චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 260 3 4
?-සිතුවිල්ලක්-? එකම හීනයක් වෙනුවෙන් දවල් රෑ නැතිව අපි වෙහෙසුණා ලස්සනම කඩ ඉමක අවසානයක් නොදැන අපි තනිවුණා? කොරෝනා නුඹ ජීවිතේ එක තැනක හිර කළා හිතන හිතෙන සිතුවිලි පවා ගොළු වෙලා නැවතුණා? ගගන සිසාරා ඉගිල ගිය අත්තටු යදමින් බැදි ලෙස කාලයේ සරදමට නතුව මගේ ආත්මය අසරණව ඇත? තවත් ජීවත් වන්නට අවුරුදු සීයක් නැත කළ යුතු දෑ එමටයි එයින් අඩක්වත් තවම අහවර නැත? කාලය ඊයක වේගයෙන් ජීවිතය හරහා යාවි පෘතග්ජන නිසාම අපි හීන හොයාගෙන ඇදේවි? ඒ නිසා ජීවිතේ කරන්නට බොහෝ වැඩ තිබේවි එබැවින් කොරෝනා නුඹ නිසා කාලය අපතේ යාවි?? මම, චතූ✍ 2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා පෙ.ව.10.00
චතුරංගි හර්ශිකා 5 years ago 237 3 4
මහ පොළොව අහසට ප්‍රේම කර ඇත. පොල්කිච්චෙක් එය මට පැවසුවේ අද හැන්දෑවේ ය.❤ ?ආදරණීය මහ පොළොව, වලාකුළු වියන යට අවසාන කවිය කිම ජීවිතේ හැමදාම කවියක් තමා පොළොව...?? ගගන සිප ගන්න ඔය සිහින මැව්වත් දිනෙක කදුළු පමණයි උරුම අවසානයේ නුඹට...? පොළොව මත ගැටි ගැටී පොළොව සිපගත් ගගට ආදරේ කරන්නට පොළොව නොහිතුවෙ මන්ද...? උරුම කළ හිමිකමට ගතු කියන්නට වරම් පොල් කිච්චෝ නුඹට මට තව උරුම නැහැ නේද...? මලානික හිත් මලට සදාතන සුවද පොද පුදා හිනැහෙන්න නුඹ රිදී දිය රැලි එක්ක...? බලා උන් හැමදේම අහිමි නම් හැමදාම ලැබෙන දේවල් එක්ක හිනාවෙමු හැමදාම...? මහ පොළොව ඔය නුඹට ඔවා දුන්නත් මෙලෙස මමත් ඔහොමයි ඉතින් හිතෙන් තැවෙනවා බොහොම...? කොහොමත් අපේ හීන කවදාක හෝ දිනෙක හැබෑ වෙන තුරා අපි සොයා යමු අනන්තය...? මම, චතූ?❤ -_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_- 2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා ප.ව.02.00
චතුරංගි හර්ශිකා 5 years ago 308 3 6
-සිත්තරා සහ සමාජය- සිතුවිලි සිතුවම් කළාම ආදරණීය හිත්වල උන්මත්තක අදහස් ලෝකයක් ළග තනි වෙනවා... සම්ප්‍රදාය වෙනස් කරපු වැන්ගෝ පවා උන්මත්තක ලේබලයක් අලවගෙන මියෙනවා... දන්නවද තරු පිරි රැය අදටත් පුදුම වටිනාකමකින් අගනා සිතුවමක් ලෙස ඇගයෙනවා... හිතේ ශෝකය සිත්තරා පාට ඇතුළෙ මොනවට බොද කරලා සායමෙන් කතාවක් ලියලා තියෙනවා... ඉරිඟු යාය උඩින් ඉගිලෙන කපුටෝ සිතුවම් කරපු යායම අවසන් ගමන තීරණය කරනවා... ආදරණීය මිනිසා වින්සන් වැන්ගෝ හිසට වෙඩි තියාගෙන එහිම මියෙනවා... කාලෙන් කාලෙට සිත්තරා උන්මත්තකයෙක් මිනිස්සු එකිනෙකාට නිරන්තර කියනවා... අධි සංවේදී හදවත් ඇත්තටම සාමාන්‍ය ලෝකෙට උන්මත්තක වෙනවා... දන්නවද තරු පිරි රැය දිනෙන් දිනම කාලීන ලොව තුළ ප්‍රතිනිර්මාණය වෙනවා... එලොව ඉදන් නුඹ බලා ඉන්නවනම් ඇත්තමයි වැන්ගෝ උඹට ගොඩක් උන් දැන් ප්‍රේම කරනවා... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 243 3 4
විපුල නීල නෙතගට කවි ලියන්නට... කොමළ ලියේ මට බෑ යළි හඩන්නට... ප්‍රේමය මුලාවක් බව යළි කියන්නට... නොසිතනු හිතවතිය හිත ගිනි තියන්නට... ජීවය පොවන මහ ගස් යට ගොම්මනට... දෙවි දේවතාවුන් සිටිනා වන ගැබට... පුද පූජා කරන ගැමියන් අහිංසක... රවටන්නට හිතක් නෑ නුඹ නොවෙන් සැක... ප්‍රේමය සැබෑවක් බව අමතක නොකරන්න... පබාවතී නුඹ මා හැර නොම යන්න... මේ ගම්මානයේ හැම තැන බබලන්න... මම දුටු එකම හේතුව ඒ නුඹ වැන්න... කලා කරුවො උපමා කළ පුර හඳට... නුඹේ මුහුණ සැබෑවටම ගැළපේ ය... සෙනෙහස් විමනෙ මදු මල වී පුබුදින්න... ඔය හිතවත් හිත මට දෙනවද ඔන්න... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 265 3 7
තාත්තා මිය ගොස් ය. තාත්තාගේ මියගිය හදවත පුතාට අමතයි. __________________________________________ ආදරණීය පුතේ, නුඹේ කරපිට මාව අවසන් ගමන් ගෙනියන ගොම්මනේ නිරන්තර හිත ළගින් උන් පෙම මකා හිනැහෙනු මැදියමේ... ගැහැට දුක් විඳ වේදනාවට සමුදෙන්න මම යන දිනේ අම්මටත් උඹ ගිහින් කියපන් ජීවිතේ ගැන මගෙ පුතේ... ජීවිතේ හරි පුදුම කවියක් නුඹත් තව දන්නෑ පුතේ තනිකමක් නෑ මාව තනිකර හනික පලයන් මේ බිමේ... මගේ දෝතට නුඹව අරගෙන නැලෙව්වා පොඩි සන්දියේ තාම නෙතගට කදුළු උනනවා ආදරෙයි මම මගෙ පුතේ... වසන්තය අහවරයි කීවත් සින්දු කියනා කොවුලනේ හිස් අතින් ආ අපි හැමෝටම යන්න වෙනවා මේ වගේ... අඩි හයක් යට මාව වාගෙම මගේ මතකෙත් වළලලා අනාගතයට මුහුණ දීපන් අම්මටත් හයියක් වෙලා... එහා ලෝකේ ඇත්තො ඉන්නවා එනතුරා මග බල බලා පමා වෙන්නට බැහැ ඉතින් තව මමත් යන්නම් වෙන්වෙලා... මීට, ආදරණීය තාත්තා __________________________________________ මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 229 2 2
ඒ වසන්තය හරි කෝඩුකාරයි පරෙවි හදවත නම් කවිකාරයි නෙතග කැල්ම හැබෑවටම අහංකාරයි ඇත්තටම ඒ හිනාව හිතුවක්කාරයි... දෑත ගෙන ගිය මග අලංකාරයි පාළු දුම්රිය පොළ තාම අන්ධකාරයි ගෙවෙන සීතල මැදියම හීන පාරයි පරෙවි ආදරේ නුඹ නම් සෙල්ලක්කාරයි... මම, චතූ _________________________________?______
චතුරංගි හර්ශිකා 5 years ago 323 3 9
මේ රාත්‍රිය නිහඩ හීනවලට පාට පුරවන්න මග බලනවා...? දන්නවද ජීවිතේ ලස්සනම කතා නුඹ වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා...? හෙට ගැන තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවි ඉතින් හිත කියනවා...?? තවත් රැයක දවසේ අවසන් කවිය මම මෙහෙම කුරුටු ගානවා...? මම අද දවස දැකලා තියෙනවා මට හෙටට මුහුණ දෙන්න හයිය තියෙනවා...? ජීවිතේ කියන්නේ කවියක් නම් තවත් එක පිටුවක් මම මෙහෙම ඉවර කරනවා...✍️ දන්නවද මිතුරි නුඹයි මමයි එනතුරු හෙට දවස බලා ඉන්නවා...?? මම, චතූ?❤
චතුරංගි හර්ශිකා 5 years ago 289 2 6
ඉබ්බයි හාවයි තරගෙට දිව්ව කතාව මතකද...??සත්තු හැමෝම කිව්වේ මෝඩ හාවා ලොකු කමට නිදාගෙන ඉදලා පැරදුනා කියලනේ... කවුරුත් ඇහුවෙ නෑ හාවගෙ කතාව...? දන්නවද... හාවටත් කියන්න දෙයක් තියෙනවලු... මේ බලන්න ...?? ⬜ ?⬜?⬜?⬜?⬜?⬜?⬜ හැමෝම මේ කතාවේ මටම දොස් 'කීවා'...?? මම මෝඩ ඌරෙක් ඉබ්බා උනත් 'කීවා'...? මගදි ගහ දැක්කා නින්ද ඌ වෙත 'ආවා'...? අනේ ලොකුකම හින්දා පැරදුනා ඔය 'ඌරා'... ඔන්න ඔය ලෙස කියමින් සත්තු මට දොස් 'කීවා'...? අර බුද්ධිමත් ඉබ්බා හරි හෙමි හෙමින් 'ආවා'... අනේ උඹ මෝඩ කාවා නිදා වැටිලා 'නෑවා'...? ඔක්කොම ඔහොම කීවා මටම බැන බැන 'කෑවා'... කවුරුත් නොදත් ඇත්තක් මගෙ හිතේ මුර 'ගෑවා'... අහන්නට ඔය කවුරුත් කැමැත්තක් නැති 'වූවා'...? ඒ නිසා නොකියා මං තනිව දුක් ගී 'කීවා'... දන්නවද තරගේ දා මං බතල අලයක් 'කෑවා'...? ඒකෙ අවුලක් හින්දා බඩ පෙරලිලා 'ආවා'... තරගෙ මැද්දෙම ලන්දේ පණ නැතුව මම 'උන්නා'... මටත් නොදැනී නින්දෙන් මගේ ඇස් බර 'වූවා'...?? ලෙඩින් වැටිලා හින්දා නිදා වැටිලා 'උන්නා'... වේදනාවත් විදලා ලෝකෙන් බැනුම් 'ඇහුවා'...? ලෝකයා හිනැහෙද්දී දරා උන් මම අහිංසක 'හාවා'...?? මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 255 2 2
දෙවැට දිග තාරුකා මල් තාම පිපෙනවා කහ කුරුල්ලෝ තවම දෙණිය ළග ඉන්නවා... හවහාට වහින මල් වැහි තාම වහිනවා ගග අයිනෙ සුදු කොක්කු තාම සිල් ගන්නවා... කුඹුක් ගහ යට බෙනේ තාම මෙහි තියෙනවා ගම්මු හවහට ඇවිත් වන්දනා කරනවා... අවාරේ ගෙඩි හැදෙන කොස් ගහත් තියෙනවා වවුලො හැමදාම විත් පොර කකා ලගිනවා... ගං ඉමේ හැම තැනම අතීතය තියෙනවා එකම එක අඩුවකට මුළු හිතම තැවෙනවා... හැමදේම පෙර වගේ තාම මෙහි තියෙනවා නුඹ විතරමයි අඩුව මම තනිව ඉන්නවා... හැමදාම නුඹ සොයා මගේ හිත දුවනවා නුඹව දැකගනු රිසින් තාම මග බලනවා... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 268 2 2
පැතුම් මල් මිටියක් සිතුම් පියවිලි ගොන්නක් මේ හැන්දෑව කවිකාර හෝරාවක් ගගන නොකියන කවියක් හැගුම් අතරේ මැවුනත් පුදන්නට පුදසුන මත වෙන්න ආසයි කුසුමක් වලාකුළු කවි කිව්වත් පුර පෝය හඳ නිවුනත් දන්නවද එක කවියක් හිතම නිවනවා තාමත් මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 234 2 5
ආදරණීය කලාවට හිතෙන් ගතෙන් දෙකෙන්ම බැදෙන්න ජීවිතේ අපිට හුරු කළා නොනැගිටින්නම වැටුණත් පැන්සලට පින්සලට සුබ ගමන් කියලා සමුගන්න බැරි වුණා අපිට හොරෙන්ම අපේම හිත් සායම් ඇතුලෙ හීන හෙව්වා දිගට හරහට ගැහැට ආවත් උන්මත්තක හීනවල අපි අපිම ගිලුණා සිත්තරා පිස්සෙක් එකෙක් කියනකොට සිත්තරා හිගන්නෙක් තවකෙක් කිව්වා ලෝකෙටම රහසින් තමන්ගෙ සිතුවිලි හිස් කොල පුරාවට සිත්තරු මැව්වා ලෝකෙ මොනවා කිව්වත් සිත්තරා හැබෑවටම සංවේදී ප්‍රාණියෙක් අපි අපිටම කිව්වා මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 381 3 4
අන්තර්ජාලයේ සැරිසරන මොහොතක නෙත ගැටුණු ලස්සනම කවි පෙලක් මෙසේ සටහන් කර තබමි. කවියට ආදරේ කරන සැමට රස විඳිනු වස්... මෙහි රචකයා ඉලක්ෂ ජයවර්ධන නම් වේ. අහසකට ලස්සනම ගෑවමයි දම් පාට... හදත් අයිනෙන් අදිමු එය නැතිව බැහැ රෑට... දුවේ නුඹ දන්නවද දුරයි හද හාවාට... ඒ නිසා අදින්නට ඕනි නැහැ ආවාට... චිත්‍රයට නගද්දී එක ළගින් ඇන්දාට.... අහස සයුරට දුරයි බර වැඩියි මගෙ දූට... ගගනතේ මායිමේ නුඹ ඇදපු වවුලාට... ළගින් තවකෙක් අදිමු තනිය හොඳ නෑ ඌට... ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය සංකාව... දැන් හරිම ලස්සනයි වෙරළ ළග හැන්දෑව... චිත්‍රයේ නොඇද ඉමු දුවේ අපි දෙන්නාව... එහෙම වුණොතින් ළමයි සොයයි නුඹෙ අම්මාව...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps