Tharindu Rukshan
5 years ago
263
6
15
....අතර මන්වූ අපි....
නිමක් නැති මේ සසර ගමනක
නිමක් නැති මහ හීන ගොන්නක
අතර මන් වී කදුළු වනයක
නොලැබීම උරුමයයි අප හට....
අපට අයිති නැති අපේ රූපය
පාට ගා හැඩ කරණ ලස්සන
කළු මුහුණ සුදු කරණ විගඩම
සුදු කෙසුත් කළු කරයි හනිකට....
බුදුන් දෙසු බණ එදා විලසම
අදත් ගැලපෙයි අප සැමෝටම
ඇසූවත් අපි නිතර බුදු බණ
තවම සසරෙන් එතර වී නැත....
බුදුන් දෙසු මඟ ගියානම් අප
කදුළ ලඟ නොව නිවන ලග අද
එවන් බුදු මග නොයන නිවටුන්
තැවෙයි සිත් සේ සතුට සොයමින....
--රුක්ෂාන්--
අපි හැමෝම මේ ලෝකේ අතර මන්වුණු මිනිස්සු. බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙන දේවල් වල විදියට අපි මේ සසරේ මොනවද?හොයන්නේ.
හැමදාම අපි කරෙ සතුට කියල අපි ලඟට අපිම දුක ගෙන්න ගන්න එක නේද? ඔයාම හිතන්ඩ ඔයා කෙනෙක් ගැන බලාපොරොත්තුවක් තියාගෙන එයා ගැන හිතින් ඇලිල ඉන්නවා. එයා ගැන හිත හිත ඔයා කොචර දුක් විදිනවද? හිතින් කොච්චර බයෙන් ඉන්නවද එයාව නැති වෙයි කියල. ඒ වගේම එයගෙ වෙනස් වීම් හින්ද කොච්චර අඩල ඇතිද, හිතින් දුක් විඳල එතිද? ටිකක් තිතුවද ඒ අපි සතුට කියල අපි ලගා කර ගත්ත දෙයින් අපි මේ දුක් විදින්නේ කියලා.