චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 214 4 4
සිනාසෙන්න, හඩන්න බැරි නිසා නොව... කදුලටත් වටිනාකමක් අවැසි නිසා... හඩා වැටෙන්න, සිනාසෙන්න බැරි නිසා නොව... සිනාවටත් වටිනාකමක් අවැසි නිසා... නමුදු, සිනාවට කදුලට උකස් කළ ජීවිතය සින්නක්කර නොදෙන්න... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 256 4 6
උවනත පුරා මදහස නංවාලන්න හදවත කොණක ඇවිදින් ඉඩ අරගන්න සදවත පුරාවට එක කවියක් වෙන්න ප්‍රේමය නුඹ හොරෙන් මල් විමනට එන්න... අවසග නොවන හිත ළග සැගවී ඉන්න සීතල ගොම්මනක මගෙ නෙතු සිපගන්න රෑ කොවුලන්ට මද නළ කී රහසින්ම මගෙ දෙසවන් සනහා නෙතු පියවන්න... නිලුපුල් පෙති මානෙල් මල් සරසන්න වලාකුළු විමන් මැද ඇවිදන් යන්න හීන් සීරුවේ ප්‍රේමය පහදන්න සුන්දර කවියක් ව දෑතේ පැටලෙන්න... මන්දාරමට කුඩයක් නැති ගොම්මනක හීන් පොද වැටෙන හිරිකඩ සීතලක හදවත පුරා ගීයක් වී උණුසුමට ආසයි නුඹ එක්ක තව දුර ඇදෙන්නට... ලා හිරු එන තුරා පෙරඹර අහස යට මැදියම් හීනයක දොඩමළු වී ඉන්න දෙසවන් පුරා ඔය සිනහව තවරන්න ආදරණීය නුඹ මා ළඟ නවතින්න... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 272 2 2
දම්පාට දේදුන්න මල් සුවඳ ඉහිරෙන්න වැහි හුළං අරං ආ මතක පොදි බොදවෙන්න... වේදනාවක කටුක රළු ගැහැට හැරයන්න මටත් ආසයි සුළං නුඹ වගේ පාවෙන්න... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 258 5 5
අත්හරින්න සිතා මිටි කරගත් දෑත් අත්හැරි පසුව ඉතුරු වූයේ හිස් දෑතයි... එවිට තවත් බොහෝ දෑ අල්වා ගැනීමට හිස් දෑත් වලට හැකි විය... අත්හැරීම වනාහි අල්ලා ගැනීමක් ද එවිට අත්හැරීමක් නැතිද? අල්ලා ගැනීම පමණමද ජීවිතයේ හැම තැනකම තිබුණේ? මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 270 4 5
හැන්දෑවේ පිණි කැට වලාකුළු අතරෙ හාදු තියනකොට... ගගනතට ළං වෙන්න තරු කුමාරියො හීන දකිනකොට... රෑ පුරාවට මා වවුල්ලු මට නොතේරෙන ගීත ගයනකොට... අහංකාර පුරා හද අද ඇවිත් නෑ අහසට අමාවක... දන්නවද තාම තණ බිමට හිරු එළිය ලස්සනට වැටෙනකොට... සූරියකාන්ත මල් වලට ජීවය පොවනවලු මද සුළඟ... අහස් ගවුවෙන් එහා ඉමක මට හොරෙන් ඉගිල්ලුනු මතක හිත... මේග දූතයක් වෙලා හීන දෙපාමුලටම ගෙනැල්ලද කොහෙද... මැරුණු වැලලූ කතාවක පිටුවෙන් පිටුව ආයෙත් කියවනකොට... නොතේරෙන තැන් පහදන්න ශබ්ද කෝෂයක් අවැසි නැහැ මට... ජීවිතේ තක්සලාවෙන් මම උගත් හැමදේම... මේ තක්සලාවේ හැම ප්‍රශ්න පත්රයකටම උත්තර ලියන්න සෑහේවි මට... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 272 4 5
නේන බව දැනගත්තෙ නෑවිත් ගොඩක් කල් ගතවුණු නිසා...? හංගගෙන ඇස් අස්සේ කදුළු ලෝකෙටම පේන්න මම හිනාවුණා...? මතක පිරුවට ගිනිබත් කළත් එකතු කරපු මතක මහ ගොඩක් තිබුණා...? නෑවිත්ම ගොඩක් කාලයක් ගියාම මමත් ටික ටික තනිකමට හුරු වුණා...? හදිසියෙන්ම ඔබ ආයෙමත් ආවත් මියැදුන හිතට පණ දෙන්න උඹට බෑ...? ඒ නිසා ගිය තැනක නැවතිලා හිටපන්? රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෙ නෑ...? මම, චතූ?✌
චතුරංගි හර්ශිකා 5 years ago 236 3 5
ඇහැළ මහ වැහි කලුව එලා තිරපට හවස ඉදහිටත් බිදෙන් බිද කදුළු වැහි බිඳු හලන... මලානික අහස යට හීතලම හුළං පොද බලා අවසන් මතක නිමා නොකරනු කිමද... බක් මහට මෙහි ආව කොවුලෙක්ගෙ කෑ ගෑම නොනැවතී ඇසෙන්නේ හැර ගොසින් දෝ පියඹ... වැහි බරම අහස් ගැබ පාරනා මතක පොත කොවුල් වැලපුම අතර යළිත් හිත වෙලාගෙන... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 282 3 4
-රචකයා සහ සාරධර්ම- අපි කවි ලියනවා අපි කතා ලියනවා අපි කවි කියවනවා අපි කතා කියවනවා... සමහර අයට වචන තියෙනවා සමහර අයට වචන නෑ සමහර අයට වචන නැතත් රසවින්දන හැකියාව තියෙනවා... ඒ නිසාම අපි ලස්සනයි කියලා හිතෙන ලස්සනයි කියලා දැනෙන ගොඩක් දේවල් ආසාවෙන් කියවනවා... ඒ කියවපු දෙයක් අපි ආසා නිසාම තවත් අයට බලන්න වෙනත් තැනක ලියනවා... ඇත්තමයි ඒක වැරදි නෑ රසවින්දනය හැමෝටම පොදුයි හැබැයි මතක තියාගත යුතු එක දෙයක් තියෙනවා... හැම නිර්මාණයකටම අයිතිකාරයෙක් ඉන්නවා ඔබත් සදාචාරාත්මක රචකයෙක් වෙන්න... ජීවිතේ ලස්සනම දේ කියවීම සහ රසවින්දනය මගෙ දෘෂ්ටියට අනුව මම එහෙම හිතනවා... ඉතින් ඔබේ නොවන දෙයක් සදහන් කරනකොට උපුටා ගැනීමක් බව අමතක නොකර ලියන්න... කුරුටු ගාන්න ඕනිම කෙනෙකුට අයිතියක් තියෙනවා ඇත්තටම... ඉතින් මොනවා කුරුටු ගෑවත් සදාචාරාත්මක පුද්ගලයෙක් වෙන්න අමතක නොකර හිතට ගන්න... මම, චතූ✍
චතුරංගි හර්ශිකා 5 years ago 301 3 4
නොඑන්නම ගියාමත් එනකල් මග බලපු උන්... මතක මැකුනත් පාට තවරපු උන්... කවිකාර හීන රහසින් කදුළු කරපු උන්... දාහක් ප්‍රශ්න මැද හොයලා බලපු උන්... සදහටම ඈත් වුණත් අමතක නොකරපු උන්... මතක පිටු අතරේ ආදරේ කවි කරපු උන්... ඒ තමයි ලෝකෙ ඇත්තටම ආදරේ කරපු උන්... මම, චතූ 2020 ඔක්තොම්බර් මස 27 වැනි දා
චතුරංගි හර්ශිකා 5 years ago 256 4 5
බලාපොරොත්තු පොදි ගහගෙන මේ ගමන යනකොට අතරමග තනි වුනා අපේ සිතුවමේ පැන්සල් ඉරක් උඩ... පැන්සල කඩලා විසිකරාම ඈතට කොහොම අදින්නද අපේ සිතුවම ඉතින් මම... කාලෙකට පස්සේ හුදෙකලා හවසක ඔය අපේ සිතුවමේ ලස්සනම කොටසක... මම ගිලී ඉන්නකොට නොදැනීම හිත යට උපන් අන්තිම කදුලත් වෙන් වුණේ උඹ නමට... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 189 3 4
මම ආදරෙයි කිව්වා තරම් මහ අහසක්... උඹ ආදරෙයි කිව්වා තරම් මහ පොළොවක්... පෘථිවියෙන් වැඩි හරිය වතුරනෙ කොහොමත්... පොළොව තියෙන්නේ පොඩිම පොඩි කොටසක්... උඹ කියලා තියෙන්නේ බොරු නෙවෙයි ඇත්තක්... මමත් ගියේ ආදරේ හොයාගෙන බොරු ගමනක්... මම, චතූ 2020 ඔක්තොම්බර් මස 27 වැනි දා
චතුරංගි හර්ශිකා 5 years ago 251 4 5
හැමෝම කියන ආකාරයට මට පිස්සු ය.?? මම පිස්සෙක් වෙමි...‼ ආත්ම ගරුත්වයක් ඇති යුනික් පිස්සෙක් වෙමි...? ජීවිතේ පැරදුණු දුක කවිකර මා තුළින් මා හොයන සෞන්දර්යවාදී පිස්සෙක් වෙමි...? මට කෑ ගසා කියන්නට කතාවක් ඇත...⏳? ගීතයක් කොට ගයන්නට මට... ගිතාරුවක් නැත...? ජීවිතේ පරාජිත හීන වියෝලයක් සමග ගයන්නට...? මගේ දුක ප්‍රීතිමත් තාලයකට...?? ලෝකයට කියන්නට මට අවැසිව ඇත...? මිය ගිය හීන වේග රිද්මයේ ඉහළ හඩ මැද...?? වචන කොට ගිල්වා හැර එහි දුකට දුම්මල අල්ලා...? පලවා හැරීමට මට අවැසිය...? මට යක් බෙරයක් වත් දියව්...‼️? මම, චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps