------------------------------------------
රනේ/19මැයි2024/හොරකම

Ranatunge Jayawardene 2 years ago 330 1 0

Nisadas Image

බලු කම

අනේ බලු රාලේ
මාස් මාළු නැති වේලේ
අපිට බැරි කාලේ
ඒක කාටත් දැනෙනවානේ
***
ඇලේ පැන නාපං
අහුවෙන දෙයක් කාපං
බලු කෑම දීපං
කියා බොරුවට බුරල බෑ බං
***
යාළුවෙක් දුටු විට
ගොරොවා නොගොස් එදෙසට
මස් ලේ නැති කට්ට
දීල දාපං තලු මරන්නට
***
ගෙඩි කඩන් කෑවට
ලිඳකින් වතුර බීවට
හෙවනට එන උන්ට
බුරා ගෙන යනු බෑය මතුවට
***
වසරෙ දින ඔක්කොම
නිවාඩුව වත් නොගෙන ම
වැඩ කරන දවසෙ ම
කෑම පමණයි එකම ඉල්ලුම
***
අපි කරන සේවේ
කිසි ඇගැයුමක් නෑනේ
වැටුප් නැති වේලේ
නිකං බලපන් උන්ට බෑනේ
***
කුල මල ජාති ආගම්
ගැලපෙන පයිරු පාසම්
පාට කළු සුදු නම්
කොහොම ගලපමු බල්ලො වීනම්
***
වල්ගේ ඇද වූව ද
කකුල් හතරක් වූව ද
බුර බුර නොකීව ද
උන් ණයයි නුඹ නොදැන සිටියද ?
***
යන යන තැන අපට 'රජ සැප' ලැබීයන්
වෙනදා වගේ පාරෙදි මුන ගැහීයන්
හිතවත් මිතුරු කම හැමදා රැඳීයන්
'බල්ලා' යන්න වෙන අයෙකුට නොදීයන්
--------------------------------------------------
රනේ/04අප්‍රේ2024/ බලුකම







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps