සිතුවිලි පාරමී
6 years ago
308
2
4
නුඹ දකින්න ආසයි මම
මීදුම් පට දෑසට පටලයක් බැද
හීතලම හුලගක් ගත සිසිල් කරවන
කදු මුදුන් අතරින් ලා හිරු කිරණ එන
උණුසුම් තේ කෝප්පයක රස විදින
මේ ලස්සනම උදෑසනෙත්
හිත බලන් ඉන්නෙ නුඹ දකින්න
පේනවා ඈත ඉදන් නුඹ
ගෙල වට සලු පට ඔතාගෙන
දෑත් එක්කරමින් පිරිමදිනවා සීතලට
සදලු තලයට ආවේ උදෑසනම
මාව දකින්න ඇති ආසාවට වග
මං දන්නවා නුඹ නොකිව්වට
නමුත් නුඹ දන්නෙ නෑ නේද
මාත් ආවෙ මෙතනටම
නුඹ දකින්නැතුව මට
ඉන්න බැරි නිසා වග
❤පාරා❤