Kaveesha Lakmali Nisadas Count (16)
Kaveesha Lakmali 6 years ago 277 8 10
සරා සඳ මත පළුදු සිතුවම් ශේෂ වී හදවත පුරා නුරාවට පෙම් බැන්ද සුසුමට නොරැවටී රැවටී එදා අනග සිහිනෙක ගෙවුනු හෝරා අදුරු කුටියක තනි වෙලා නුහුරු හඬ කුස ගැහෙන හුස්මෙන් දෙනෙත් සිහිනෙන් විය මුදා හිරුගෙ අයිතිය දිවා අහසට පෙර ලියවි දෛවය නිසා සඳත් තරුවත් උරුමයක් නැති උරුම ලද්දෝ විය මෙදා ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 267 4 5
වසන්තය සුව දසුනකි.. නුඹ ලගින් උන් කාලය වැනි හදේ දහසක් පැතුම් මල් පිබිදුවා නුඹ සිහිනෙකි.. තුටු හදින් නැඟි සියොත් ගී.. නුඹේ තෙපුලත් ඒ වැනි තුන් සිතම සෙනෙහෙන් නිවී සැනසුනා මා සිහිනෙකි.. වසන්තය අද නිමා වී.. වස්සාන සැඩ සුළං හී තැනූ පෙම් ලොව බිදී විසුණුව සොඳුර ඒ රුදු සිහිනෙකි..?? ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 248 3 5
මුව වැස්ම තුළ සුසුම් සිරවී හැඟුම් ගුලි වී හද ගිලන් වී පුන්සඳක් වන් මුහුණ සිහිවී නුඹව නොම දැක හිදිනු බෑ සොඳුරී.. වරද දැන දැන ඉතින් මෙහි ආමී නුඹේ දසුනින් සුසුම් දිය කරමී ගතින් වෙන්වී සිතින් අප ළංවී නෙතින් මුමුණමු සුපෙම් පෙම් ගී නුඹේ නෙතු අග කදුළු රැන්දී සැනසෙන්න තහනම් තුරුල් වී නෙතින් හිනැහෙනු මැනවි සොඳුරී වසන්තය හෙට ඒවි හිනැහී... ? ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 283 4 5
සිහින නුඹ නම් හරිම පුදුමයි රූ තිරය මත දකින ඔහුගේ පෙම් දැහැනට මා හොවන්නට තරම් නුඹ බොළදයි.. ඒත්, යටි හිතේ දළු ලන අහිමි බැව් දැන විඳින අහිංසක ප්‍රේමයට ප්‍රාණ දෙනු වස් මේ තුතිය නුඹටයි.. වැහි සීත මැදියමේ නුඹ මැවුව සිතුවමට තවම හිත ලෝබයි..❤️ ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 315 3 2
අහසේ සඳට සමකර කවි ගී ඇසුනා පැසසුම් නොලද පිය හිමි නෑ දොස් නගලා නිවසේ බුදුන් අද මහ මග කත වූවා තනියක් නොවේ ඈ ලොව හිරු ළග උන්නා.. ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 251 2 2
ගඟක් විලසට ගලා ආ පෙම සිදී ගිය ගල් තලාවේ වාලුකා වැසි වස්සවාවී මතක නම් නිති දෙවේලේ සිතක් හඩවා දුරක් යන්නට නොහැක කීවත් නිසොල්ලේ නුඹේ දෙනෙතට කදුළු නොමවන් මලක් පිපියන් කැදැල්ලේ සසර හුරුවට පැටලුනා හිත් පෙමක් පිදුවට තුරුල්ලේ මගේ සෙවණේ සුරැකුනා නුඹ සතුට එයමයි ජීවිතේ ... ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 236 6 7
හුරුපුරුදු නගරයේ නුහුරු නුපුරුදු මුහුණු මැද හිතේ මුල්ලක ලැඟුම් ගත් රූපයක් රැගෙන යයි සිත සත් වසක් ඈතට කෝල සමනල් වයස උදේ හවසට හිතේ එල්ලුනු බස් රියේ පෙම් ගීත අස්සෙම හොරෙන් විත් ඉඟි පෑව ඇස් දෙකක් දඩබ්බර සිත ළඟින් හිඳ වෙන්න දොඩමළු සොයාගෙන හේතුවක් මවාගෙන සරදමක් සිනිඳු හිත කෙනිත්තුව කෙලි කවට සිනහව එදා මෙන් නොවේ අද සැනසුම්ය සංවර ගමන හිත් අදින තේජස් පෙනුම නිවුනු නෙත හමුවන්න නොමදී සිතුවෙමි මෙලෙස, මගට වැස්සෙන් මීදුම් තැනූ සියල්ලන් නෙත් පියවි මොහොතක ළඟින් ඉදගෙන පෑව, කුළුදුල්ම පෙම්පත වැහි දියට පෙඟෙන්නට ඉඩ දුන්නේ ඇයි මම ? ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 264 5 4
නෙක දුක් දරා දුන් එළියෙන් හැඩ වෙද්දී.. සඳුගේ තනිය මැකුමට තරු හිනැහෙද්දී.. හිරුගේ අගය සැඟවෙයි තරු ළං වෙද්දී.. එලෙසයි පුතුට වැදු මවු අමතක වෙද්දී... ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 310 6 3
ලොවට පෙන්වූ සිනාවන් සමඟ මුසු වූ විඩාවන් කදුළු සැඟවූ කතාවන් දුටුව හිමි සඳ ඇයට වාසනාවන් ❤️ ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 285 5 5
පෙරුමන් පුරා ලැබගත් මනුසත් භවය පින්වත් බව හැගුනෙ මවුපිය දුටු විටය විදහා පැතුම් පෙති සියගණනක් සුවඳ රැකුනේ මෙමා උයනේ රෝස මල ලෙසය ආයුෂ සිඳී මවුපිය සුර ලොව වැඩියා නෙක පැහැ සුවඳ මගෙ හිරු සඳු අරන් ගියා සෙවණක් නැතුව පෙති ගිලිහී සැඟව ගියා අද මම මෙහි වීමි වතුසුදු මලක් වෙලා අනියත බවම දුටුවා හැම දෙයින් මම වටහනු අවැසි නිවනේ සුව ලෝකයට අවසර පතමි කෙටි කරනට මරු කතර බුදු හිමි වැඩිය මග පිය මැන යමි මතුව.. ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 287 4 5
සඳ ඔබ තරම් දුර නෑ ගිහින් තරු මල් අතර පායා ඇවිත්.. රළ ඔබ තරම් දුර නෑ ගිහින් රළු වෙරළ සිප විත් ආයෙමත්.. මම ඔබ තරම් දුර නෑ ගිහින් අපෙ මතක මත මියැදේ තවත්.. ඔබ හීනයෙන් වත් නෑ ඇවිත් යන මඟත් නොදැනම දුර ගිහින්.. ~~KaVee~~
Kaveesha Lakmali 6 years ago 290 6 6
මලානික කණ පැහැය කඳු ගොඩැලි ආවාට සඟවා දරාගෙන රාත්‍රියේ සොඳුරු බව ලොවක් අභිමුව මවන්නට එළිය දෙන හිරු, තනි රකින තරු නොවෙද සඳ සතු සැබෑ වත්කම.. ~~KaVee~~
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps