චතුරංගි හර්ශිකා
5 years ago
387
6
13
නොමියෙන පෙමක්
පන්හිඳ තුඩගින් පත් ඉරුවක කුරුටු නොගෑවට...
මගෙ දෑගිලි තුඩු නිල් තීන්ත නොගෑවුණාට...
සයිබර් අවකාශයේ ආදරණීය ලස්සන තැනක...
ඇගිලි තුඩගින් කවියක් ලියන්නෙ හරි ආදරෙන් මම...
විරහ ගීයක් ඉතිරි කර නුඹ ඈතට ගියාම...
හරි ශීතලක් දැනුණා ග්රීස්මයේ පවා ඔය...
හරි ළෙංගතුකමෙන් හිත් කොණක තියාගෙන උන්න...
අපෙ ආදර කවියෙ අවසානය දුටුවා මම...
ඉස්සර නිතර හිත් අහසෙන් කදුළු වැහි වැටුණට...
පින්සල් තුඩගින් හිස් කොල පුරා රටා මැවෙනකොට...
භාවනාවක් වගේ ආදරණීය ඒ කලාවට...
නුඹටත් වඩා පෙම් කරන්නට ඉගෙන ගත්තා මම...
මම,
චතූ