චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 6 years ago 268 2 2
නොනිමි සිතුවිලි මහද විමනේ නිරන්තර අරගල කලා... උඹම ඉල්ලා හඩන හින්දම මට මම ම තරවටු කලා.. මගේ ජීවිත සිතුවමේ මට මග හැරුණු තැන් ගලපලා... අහිමි වීමත් කලාවක් යැයි මම මටම අද පැවසුවා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 261 4 6
මගේ පන්හිඳ පත් ඉරුව ළග සෙනෙහසින් දොඩමළු වෙලා... කදුල සැනසුම අකුරු අතරේ තැවරුවා හීනෙන් පවා... මගේ ගොළු හිත ලොවට නොකියන වචන දහසක් සගවලා... කවි කතාවක ගැගුම් ගවසා වචන අතරේ ගුලි කළා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 347 3 7
අවතැන් ගිලන් හිතම යළි යළිත් පාරන්න මතකයේ සැඩ සුළං එපා අරගෙන එන්න... මහ වැස්ස ගන අඳුර තනි කෙරූ සද අහස හුදෙකලා සැන්දෑව මං බයයි උඹලාට... මැරුණු මතකය තුළින් එපා යළි නැගිටින්න එපා ආයෙත් ඇවිත් මගෙ හැගුම් පාරන්න... පාඩුවේ මට ඉන්න දී ඈතකට යන්න පාළු ගනදුර ගේන වැස්ස යළි නොවසින්න... ප්‍රේමයේ වසත් කවි නෙත් ළගම ලියවෙන්න වසන්තේ පෙම් පුවත් එපා මට පෙන්නන්න... මට නොහැක ලතැවෙන්න රිදුණු හිත හඩවන්න දෛවයේ නාමයෙන් එපා මට වදදෙන්න... මලවි හී සර විදින පෙම් කතා දොඩවන්න එපා මගෙ දෑස් ඉම ඒ පුවත් මුමුණන්න... උන් දන්නෙවත් නොමැති මගෙ කැඩුණු බිදුණු හිත උන්ගෙ පෙම් වදන් ළග දවා හළු වෙනා වග... උන් නගන පෙම් කතා එපා මට දැකගන්න උන් දකින නිල් අහස දවයි මා මතක හිත... එපා මතකය අගට කදුළු අරගෙන එන්න එපා මට ආයෙමත් පෙම්වතුන් පෙන්වන්න... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 247 3 1
හැම ගීතයකම හැම රාගයකම මම ගැයුවෙ නිතර නුඹ ගැන... හැම ස්වරයකම හැම මාත්‍රාවකම මට ඇහුනෙ නිතර නුඹවම... හැම මොහොතකදිම හැම හීනෙකදි ම මගෙ මනස හෙව්වෙ නුඹවම... හැම භවයකදිම හැම ඉසිඹුවකම මට ඕනි වෙලා නුඹවම... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 243 3 0
හිතම නිවනා හීනයක් ඔබ... නෙතම පිනවන පුදුමයක් ඔබ... සවන සනසන අරුමයක් ඔබ... සංගීතය නුඹට, මගේ හිත පෙම් බදී... මගෙ සවන් උමතු වේ... මගේ නෙත් විල තෙමේ... මගෙ ආත්මය පුරා, නුඹ පිරී මම නිවේ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 293 3 6
මගෙ ළමා විය ගාව හිත ළගම තනි මැකුව කතා පොත් ගොඩක් ඇත අද තෙක්ම මං ගාව... ලෝරා ගේ ජීවිතේ හරි පුදුම සිහිවටන හීන අස්සේ පවා මට දැනුණි හැම රෑම... කදුකරයෙ හරි සොඳුරු පුංචි ගෙදරට ආව හෙයිඩිගේ දගකාර සිනහ මල් කවිකාර... සීය සහ ඇය ගාව මගෙ හිතත් සද රෑක නැවතුණා හරි පෙමින් පුංචි ගේ පැල ගාව... පොලියානගේ පුදුම සෙල්ලමට වහ වැටුණ මගෙ මනස දැන් වුනත් සතුටු වෙයි ඒ ගැනම... සත් සුමිතුරන් ගාව මට ඉඩක් නැතුවාට හොරු සොයා යන්න නම් මං මනාපයි තාම... මැටිල්ඩාගෙන් පුදුම පොත් ඉල්ලගෙන එන්න ඇය වගේ පොත් ගොඩක් මටත් හැකි කියවන්න... බේකර් වීදියේ රැයක හෝම්ස් ගේ පුදුම තැනට මටත් හැකිනම් යන්න ටැක්සියක මේ දැන්ම... ඇලිස් එක්කල පුදුම විස්ම ලන්තෙට යන්න මමත් මග බලනවා දැන් වුනත් හැමදාම... හොග්වාට්ස් වලින් මටත් ලියුමක් එන්න බැරිකමක් නෑ කියා මට හිතෙනවා තාම... මැජික් කෝටුව අරන් හැරී පොටර් එක්ක ඒ පාසලේ මිහිර විදිනවා ගිය දාට... හත්පෙති මලට අරුම මගෙ හිතම බැදි තරම ෂේන්යා වුණත් එය නොදන්නව ඇති තාම... මටත් ආසයි අරුම පොත් තුළින් ඇතුළටම ඒ වචන තුළ කිමිද විදින්නට හැමදාම... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 313 4 1
ඔන්න ඉතිං මම නිසදැසක් ලියාගෙන යනව, එක දිගට, වචන ගලාගෙන එනව... එක පාරටම, එක වචනයක් මගෙ හිතට එනව, මගෙ පෑන, ඒ වචනෙ පිටුවෙ ලියනව... එතනිං එහාට, මොනව කරලවත්, වෙන වචනයක් නං, ගලපගන්න ම බැරි වෙනව... ඒ වගේ මාර්ග බාධක, පුදුම වචන, හැම කෙනෙක්ටම වගේ, නිසැකවම මුණ ගැහිල තියෙනව... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 254 5 0
හැමදාම තෙලි තුඩග හුරු පුරුදු කැන්වසය මොහොතකට ඉවත ලා ගත් බාල කොලය මත... රාධාට ක්‍රිෂ්ණා ව ප්‍රේමයේ නාමයෙන් ආදරේ දෙවොල තුළ මුණ ගැස්සුවෙමි හවස... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 272 3 4
මට අහස විනිවිද ඉගිලෙන්න හැකි නම්... මට සයුර කිමිදී සැගවෙන්න හැකි නම්... සොයා යන මග මට රිදුණු තැන් හැරයන්න හැකි නම්... වැස්ස වී මිහිකත දවාලන ඉර නිවනු හැකි නම්... ඉමක් නැති මේ විශ්වයේ එක සදක් විය හැකිනම්... කාලයෙන් පෙර දා තුළට ගොස් රැදෙන්නට හැකි නම්... මට මගහැරුණු අය මුණ ගැහෙන තැන රැදෙන්නට ඇත්නම්... දෛවයේ සරදම් හිනාවෙන් ගැලවෙන්න හැකි නම්... මට කාලයට පිටුපා ජීවිතේ විදින්නට ඇත්නම්... මට ළමා ලෝකේ හිතේ නිදහස අරගන්න ඇත්නම්... මේ සිත් තැවුල් හැරදා ගගනතේ දුර යන්න ඇත්නම්... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 273 4 4
ඉදහිට අපි ඇන්ද සිතුවම් හරි සොදුරුයි හමුවුණු තැන් පුරා මතකය හරි සුවදයි අපි ගැන අදින පැන්සල් ඉරි වුව මිහිරියි එනමුත් නුඹ සෙවූ සායම් මිල අධිකයි සොඳුරු ම තැන්වලයි රැදුනේ මතක පොදි උඹ ළග ගෙවෙන මොහොතත් මට පැයක් වුණි උඹ ඇති මගේ හිත පතුලේ තදට ඇදී ඒකයි තවම මතකය මට මකනු බැරි උඹ නම් හරි සොඳුරු දේදුනු පාට හොයා මගෙ රුව උඹේ හද මත ඇදි බව කිව්වා එනමුත් මම මගේ හද කොළපත පිසදා එ් මත අඟුරු කැටයෙන් උඹෙ රුව ඇන්දා නුඹගෙන් විමසන්න පැනයක් ඇති හැම දා අඟුරෙන් ඇදි මතක මැකුමට මට බැරි දා මිල වැඩි සායමෙන් ඇදි මගෙ රුව මකලා වෙන සිතුවමක් ඇන්දේ කොහොමද කියලා - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 288 3 2
වැන්ගෝ ගෙ තරු පිරුණු රෑ සිතුවමේ අදුරු සුළි වගේ වලාකුළු හිත කියන කවියක් ලු... ගන රැයක රැළි ගැහුණු ඉහල අහසේ නැගුණු සද සුළිය ගිලගන්න හැදුවා ලු වලාකුළු... හිතේ කැළඹීම මැද පීඩාව ගලනව ලු සිත්තරා හදවතම සිතුවමේ ඇන්දා ලු... කෙටි බුරුසු පාරවල් කැන්වසය පාරයි ලු තරු පිරුණු රෑ අහස හිත රිදෙන අවුලක් ලු... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 297 4 2
දින පොතක් ලියන්නට කලක් ඉහතදි මමත් මුල් ගලක් හෙම තබා හරි ජයට සැරසුණා... දින එකින් එක ගෙවී මගෙ පොතේ පිටු පුරා කවි කතා වදන් වැල් සිය ගණන් ලියැවුණා... දින පොතෙන් බාගයක් ඉවර වූ මොහොතකදී ලියූ සටහන් නැවත කියවන්න මම ගියා... හැම පිටුවක ම නුඹත් නුඹෙ අදුරු මතකයත් බොද අකුරු ගොඩක් මැද දින පොතෙන් හමුවුණා... අන්තිමේදී මමත් දින පොතක් නොලියා ම ඒ පෙගුණු කදුළු පොත උඹ නමින් නම් කළා... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps