...චූටි... Nisadas Count (14)
...චූටි... 5 years ago 239 9 10
කාලයේ ගිම්හානය හදවතට වස්සානය වී පැමිණි නුඹ මහදේ සොදුරු තත්සර රාවයයි. කියන්නට හරි තේරුමක් නැතත් වසන්තය මට දුන් නුඹ ගැහෙන හදවතේ රිදමයයි. සසල මිනිමත කම්පිත වූ සසරමග මනෙත නිසල කල පුරන බෝසත් නුඹයි ..?
...චූටි... 5 years ago 296 7 10
දහසක් නෙතු යුග බලා සිටිනවා ගිලගන්නට නුඹ නුරා සිතින් සිතුවිලි දහසක් මග අහුරාලා පා යුග බිදලයි කුරිරු ලෙසින් සෙනෙහස් ගගුලක පීනා යන්නට වරමක් ලදහොත් කුරිරු ලොවේ මුවගේ හසරැල් රැළි රළ නංවන යුගයක් ඒවිද උපන් බවේ ??.. නිදහස අගයන ලොවක උපන්නට නැත ඒ නිදහස අගයන්නට ඉඩ ගත සිත ශක්තිය නිබදව ඇති බව පිලිගනු ගැහැණිය වූ පමණින් ලොව.
...චූටි... 5 years ago 271 3 9
සිත් මලට කුසුමක්ව පිපෙන්න. නෙත් විලට කදුලක්ව රැදෙන්න. මුව අගට හසරැල්ලක්ව හිදින්න. ආදරෙ නාමයෙන්.. දුකක් නම් නොදෙන්න..?
...චූටි... 5 years ago 297 4 8
අකුරු සිත්තම් කරනවා රෑ දවාලේ මං උබෙ නමට.. සිහින ගෙත්තම් කරනවා මං තුන් යම නින්දේම.. ගතින් දුරස් වී මේ සිතින් පෙම් කර ගෙවන... උබයි මැණික මට ලැබුනු හොදම ඇරඹුම...❤️
...චූටි... 5 years ago 258 6 6
හුගක් කල් මං බලන් ඉන්නැති හුගක් දේවල් දරාගන්නැති දුකම විතරක් ඉතිරි වෙන්නැති ඉතින් හිතටත් ඇති හිතෙන්නැති නුඹෙ ලග මම දුක කියන්නැති බැරිම තැන ඉකි බිද හඩන්නැති ඒත් නොසැලී උන්නු නුඹ දැක මමත් මගෙ හිත හදාගන්නැති ප්‍රේමයත් හීනයක් වාගෙයි යලිත් කිසි දවසක දකින් නැති ඉතින් යන්නට දෙන්න අවසර වින්ද දුක් දැන් හොදටෝම ඇති නුඹට මා මතකයක් වේවා.. කිසිම දවසක හිත රිදෙන්නැති මටත් නුඹ මතකයක් වේවා.. සසරේ ආයෙත් මුණ ගැහෙන්නැති.!
...චූටි... 5 years ago 259 4 4
වැරැදි බව දැන දැනත් සිත නුඹට පෙම් කලා.. නුඹෙ හඩ අහන්නට සිත මෙමට බල කලා.. දකින්නට නුඹේ රුව නෙත් මඩළ ප්‍රිය කලා.. ඒත් නුඹ හැමදාම මගේ හිත පෑරුවා.. ?
...චූටි... 5 years ago 294 3 4
කප්පරක් දුර ජීවිතේ බර සැහැල්ලු කුරුලු පිහාටුවක් මත ගෙත්තම් කල සිත්තම්කරු නුඹයි.. සිනාව වියැකුණු දෙතොලක සිනාකැන් වස්සන සොදුරු සිහිනය නුඹයි. රික්තයක් වූ දිවියට වරිණ පරාවර්තන නියම කියාදුන් කිරණ නුඹයි.. අදුරු ලොව තිමිර බිද ලොවක් දිනන්නට සවිය ලබා දුන් අරුණැල්ල නුඹයි .. තනිව හඩනා හිතකට සෙනෙහස උරුම කළ උණුසුම් සිනහව නුඹයි.. ස්නේහයේ ද්වාර මත ජීවිතයම කවියක් කළ සෙනෙහෙ දියවර ... නුඹයි ...
...චූටි... 5 years ago 272 5 7
සදුන් තුරුපත් රටා සෙවණේ සද එළිය සක්මන් කරනවා. තනිවුන තරුවට කිසිමදාක සද අහිමිදෝ සිත අහනවා. පැතුම් කුටියෙ පියාපත් යුග සිත් කොනක තනි රකිනවා. කෙම්බිම් මායිම කඩුපුල් මදහස හිත අසපුව මගෙ හඩවනවා.. සදුට පෙම් බැදි මිලින කුමුදුනි පැටලි සිහිනය නිදනවා. සිහින දොරකඩ පිපුණ මල් සේ කදුලු බිදු නෙත පිපෙනවා. නිසල මහ රෑ සසළ කරමින් මහද වෙණ තත් හඩනවා. සංහිද පාමුල නුඹෙ නමින් මම තවම පැතුමන් පතනවා......?
...චූටි... 5 years ago 275 5 7
හිටපු ගමන් හිත රිද්දුවට උහුලගන්න බැරි තරමට වෙන කවුරුත් නැ මේ ලොව මං තරමට නුඹ ගැන හිතන දුක හිතුන වෙලාවකට හිතුනත් නුඹ හැර යන්නට තත්පරයක්වත් බෑ මට ඔය ආදරෙ නැතුව ඉන්නට හීනයක් වෙන්න ඇති ඒත් ලෝබයි ඇහැරෙන්න ඔය ආදරෙ දැනෙනකොට ඇති මට කල්පයක් සැනසෙන්න ජීවිතේ හැමදේම නැතිවුණත් මුකුත්ම එපා මේ හිත හදන්න නුඹේ එක හිනාවකට පුලුවන් ඒ හැම දුකක්ම නැති කරන්න..❤️
...චූටි... 5 years ago 341 5 6
පත්ඉරු මත ලියවී බොදවුණ දහසක් කවි අතරේ. සිහින ලෝකයම කදුලින් පෙගුනා ලොවටම හොර රහසේ. සද සෙවණැල්ලක් හිමි නැති කලුවර ඈත අදුරු අහසේ. පුංචිම තරුවක් ඉකිබිද හැඩුවා ලොවටම හොර රහසේ..? සිහින හොරු අරන් නාඩන්න තව ඉතින් මුලු ලොවටම හඩ නගා කියනවා. මගේ හිතට නොතේරෙන මොකද්දෝ තනිකමක් ඒ තරුවෙ සැගවිලා තියෙනවා ..? ඉකිබිදින සිත් මලට තවත් කවිකම් කුමට හදවතත් නෙත් අගින් අහනවා .. සිහින මියැදෙන ලොවක මටත් කවිකම් කුමට..... ...මම නුබේ හදවතින් අහනවා ...!
...චූටි... 5 years ago 278 5 5
සදක ලස්සන වලාසලු මැද මෝදු වී හිනැහෙන විටයි. මලක ලස්සන තුරු මුදුන් මත පිපී බඹරුන් එන විටයි. රළක ලස්සන නංවමින් පෙණ ගිරිකුලක වැතිරෙන විටයි. සිතක ලස්සන පිවිතුරුව පෙම් කවක් මුමුණන විටයි.. තරුව ලස්සන සරාසද ළග නිශා අදුරෙහි දිලෙන විටයි. විලක ලස්සන පපී සියපත් දසත සිගන්ධය පිරුණු විටයි. නෙතක ලස්සන කදුලු පිසදා සිනා මල් ඉහිරෙන විටයි. නුඹත් ලස්සන නෙත් කොනින් මා දෙස බලා හිනහෙන විටයි ....??
...චූටි... 5 years ago 278 5 6
හන්තානම දිගු සුසුමක් හෙලමින් මදෙස හොරෙන් බැලුවා. මගෙ කදුලින් පිරි මහවැලි කුමරිය දෙගොඩතලා හැඩුවා. මල් ලිය කම් තුරුලිය ගොමු අතරින් මතකය ඉකි බින්දා. රහසක් කොදුරන සීතල සුලගේ ඔහුගෙ සුවද දැනුණා. සෙවණැලි පාවෙන මහවැලි ඉවුරේ පිය සටහන් මැකුනා. සසර පුරුද්දට හමුවී වෙන්වී නෙතේ කදුලු පිරුනා. සරසවි මිදුලෙ එකම ගසක ඔහු මලක් වෙලා පිපුණා .....??
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps