Naween Perera Nisadas Count (38)
Naween Perera 5 years ago 286 6 7
හරි හදිස්සියට මුණගැසුනු හිතට හිතන්නවත් කල් නැතිවුනු ඒත් හිත අරන් සැගවුනු මොනවා උනාදැයි නොහැගුනු හැගුමක් හිතේ තදවුනු බලා හිදිනු හැර නොවුනු නොඑනු දැනුනාද සැනසුනු මතක වලම හිත පිරවුනු වෙයි හිතක් හැමදාම තනිවුනු ~නවියා~
Naween Perera 5 years ago 503 5 6
නැතිම දේ හැම වෙලේම ඕනාවට වඩා ඕනා උනාම දැනෙන දේ කියන්න සවනක් නැති උනාම හිතට එන්නෙම හැම වෙලාවෙම තද කරගන්න ඇගිලිතුඩ සිදුරක් හිසේ ඇතිවෙන්න පුදුමෙකට වගෙ එවෙලාවටම නැතිම දේ ඇවිදින් බලන් ඉන්න ඉවසීම ඇත්තෙ අගිස්සට... ~නවියා~
Naween Perera 5 years ago 293 4 13
හිතුවාම නවාතැනක ලැගුම් ගන්න ලැබුනේ නුබේ තානායමේ ඉන්න වත්කම නැති උනාම එහි ඉන්න මට උනේම පස්සෙ දොරෙන් යන්න තව එකෙකුට දොරගුලු ලාගන්න පෙර මට ඇති අඩුව පවසන්න. දැන කල වරදක් නොවෙයි නම් වරද ඇත්තේ කොතනකද මොන ගුණ නැති උනාවත්දැයි කවදාක සදහටම නවතින්නදැයි තව හිතනවා මම නිදි නැතිව ~නවියා~
Naween Perera 5 years ago 333 4 6
සුදු කලුවට දැක්ක ලෝකෙටම ඒ දෙකත් පාට බව නොදැනීම තව තව පාට විසිතුරු ලෙසට සොයා ගිය මුත් දෑස හේදුනු පාට හීන වල අවශේෂ බලනවට වඩා ඉතිරි උනු ජීවිතේ සුදු කලුව දැන හැදින ගෙන ලෙසට ඉන්නවා තරමටම සැනසුමක් තව කොයිද... ~ නවියා ~
Naween Perera 5 years ago 322 7 17
මලට තනිකම දැනුනාට පලිද බබරුන් තැන ගන්න එකෙකු හට රොන් දෙන්න බැරිව ලතවුනු මල තනිව සුමුදු මොලකැටි පෙතිවල කවදාක වනකම් ඉන්න ඉඩදුන්නු කෙටි කාලය විදිමි කදුලත තෙතමනය මලේ පෙතිමත ජීවය දෙමින් නැති උනාම තනිකම නෑ තවත් ඉන් ඵල ගැස්සුනු නටුව දුන් සලකුණු දැන් ඉතින් ඉගිලී යන්න සන් කිමද තේරුම් ගෙන තව එකෙකුට රොන් දෙන්න ඉඩදී ඉවතට ඉගිලෙන්න හැර ඉඩක් නෑ තව ඉන්න... ~නවියා~
Naween Perera 5 years ago 307 6 10
සිද්ද සිරිලක මනුසතා දැන් නැත සද්ද වදනට පමණි උන් මන උසස් ලද්ද පමණට මුවට ගෙරිමස නැද්ද වෙන නම් මහ රසක් මද්ද බැද අල්ලවා ගන්නට නැද්ද තව අවිහිංසක සතෙක් හද්ද දුක විදගන්න මං අපායක් නැද්ද තව පවට ලැජ්ජා බයක් ලද්ද වර බුදු සසුන කල උප්පත්තියක් සුද්ද කොට පව් අනේ රැකපන් බුද්ද සාසනෙ පණ යට කරන් සද්ද කොට මහ පිරිත් දෙසගෙන සිද්ද පිලිවෙත් සපුරවන් සුද්ද කොට හිත් අනේ රැකපන් සිද්ද සිරිලක හෙල බුදු සාසනේ... ~නවියා~
Naween Perera 5 years ago 281 7 15
මීවිත දෙතොල් රහට හුරු උනාට ඔබෙ සියුමැලි දෙකොපුල් වල පාලු මකන්නට බැරි උනාට එමිහිරි රසයට තවමත් මන් ආදරේය.. මීවිත දෙතොලගම තෙමුවෙ ඔබෙ සියුමැලි පහස සිහිඋනාම ඔබ සිහිනයෙ සැතපෙන්නට මිස සිහිඑලවන්නට සිතට නොවෙම් මට.. වෙව්ලට දෙඅතත් තවමත් ආදරයේ මිහිරියාව ගෙනහැර මිස ඒ සුන්දර අතීතයෙ මතකයහට වෙන කිසි සිහියක් එපාය මට ජීවිතේට ඉන්නවනම් ජීවිතේම ඔබ මෙලෙසින් මගෙ සිතතුල එපා මට සිහිඑන්න නැවත මෙ අවසිහි ආසයි මම.. එපා මට එන්න සිහිය උබ මට හිමි වනතුරු.. ජීවිතයයි දුන්නෙ උබට නැහැ මට කිසිවකුත් ඉතුරු.. උබ නැවතත් පැමිනෙනෙ තුරු මීවිත වෙත් මගේ මිතුරු... මෙ ජීවිතෙ නිමවන තුරු බලා හිදිමි පණ ඔබ එනතුරු.. ~නවියා~
Naween Perera 5 years ago 266 5 9
ලෝකෙම මායම් වෙලා සුද්ද අල්ලපු රටෙන් හම්බවුනු මායන්වරු පස්සෙන් ගියාට උන් දැන දැනම හැංගුවා අපිට මායා රටක් තිබුනාය කියලා අපේ උන්ටද එවුන් ශිෂ්ඨයි ලෝකෙම උතුම්ම රටේ එවුන්වුව එකල වැද්දන් ය වලට වැදුන ලෙන් දෙදහස් පන්සීය කෙප්පෙට කොටු උනු රවුලු පරපුරම ප්‍රබන්ධයක් කල සීහෙල ඉතිහාසේ.. අනේ අනිච්චං, ලොකුවංසෙන් ඉදන් වට්ටපු ලෝකෙම පතල උනු උතුම් ජාතියක් ඔටුවන් අවුදින් උන් රජයන කල නිදිවැද රට වනසන තුරාවට... ~නවියා~
Naween Perera 5 years ago 276 4 10
දෙපසට වැදුනු සුවිසල් රුක් මහ අතු දෙඅන්තය මහ සැපයක් මෙන්ම මහ දුකකුත් නිර්මිතය කරුව මැදින් මිහිකත මත ස්පර්ශිත දිවයුරු රැස් කදය යායුතු කෙලවරට මං පෙත්ද බුදු හිමි සොයා එලිකල මග තුල දන මන හට නිරතුරු පෙන්වීය එනමුදු එමගට බාධා නම් එමට කැලතුනු දියක මෙන් ඇති සිතට ගෝතම අපෙ මුණි දෙසු සත්‍යයේ මග එක්තැන් බට පිවිතුරු දල දහර තුල දිස්වන සෙවනැල්ල ඇති අඹර තල හිස් අවකාශයම නම් නිවන විය ~නවියා~
Naween Perera 5 years ago 302 5 11
තනි වූ හද රළු දවළු මුහුකොට පවනතට අළු දැවටුනි නම් ඔබෙ සිතලු දැනෙයි ඔබට මගෙ වියවුලු කාරිය නැති ඉන් බිද හිස්වූ ලංවී පවසන්නට මග නැතිවූ හද තුල සිරකොට කැටිවූ හද සුසුමක් පවනට එක්වූ සවනට අද ඔබෙ වෙලිලා මිමිනූ සුබ උපන් දිනක් සතුටින් පිරුනූ ~නවියා~
Naween Perera 5 years ago 294 4 14
සංසාරෙන් එතෙරවෙන්න අදිටන් මා හිතේ දරා යන්නට අවැසිය නැත කිසිවක් මා හිතින් දරා හිරවුනු මගෙ හදවත බලපන් නුබ එබී බලා බැරිම දෙයයි මට යන්නට මගෙ අම්මයි නුබයි දමා.. ආපු කාරනේ මෙලොවට දැන් අවසන් වෙතයි එනමුදු යන්නෙ කොහොමද නුබ මගෙ පණ මෙනැයි එකම සතුට කොට උබ හද සිතුවම් මවයි නැත්තෙත් උබමයි මට මේ ජීවිතෙ අරුත් කිමැයි.. පාප කරුම ගෙව්වා මම හැම දේම නිමයි විදින්න තිබු ජීවිතේම විදවෙව්වේ පෙමයි එනමුත් හැමදාකම උබ මාගේ පණයි බලා ගනිමි නුබ ආ කල මගේ දෑස සමයි.. බැහැ යන්න හැමදේ අතහැර මට සසුන කරා නියම අරුත නැත එහි කලකිරුම අරා තේරුම දැන හැරයාමේ සසරක තතුම විනා සසුනට වරදන්න බැරිය මට වැරදුනු නියා.. යන්නට හිදින්නට බැහැ එක සිත් ඉන්ට පැතිරෙන හද ගින්න බැහැ ඉවසා ගන්ට එනමුදු තාම මගෙ පණ ටික රැක ගන්ට හේතුව එකම මගෙ රට දැය රැක ගන්ට... ~නවියා~
Naween Perera 5 years ago 330 3 11
මගෙ රලු හිත මටසිලිටි කොට පුරවාපු නුබෙ ආදරය මට වටිනා තරම නුබ තාම නොදන්නා බව මිසක අන් හදවතක් නොපැතූව නුබ මාගෙ වෙන තුරාම බලාඋන්නු මං මිසක දන්නේ නම් වෙන කවුද මගෙ මුලු ලෝකෙන්ම පණ දුන්නු අම්මා ගෙන් පසුව ගරු කරන ගැහැණියක් වේද නුබ මිසක වෙන කවුද ~නවියා~
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps