Deesha(දීෂා)❤️
5 years ago
364
3
10
මියැදුණු සිහින ?
දිවිය සිරවී කඩඉමක් තුළ නෙත් කෙවෙනි
රෑ ඉකිබිඳී
සියලු බැමි මදකට නවත්වා පොත් අතර
කාලය ගෙවී
විසඳගන්නට නොහැකි වූ එක් ගැටලුවක්
ලඟ නතර වී
සොයමි මම මා කව්ද යන වඟ විදු ඇසින්
මඳකට මිදී....
සිහිනයක් හද පත්ල තෙරපේ යන්න ඇත
බොහො දුර ගෙවා
වෙදැදුරෙක් ලෙස රෝගි හදවත්
වේදනාවෙන් කර මුදා
දෑස අස්සේ රැකම තිස්සේ කියාදී
මනුදම් කතා
දනන් සිත් මෙන් ගතත් සුවපත් කළ හැකිද
සිත අසනවා....
අසීරුයි මට නිවා දැමුමට මිනිසුන්ගෙ
දැල්වෙන ගිනී
මට නොහැකි කළ නතර කෙරුමට මගේ
ලෝදිය කඳුලැලී
යන්තමින් පණ ගැහෙන පපුවට විරාමයක්
අවැසී
සිහින අතරේ මා මියෙන්නම් භවයකට
සමු දී.........
-දීෂා?✍️෴