චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 280 3 4
මාලතී ලිය ගොමුවේ බොහෝ මල් තිබුණි... අතරින් පතර වැඩුණු බොහෝ ගස් තිබුණි... එකී නොකී මල් අතර පිච්ච මලකටම ළං වෙන්නට... සෙල්ලක්කාර සමනලයාට දෙවියෝ ඉඩ දුන්නේ මන්දැයි නොදනිමි... රෝස කැළේ පුරාවට මේ මාලතී මඩුල්ල පුරාවට... එදා අද පුරාවට වෛවර්ණ මල් පිපුණි... කුමටද නුඹ පිච්ච මලටම ආදරේ කළේ... පුදසුනක මියෙන්නට හීන දුටු දෑස්... ගිනිකණ වට්ටා මල් නටුවෙන් මල සිද... ගස මුලම හැරගිය සමනලයා ගැන... අහිතක් නැතත් දැන් කිසිදු සලඹයෙකු ගැන හෝ... සමනලයෙකු ගැන දැන් හිතක් නැත... ප්‍රේමය මියැදි කල කුමට කවිකම්... හදවත නොමැති ජීවයකට කුමට මල් ලියකම්... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 252 3 4
හැමදේම හරියන 'දවසකටත්...' ජීවිතේ දිනන 'මොහොතකටත්...' බලාපොරොත්තු ඉකි ගහන 'හවසකටත්...' ජීවිතේ ලස්සනම කතාව නුඹ මතක කළඹනවා අද පවා 'මොහොතකටත්...' - චතූ✍
චතුරංගි හර්ශිකා 5 years ago 259 3 4
නොහිතූ මොහොතක මා හැරගිය නුඹ නැවත මට අමතාවි යැයි මම කෙසේ සිතන්නද... කාලයේ වැලි අතර අපේ මතක වළ දැමූ මම දැන් නිරුත්තර ය... නුඹ මා අමතා අසන කුමන හෝ පැනයකට මම කෙසේ නම් පිළිතුරු ඇහිඳින්නද... අපි ගිය මග මම නැවත නැවත තනිව යන කළ නුඹේ මතක මා රිදවූ තරම මම කෙසේ නම් අකුරු කරන්නද... අපි නැවතුණු තැන මම තනිවම වරු ගණන් බලා උන් බව මම කෙසේ නම් කියන්නද... නුඹේ නෙත නොගැටී නුඹ ගිය මංපෙත් පුරා ගිය මගේ සෙවනැල්ල නුඹ දුටුවාදැයි මම කෙසේ විමසන්නද... සදහටම මා වෙන් කළ නුඹට සදහටම මා ප්‍රේම කළ බව මම කෙසේ නම් නුඹට පාපෝච්චාරණය කරන්නද... වේදනාත්මක ප්‍රථම ප්‍රේමය මා මරා දැමූ බව මම ආලයට වෛර කරන බව මම නුඹට කුමට කියන්නද... මම ඇමතුම විසන්ධි කළෙමි මම කෙටි පණිවුඩය මැකුවෙමි කිසිදු පිළිතුරක් නොදී ඉන්නට මම තීරණය කළෙමි... නැවත මටම රිදවා මට මා තුළින් හොයන්නට අමුතු දෙයක් ඉතිරිව නැත දුක ම මිස... මම, චතූ✍ 2020 ඔක්තොම්බර් මස 26 වැනි දා ප.ව.12.19
චතුරංගි හර්ශිකා 5 years ago 277 3 4
කාලීන සමාජයට මා උන්මත්තකයෙකි... මියැදි කවියක කලෙක මමත් මියැසි පදයකි... කාලයේ රුදුරු රකුසා ජීවිතේ සාරය උරා බිව් කලට... දිරා ගිය සිරුර තුළ කිසිවෙකුට නොපෙනී තිබුණේ... ඈ වෙනුවෙන් අනන්ත වාරයක් වැලපුණු... ඈ පොලොවේ ගසා පාගා දැමූ මගේ අසරණ හදවතයි... ප්‍රථම ප්‍රේමය මිහිරි ය වරක් නොව කීප වරක්ම... බොහෝ කවියන් කීවා මතකය එය සැබෑවක්දැයි මට නිශ්චිත නැත... වේදනාව තුළින් ම මම මගේ කදුළු තුළ ඈව දැක ගතිමි... ඈ දැනුදු මා ළග සිටී මගේ හද තුළ හා මනස තුළ... මම වැරහැලි මහල්ලෙකි හදවත පිරිපුන් තරුණයෙකි... ජීවිතේ අවිනිශ්චිත හෝරාවක පණ අදින ප්‍රාණියෙකි... හැබෑවටම මම පරාජිත ප්‍රේම පූජාවකින් පසු සිහි සුන් වූ ඇටකටු ගොඩකි... තව නොබෝ දිනකින් සියල්ල අත්හැර... මම පියාඹා යමි එපිට ලෝකයට... නමුත් සදහටම මම ප්‍රේම කරමි... ඇයට සහ ඇගේ මතකයට... මීට, පරාජිත පෙම්වතා✍ _____________________________________?___ මම, චතූ 2020 ඔක්තොම්බර් මස 26 වැනි දා ප.ව.12.06ට
චතුරංගි හර්ශිකා 5 years ago 243 3 6
ආදරණීය කිටියා තවදුරටත් මගේ භෞතික ලෝකය තුළ මා සමීපයේ ගැටෙන්නේ නැත. නමුත් මගේ මනස තුළ නිරන්තර පෙර පරිදි කෑ ගසයි. හුරතල් පා තබා දුව ඇවිදියි.✍ සියල්ල අවසන් ය. ඒ කතාංගයේත් අවසානයට මා හුදෙකලා වූ බව කිව යුතු ම ය... බලාපොරොත්තු මත ජීවිතේ බොහෝ දුර කදුළු අතරින් වුවද ඇවිද ආවෙමි... සිහින දුටු ප්‍රේම කළ හිතවතා මට අහිමි විය කෙසේ නම් හිත හදාගන්නද... හැම තැනම හිස් ය වෙනදාට පුරුදු කෑ ගෑම ඇසෙන්නේ නැත පාළුව හැම තැනම බදු අරගෙන ය... වසන්තය අවසන් ය මතක පොතේ තවත් පිටුවක් එසේ ලියැවුණි කදුළු මැදින්... මම බලාගත් වන ම සිටිමි මට විඩාවක් දැනේ ලැබෙන සහ ආදරේ කරන සියල්ල නැතිවන සුළු ය... පෘතග්ජන මම එය කෙසේ නම් වටහා ගන්නද මම දුක් වෙමි ආදරණීය කිටියා වෙනුවෙන්... මම, චතූ✍
චතුරංගි හර්ශිකා 5 years ago 249 3 6
මගෙ හිත කෑ ගහනවා...මට මේ දැනෙන හැඟීම මම කාටද කියන්නේ...මම මෙහෙම කුරුටු ගාන්න හිතුවා...✍ බල්ලෙක් බුරාගෙන බුරාගෙන යනවා වෙන සද්දයක් නම් නෑ පරිසරය නිශ්ශබ්දයි බිරුම නැත්නම්...? ඇත්තමයි මම මේ කුරුටු ගාන්නේ මගෙ ආදරණීය පූස් පැටියා ගැන...✍ මම කවදාවත්ම පූසෙක් හදලා තිබුණේ නෑ. පුංචි කාලේ ඉඳලම මම පුදුම ආදරෙයි පූසන්ට. මම පහේ ශිෂ්‍යත්වෙ පාස් උනාම, වෙන වෙන ළමයි ලොකු ලොකු තෑගි ඉල්ලනකොට, මට ඉල්ලන්න තිබුණු ලොකුම තෑග්ග පූසෙක්! මම ඒ ලෙවලුත් ඉවර උනාට පස්සේ තමයි මට මුලින් ම පූසෙක් ලැබුණේ. මටම කියලා ලස්සන ආදරේ පිරුණු පූසෙක්. මට ඒක ඇත්තමයි පුදුමයක්.? මම මගෙ කිටියට මොන තරම් ආදරේද...ඒ ආදරේ ගැන කියන්න මට වචන නැහැ.? කොරෝනා උඹ මගෙන් ඈත් කළේ හුදෙකලා ජීවිතේ මට හිටපු එකම යාළුවාව. එකම ආදරවන්තයාව. එකම දරුවව. අන්තිමට, මම හිත හදාගන්න මටම කියනවා... ආදරෙයි නම් ඒ ආදරේ කරන කෙනාට හොඳක් වෙන දෙයක් කරලා තමන් ගැන හිතලා අඩන්නෙ නැතුව ඒ ආදරේ සතුටින් කොහේ හරි ඉන්නවා කියලා හිතලා ඒ ගැන සතුටු වෙන්න පුළුවන්...මම ඒක කරනවා දැන්! නොදැනිම ඇස් වල කදුළු පිරුණට, මම දන්නවා කිටියා හොදින් සතුටින් ඉන්නවා. මගෙ ළග නූනත්... කොහේහරි ?❤
චතුරංගි හර්ශිකා 5 years ago 253 3 5
'අමල් බිසෝ දොර හැරපන්' ☝️ඇහෙනවද ගිනි දැල්ලක් දොර අසබඩ බලා හිඳී නුඹ එනතුරු පුළුස්සන්න...? අමල් බිසෝ දොර නාරින් නුඹ නොදුටුව බොහෝ නපුරු විසකුරු උන් හරි එමටයි ලෝකය තේරුම් ගත නොහැකියි...? ගෙලට මාල තනන්නට මුතු හොයන්නට දෙමව්පියන් ගොස් ඇත මහ ගන වනය තුළට...? ජීවිතේ පුදුමාකාරය මිනිසුන් විවිධාකාරය පරසතු උයන වනසා හිනාවෙන හොරු බොහෝය...? නා මලක් ළග බඹරෙක් නැවතිලා උන්නා පෙර දාක නා මල මියෙන්නට පෙර බඹරා ආගිය අතක් නැත...? විෂම ලෝකය කතාවකි නුඹ මම තවම නොකියැවූ අමල් බිසෝ ලෝකේ සතුරු සර්පයන් එමට ය...? මම, චතූ✍ 2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා ප.ව.12.12
චතුරංගි හර්ශිකා 5 years ago 256 3 6
__________________________________________ අවසානයේදී එය මෙසේ අහවර වීමට නියමිතව ඇත.? ගායනා කළ හැකිද ලියන්නම් සිතුවිල්ල සරා සඳ මිය ගියත් තාම තරුණයි අහස...? අදුරු ජීවන කුටිය එළිය කළ හිරු මලට පෙම් කරා හැමදාම දෙණියෙ මල් රතු රෝස...? කැලෑ මලකට දෙවෙනි නොවන හිරු මල එක්ක ආදරෙන් බැඳුනාට සොඳුරු පෙති වතුසුද්ද...☀️ වසන්තය මිය යත්දි පර වෙලා ගහ යටම වැටී අවසන් හුස්ම හෙලුවාලු මැදියමක...? අනියතයි ලෝ දහම සිහිනිඟක් මැකී යාය දෙනුවන් වැසී යාය සියල්ල අතැර යා යුතුම ය...? අවනත නැති හිතට ජීවිතේ පාඩමක් වැරදිලාවත් දිනෙක කියා දිය යුතු නොවෙද...? අහිංසක හීනවල හෙලා අවසන් කදුළු අතීතය තුළ එක්ව මැකී වියැලී යා ය...? නිල් දෙනෙත් කැලුම් රැස මලානික වන දාට දෙපා වාරුවක් නැත අනියතයි හැමදේම...? අඩි හයක් යට තැනක දිනෙක මහ පොළොව යට මටත් නිවසක් ලැබේ මේ ගමනෙ අන්තිමට...? මම, චතූ✍ _____________________________??________ 2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා පෙ.ව.09.00
? මම හදවතින් නුඹව බදා අල්වා ගනිත්දී....නුඹ මා දෑතින් අල්වා ගති. දෑතින් ඇල්වූ අත අත්හැරිණි. හදවතින් ඇල්වූ මා තවමත් අල්වා ගත්වනම ය.? __________________________________________ අත් හැරෙන බව දැනත් අල්වා ගතිමි තදින් මතකයිද කිව්වා මං නොයන බව හැරදා ඉතින්... නැවතුමේ හැමදාම හැම උදේකම රැදී මුණ ගැසී දෙඩූ හැටි නුඹට අමතක ඇතී... මම ආසා හැමදේම දෙන්න මුදලක් නැතී නුඹව අසරණ කළේ නෑ මම ඒක නුඹ දන්නවා ඇතී... හමුවීම් අපමණයි ඒ පොඩි කාලයට අපි ළං වුණා මට හරිම පුදුමයි මමත් ඔය නුඹට ඒ හැටි පෙම් කළා... මගේ මතකය ඔබේ හිත මත තිබේ දැයි මම නොදත්තා නුඹෙ මතක නම් මගේ හදවත හැමදාම ගිනිබත් කළා... - චතූ✍ 2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා ප.ව. 04.21
චතුරංගි හර්ශිකා 5 years ago 239 3 4
_________ආදරයයි සොඳුරු හිතයි__________ කුරුල්ලන්ට කවි කියන්න හිරුට සදුට ගී ලියන්න හිතේ කොණක නිදන් කරපු ආදරයයි සොඳුරු හිතයි...? මලක මෙලෙක සුව විඳින්න ඒ සුවඳට තුරුලු වෙන්න ලොවටම රස කවි කියන්න තිබුණු එකම ආදරයයි සොඳුරු හිතයි...❤ මටත් හොරෙන් නුඹ ගෙනගිය යළි කිසිදින ගෙනත් නොදුන් මට තිබු එක වස්තුව ඒ ආදරයයි සොඳුරු හිතයි...?? මට මා අහිමිව ගිය දා නෙතග කෙලවරේ කදුලක් නතර වෙලා සෙව්වේ ඒ ආදරයයි සොඳුරු හිතයි...? මම, චතූ✍ 2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා ප.ව.11.38
චතුරංගි හර්ශිකා 5 years ago 310 3 6
? අසම්පූර්ණ සිතුවිලි ⏯️ මද්දහන ඉර මලට කවුදෝ කෙනෙක් ගිනි තියලා !! පුර හඳ පායනකොට කෑගහන පිස්සෙක් මහ දවාලෙ පාර දිගේ දුවනවා... මිනිස්සු බය වෙලා සී සීකඩ දුවනවා...? වාහනයක් වේගෙන් ඇවිත් මනුස්සයෙක්ව යට කරගෙන යනවා... "කවුද යට වුණේ ! කෝ බලාපල්ලා... කවුද ඒ යටවුණේ...⁉️" "පිස්සෙක්..." "මොකෙක් ?" "පිස්සෙක් බං පිස්සෙක්." "ආ...ඒක මිසක්" පිස්සාගේ මලකුණ නම නොදන්නා සොහොනක වල දමන ලදී. පෙට්ටියක් නැතිවම... *** මේ අහපල්ලා? "ඒ පිස්සා මැරුණෙ නෑ"? "මේ ලබ් ඩබ් ගාලා ගැහෙන්නෙ ඌ මැරිලා නෑ..."? "උඹලා යටකරේ උගෙ මතක..." "ඌ ජීවත් වෙනවා"↩️? *** මම, චතූ✍️ 2020 ඔක්තොම්බර් මස 25 වැනි දා ඉරිදා ප.ව.02 .47 ට
චතුරංගි හර්ශිකා 5 years ago 263 3 4
??...මලක සිතුවිලි...?? අවසග නැති හීන මොනවට කවි කරනවද ජීවිතේ නැවතුම්වල මොනවට බලා ඉන්නවද...? මම තනි මලක් මේ ඉත්තෙ එකම මල මම දෙබරෙක් ළග මොනවට හිස නමනවද...? සමනලයන්ට පවා අහංකාරකම් පෙන්නන්න මලකට කොහෙද තහනම් තනි අත්තක පිපුණාම...?? දිනෙක පරවෙන බව ඇත්ත ඒත් මලටත් කතාවක් ඇත ඒ නිසා මම මනාපයි පුදසුනක මැලවී මියෙන්නට...? මම, චතූ ?❤ 2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා පෙ.ව.11.00
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps