*$@n¢hi* Nisadas Count (31)
*$@n¢hi* 4 years ago 409 1 2
සැගවුණු ගිණි පුපුරු අළු යට තිබේ නම් ඒ මත අලුත් දහමක් යළි පුබුදින්නා සේම.... පිළිස්සුණු හදවතක ඉතිරි වුණු භෂ්මාවශේෂ ආයේ ආයේම දැවෙන්නේ නැත... ~sahini~
*$@n¢hi* 4 years ago 362 3 4
නින්ද නේන රාත්‍රීයේ සිතුවිලි පමණක් අවදියේ අද හෙටක් නැති කවේ අයේ නුඹ මට - මා නුඹට හීනයක් වුණාවේ... වසන් වන සද වළාකුලකට නුරා රහසේ පැවසූ විරහවේ වේදනා ගංතෙරේ අරුමයක් නැත ජීවිත කතාවක උරුම ආදරේ නගන දුක් ගිනි අරුමයක් නම් නොවේ... කතා කරනට සමත් වෙතොත් පන්හිදත් කියා දෙයි රැයක් එළිවන තුරා ආලයේ පෙම් ප්‍රාර්ථනා... ඉදින්, නින්ද නැති රෑ පුරා පොතත් පැනයත් තනිකමට උරුම වුණා වේ... ගතින් වෙන් වුණු හදින් මා ඔබ ගැන ලියූ කවක් මෙලෙස අවසන් වුණා වේ...❤️ ~sahini~
*$@n¢hi* 4 years ago 347 4 3
එකම එක ආලෝකයකට හැකිනම් අදුරු තැන් එළිය කරන්න... බලාපොරොත්තු වුණේ මොනවද එළියම දී නිවී යනවා මිස...❤️ ~sahini~
*$@n¢hi* 4 years ago 321 0 0
හිමිදිරිය පුංචි කුරැල්ලන්ගේ කිචි-බිචි නාදයෙන් හැඩ වෙද්දි,ඝෝෂාව පිරුණු හෝරාව උරුම වුණේම දහවලට.ඒක නිසාම තමයි රාත්‍රීය එතරම්ම නිහඩ වුණේ. ඉදින්,මේ සොබා ධර්මතාවයම ඇති නේද ජීවිතය දෙස යතාර්තවාදීව බලන්නම.නොවෙනස්වන ධර්මතාවයක් නැත.විනාඩි-පැය-තත්පර-සති-මාස-අවුරුදු ගෙවෙන්නේම ඔය විදිහට.ඒ නිසාමතයි හිමිදිරි උදෑසන ළා හිරැ රශ්මියෙන් නැහැවෙද්දී දහවල ඒ හිරැ එළියම චණ්ඩ වුණේ. ඒත් බටහිර අහසම අදත් ගොම්මන හැන්දෑවක් කරා. අපේ ජිවිතේ අපිට මුණගැහෙන මිනිසුත් එහෙමයි. විටෙක ළා හිරු මඩලක් වගේ. සමහර තැනක චණ්ඩය. ඒත් විටෙක ගොම්මනට නෙක වර්ණ මුසු කරන සොදුරු සැදෑවක් වගේ... ~sahini~
*$@n¢hi* 4 years ago 338 1 2
මටම මා අහිමි වී මෙන් දැනේ කාලයත් වේගයෙන් හොරෙන් ගෙවේ මහම මහ මූසල දවස් හැගේ මටම මා අමතක වූ බවක් සිතේ... ජීවිතේ හරි අභියෝගයක් මෙන් පෙනේ මොන පව්කාරකම්ක් දැයි විටෙක හැගේ හැගීම් වලින් විටෙක මා හද තැවේ සෝ සුසුම් ළග සිරවූ මා මෙසේ මටම විතරද හැගෙන්නේ මූසල බවක් නැවත අසන පැනයට නෑ පිළිතුරක් ලොවක් අස්තාවරව ඇදී ගියත් 'ඉවසන්න' ලැබෙයිලු නිවහනක් හැමදාම මෙන් සුපුරුදු බණ හඩක් ඇසෙයි කදු කෙළවරෙහි දැමූ පිරිතත් ලොවක් අවදියේ ද අද මං වගේ සොබාදහමත් කියා දෙන පාඩමක් දෝ මේ අනේ....??? ~sahini~
*$@n¢hi* 4 years ago 424 3 0
අවැසි අඩ සද අවරට යද්දී මං බලන් හිටියා. දේදුන්නක් නොමැති වරැසාවක් ළග හඩා වැටුණා. උණුසුමත් නැති හිමිදිරියදි පවා උල ලේනුන් හැඩුවා. අද - හෙටක් නැති කවක පේළි මං ගැළපුවා... බැස යන හිරු වූවද බටහිර අඹර හැඩකරා. මහ වරුසා වූවද නියං සම එළි කරා. දැඩි උණුසුමක් වුව මද පවනක් සහනය ගෙනා. හරි පුදුමයි දැවෙන - තැවෙන - පෙලෙන තැනදී නුඹ සවිය වුණා...❤ අමරණීය මතකයක සේයා රූ නුඹමැ වීය... ~sahini~
*$@n¢hi* 4 years ago 356 2 0
මද පවන නිසසලයි හද තවන ඔසු හලයි හුදෙකලාව නිවන් හලයි එතරම්ම අද සුවයි... තුරැ ලතා පැදි පෙළයි බට පදුරු තාල බදියි හද ගිමන් හලයි අඩ සදත් අඹරට හැඩයි... නිසංසලයි රැයත් දිගුයි තුරැ අතරින් පෙනෙන සදුයි නුඹත් හරි හොරයි නොකීයාම ගිහින් දුකයි...❤ ~sahini~
*$@n¢hi* 5 years ago 331 4 4
දහසක් අරමුණු පොදි බැදන් තැබුවෙමි ඔබ අසපුවට හිස නමා පා එදා බැදි ඒ ප්‍රේමයේ නැවුම් සුවදයි අදත් ගලනුයේ... හදවතේ රැදි දහසකුත් වියෝවක ගී එලිසමය සොයමින් ලතවෙයි තවමත් ඔබේ නමට ලීයූ ගී... පුංචි සංදියේ අතරමන් වූ හද ගිගුම් නගනූයේ රස මතකයන් හී සුවද සොයමින් යලිදු වසරක් දෙන්න මට ඔබේ නමින් රැදී සිටින්නට... මඩුලු මවුනි සැමදා රැදෙමි හද තුළ ඔබ නමින් උපන් ආලය නොරහසකි එය සමුගනිමි තව නිමේෂයකින්..... පුරා වසරක් රැගෙන ආ ආලයේ රස මිහිර අසුනු සැනකින් ගෙවී යන බව සිහිනයක් මට සත්තකින් එය සිහිනයක්මය... (පාසල තරම් සුන්දර අතීතයක් යළිදු නොයනු ඇත) ~sahini~
*$@n¢hi* 5 years ago 328 6 7
කාලයක් මටත් තිබුණා ජිවිතේ කැප කරපු දේවල් යළි යළි මතකය උණා අතීතය දුර නෑ අපි එක් වුණා යළි සුසුම් රැළි පා වුණා... මහද සිතුවිලි හද දරා අතීතේ එක නිම්නයක අපි හමු වුණා මල් පාට ගෑ සායම් වලින් සිනහවට පාට අපි එක් කළා එකම එක වැහි පොදක් පාට පොත සේදුවා... යළිදු, නුඹ අහස වී සුසුම් හෙලන මා ලෝ තලය වී...❤ ~sahini~
*$@n¢hi* 5 years ago 312 4 5
නගන මහ ගිගුම් හඩක් වී මොර තලයි වදින හෙන හඩ අමෝරා වැසි පොළෝ තලයම සිප ගනී වරම් නැති හිරැ වළා අඹරෙම හඩා වැටේ හිරැගේ අගය දන්නා වැසි හිරැත් සමග ඇදී හැලෙයි... ~sahini~
*$@n¢hi* 5 years ago 247 6 5
❤ ප්‍රේමය වූ කලී, එක් වූවන්ගේ රජ දහන නොව... වෙන් වූ වන්ගේ මතක සටහන්ය.... ~sahini~
*$@n¢hi* 5 years ago 323 3 5
හදවතින් ලං වෙලා ජීවිතෙන් හැර ගියා මතකයන් බිද දමා ඉතින් මන්ද යලි මෙදා... මං මූලා වූ සමනලියක පාර අසා නොඅසන්න ඒ කතා පලක් නැත විමසා... මැවූ ඒ රස කතා මතකයේ කොනක රදවා හිදිමි මා මග බලා නොඉඳුල් ප්‍රේමය සිරසින් දරා...❤❤❤ ~sahini~
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps