39 Total Nisadas Found


තූර්යා ඉඳුවරී Nisadas Count (39)





තූර්යා ඉඳුවරී 6 years ago 458 7 13

Nisadas Image

වසන්තය අත ළඟ....

මග හැරුන පෙම් වසන්තය ළඟ,
ගුලි ගැහුන හිත සුසුම් ලද්දී.....
දුකක් නෑ වගෙ කදුළු දුන්නේ,
නුඹ තමයි මගෙ නෙතු දැවෙද්දී....
කීරි ගැහෙනා පපුව අස්සට,
මුසා බස් චෝදනා දෙද්දී....
මගේ තනියට ළගින් වුන්නේ,
කඳුළු පමණයි මං හඩද්දී....

දරා ඉන්නට බැරිව පෙම් නෙත,
අහක බලනව මං දකිද්දී....
ස්නේහයේ මැවු හීන මාළිග,
දෙපාමුල මගෙ බිඳ වැටෙද්දී....
නුඹත් නැතිදා අහිංසක හිත,
නිසල පෙම ළඟ විඩා වෙද්දී....
කොහොම ඉන්නද සුවඳෙ දැවටී,
තුරුල මට හිමි නෑ කියද්දී....

දුරින් වුන්නට සසර හුරුවට,
නුඹේ සුවඳම මං හොයද්දී...
බලන් වුන්නා දෙනෙත් රිදවන්,
අනේ නුඹ යලි එයි සිතෙද්දී....
තුරු මුදුන් පර කුසුම් හැරදා,
වසන්තය ළග සිනාසෙද්දී.....
ආයෙමත් හද සෙනේ පිරුණා,
නුඹ ඇවිත් පෙම් හුස්ම දෙද්දී....

සිනාසී පෙර ළඟින් උන් දා,
ආයෙමත් හිත සිහි කරද්දී....
හිතත් හෙමිහිට කෝල කෙරුවේ,
කීව පෙම් පද මතක් වෙද්දී....
තොදොල් වී ඔය තුරුලෙ දැවටී,
සංසාර සෙනෙහස විඳිද්දී.....
සඳක් වාගෙයි නුඹත් පායපු,
අඳුරු හිත් අහසක් අඩද්දී....

හීන පෙම් බැඳි හදේ ඉපදුන,
එකින් එක යලි උදාවෙද්දී....
හුස්ම යන තෙක් නුඹෙම වෙන්නම්,
ඇස් අස්සේ අපි අපෙම වෙද්දී.........❤

❤️❤️තරූ සමනළී❤️❤️

තූර්යා ඉඳුවරී 6 years ago 371 5 5

Nisadas Image

❤️❤️❤️❤️❤️

සඳ අහසෙ දිළිසුණත්
එහි සිහිල විඳගන්න...
තරු කැකුළු එනවාලු
ඒ වටේ ඇවිදින්න...
දුරින් සිටියාට නුඹ
පෙම් සිසිල විඳගන්න....
වැට කඩොලු බිඳ දමා
මටත් හිතෙනවා එන්න...

ආකහේ නිල් පැහැය
ඔය වතේ තවරන්න....
අත පොවන මානයේ
සෙනෙහෙ සුව පතුරන්න...
හුස්ම නවතින තුරුම
ඔය තුරුලෙ සැතපෙන්න...
ඉගිලෙන්න හිතෙනවා
නුඹෙ සෙවණෙ නවතින්න...

නිදි නැතිව ඉකිගසන
තනිකමට සමු දෙන්න...
උදා සඳ මඬල සේ
සිත් අහසේ පායන්න...
මියෙන තුරු ඔබෙම වී
හද සුවඳ විඳ ගන්න...
සඳවතිය වී හිඳිමි
තරු කැකුළු අමුණන්න......

හද ගැහෙන තුරාවට
ඔබෙම වී ළඟ ඉන්න....
සවන් යුග කිති කවා
පෙම් ගීත මුමුණන්න...
හාදු වැහි වස්සවා
කොපුල් තල සෝදන්න....
මඟ බලා හිඳිමි මං
තවත් බෑ ඉවසන්න...

?️තරූ සමනළී?️

තූර්යා ඉඳුවරී 6 years ago 521 6 5

Nisadas Image

පිවිතුරු ආදරය

පාට සේදී යන්න තැතනූ
මා ගෙවූ ඒ ජීවිතේ...
සොඳුරු කෙරුමට පැමිණියා නුඹ
රැගෙන පිවිතුරු ආදරේ....

හුස්ම ගන්නට මතක් කර දුන්
සුවඳ නුඹ විය මා හදේ...
නුඹෙන් තොර වූ හෙටක් කුමටද
"සිහින" නුඹ මගෙ ජීවිතේ...

රැයේ විකසිත සියලු මල් පෙති
යලිත් විගසින් හකුලුවා
ලොවට රහසින් පැමිණියා නුඹ
මේඝ සළුවෙන් සඳ වසා...

ගං දියේ සඳ බිඹුව දුටුවම
මගේ මුහුණට එබී බලලා...
බදාගෙන මා සිම්බ හැටි මට
තවම මතකයි සිත් පුරා...

නුරා හැඟුමන් පිරුණු නෙත් දෙක
වසා ඉඟි කළ යුගල යහනේ...
එදා වාගෙම හෙටත් මාහට
ඉන්න ආසයි උණුහුමේ...

සෙවණැල්ල සේ ළඟින් රැඳුණත්
සිල් බින්දේ නෑ අවේලාවේ
සිතේ සතුටින් හුස්ම ගන්නට
නුඹයි මා හට කියා දුන්නේ...

දෙනෙත දිවයන සෑම තැනකම
නුඹේ රුවමයි මැවී පෙණුනේ...
සත්තමයි මට දිවිය ගෙවුමට
නුඹයි ජීවන හුස්ම පිදුවේ...

??තරූ සමනළී??







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps