කෞශික නිමාදිත්
5 years ago
271
5
4
??
මට මාව...
හිමි නැත මේ ලෝකයේ
මට දැනුනේ එහෙමයි
විකාරයක්...
ඇස ගැටෙන ගැටෙන තැන්
මට පෙනුනේ එහෙමයි
ඝෝෂාවක්...
සවනට වැකෙන හැම ශබ්දයක්ම
මට ඇසුනේ එහෙමයි
මට ඕනී ඝණ අදුරක් සැගවෙන්න
හුස්ම ගන්න හඩ විතරක් ඇහෙන නිහැඩියාවක්
මැද ඉදගෙන
මට මාවම හොයන්න....
පොළවට ඉහලින්
ඈත පේන ඒ මණ්දාකිනියට
මටත් නොදැනි මට ඕනි
ඇදීලා යන්න...
ඉතිම්
මට ඉගිලෙන්න, මට මාවම දකින්න,
ඝෝෂාව මැද්දෙ උනත් කිසිවක් නොඇසුනාසේ හැසිරෙන්න...
කහ මල් පිපෙන
ඒ හීන් කොළ ඉත්ත තමයි කැබලි කරලා
හීනියට ඔතාගෙන ගහන්න
ඒකට හොදම බෙහෙත...
කෞශික____