437 Total Nisadas Found


චතුරංගි හර්ශිකා Nisadas Count (437)





චතුරංගි හර්ශිකා 5 years ago 344 5 5

Nisadas Image

හිමි අහිමි හීන

දෙලොවටම නැති හීන පාට කරන්න
අගුරු කෑලි හොයන මිනිස්සු අස්සෙ

අඩුපාඩු දාහක් තියාගෙන
ජීවිතේ හොයන උන් ඉන්නවා

හීන මිය යනකොට නෙත් අස්සෙ
හිනාවෙලා මූණ දෙන්න හයිය උන්ට තියෙනවා

එක දෙයක් නැතිව එකෙක් අඩනකොට
නැති දේවල් ගොඩක් මැද

එක දෙයක් තියාගත්ත එකෙක්
කොල පුරාවට ජීවිතේ අදිනවා

තරාතිරම මොනවා වුණත්
පණ ගැහෙන හැම හිතක් ඇතුලෙම

අහසක් උසට පාට තවරපු
හීන දකින මනුස්සයෙක් ඉන්නවා

අහසම කඩා වැටුණත්
සහසක් පැතුමන් හිත පුරවන්

අඩුපාඩු වහගන්න
මදිපාඩු නැතුව මහන්සිවෙන උන් අතර

අඩුපාඩු නැති වෙලත්
මදි පාඩු හොයන උනුත් ඉන්නවා

කලු සුදු හීන පාට කරන්න
හිතේ හයියෙන් හුස්ම පිඹින අතරතුර

ජීවිතේ අහිමි හීනවලට
හිමිකම් කියන උන් ගැන මට පුදුමත් හිතෙනවා

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 262 4 6

Nisadas Image

මට වැඩිහිටියෙක් වෙන්න ඕනි නෑ

දන්නවද ළමා හීන වලට
උස් මිටි බේද තිබුණේ නෑ...
ආදරණීය ළමා ලෝකයේ
කුල මල සමයං තිබුණේ නෑ...

දුප්පත් පොහොසත් භේදයක් නැතිව
ඉර හැම පුංචි එකෙක්ටම
එක වගේ එළිය දුන්නා වගේම
සොබාදහමට පංගු පේරු තිබුණේ නෑ...

ජීවිතේ විඳින්න විඳගන්න
ළදරු හිත් වලට
ලිමිට් තිබුණෙ නෑ
වැට කඩුළු තිබුණේ නෑ...

සත් මහල් මැදුරෙත්
දුගී පැලෙත්
ළදරු හිනාවට
පාට පක්ෂ තිබුණෙ නෑ...

ආදරණීය සුළං වුණත්
කහට කුල මල නොබලා
ළදරු හිත් වලට ළං වෙන්න
දෙපාරක් හිතුවේ නෑ...

හරි සුන්දරයි
ජීවිතේ බරක් පතලක් නැති
ළමා විය ඇතුළෙ
අපි හැමෝටම දුකක් දැනුනෙ නෑ...

ඒ නිසාමයි මම මේතරම් මනාප
ඒ සන්දියට ගිහින්
ඔරලෝසු කටුව එක තැන තියලා
හැමදාම ළමයෙක් වෙලා ඉන්න...

දන්නවද ඇත්තටම
මේ විෂම ලෝකය ඇතුළෙ
දින සති මාස ගෙවලා
මට වැඩිහිටියෙක් වෙන්න ඕනි නෑ...

මම,
චතූ
2020 නොවැම්බර් මස 06 වැනි දා
පෙ.ව. 08.14

චතුරංගි හර්ශිකා 5 years ago 278 4 5

Nisadas Image

හිතෙන් පිටමං නොවන නුඹ නම් ඉනාවක්

ලියන්නද මමත් එකම එක කතාවක්
පුරාවෘත්තයක් තරම් සොඳුරු නොවුණත්
හිත ඇතුලේ දෙතුන් වතාවක්
මැවූ බව හැබෑවක් ටජ් මහලක්...

නිතර කදුලැලි හෙමින් ගලාවිත්
තෙත් කරයි නෙත් එයත් කලාවක්
දන්නවද මේ හිත කෑ ගසයි ආයෙත්
දකින්නට නුඹව එකම එක වතාවක්...

නොලියූ කතාවක අදුරු සෝ බර හිනාවක්
මවයි සිතුවිලි පුරාවට වේදනාවක්
දන්නවද ආදරේ නුඹ යළිත් ආවොත්
කියන්නට තිබේ මටත් දිග කතාවක්...

දන්නවද ඔය දෑස් මහිතට භාවනාවක්
නුඹ ළගදි හිත සැනසෙනා අයුර පුදුමයක්
නුඹවම පතන හිත අකීකරු ළදරුවෙක්
හිතෙන් පිටමං නොවන නුඹ නම් ඉනාවක්..

මම,
චතූ
2020 නොවැම්බර් මස 05 වැනි දා
ප.ව. 10.03

චතුරංගි හර්ශිකා 5 years ago 246 4 5

Nisadas Image

මගෙ හීන හිතම බොඳ කෙරුවේ නුඹේ ආදරේ

සඳ තරුත් එක්ක හාද වෙලා වලා
තීරයේ...
පෙම් ගීත ගයන නාද රටා පාළු
නිම්නයේ...
නුඹ නාව හීන රෑක තනිව කදුළු
ගංතෙරේ...
මම තියා ගියපු කදුළු වලට පාට
නෑ ප්‍රියේ...

සුදු සේල පුරා පිරුවට ගෙන යනෙන විජිතයේ...
හිත මතක සුවඳ පමණක් මට ඉතුරු වූ පැයේ...
හද මලට හොරෙන් අහසක මම සඳක් වී රැයේ...
හැකි වුණොත් ලියමි අපේ කවිය ගගන මායිමේ...

ලොව හැමට හොරෙන් මල් පෙතිවල ලිව්ව ආදරේ...
පෙති පරව මියෙන දිනෙක අතැර යනෙන මාවතේ...
බොර පාට ගැහුණු ගග දිය රැළි අතර තනි කළේ...
මේ ආදරේ ද නෑඹුල් හිත සක්වලක්
කළේ...

පෙර වීදි පුරා දෑත් රැගෙන තුරුළු වූ
පැයේ...
මුදු හාදු තියා සවන් ළගට මුමුණමින්
ගියේ...
තරු පුරාවතක් පමණක්මයි කදුළු දුන් රැයේ...
මගෙ හීන හිතම බොඳ කෙරුවේ නුඹේ ආදරේ...

මම,
චතූ
2020 නොවැම්බර් මස 05 වැනි දා
ප.ව. 09.13

චතුරංගි හර්ශිකා 5 years ago 265 4 5

Nisadas Image

උදෑසනක්!

__________________________________________
?☀?☀?☀?☀?☀?☀?☀?

☀ඉර ඇවිත් තනියෙන්ම
කහපාට සළු දරන්
නිල් වලාකුළු සේල
සොඳුරු සිතුවිලි මවන්...?

?මියැදෙනා තරු කතා
පුරාවත් යට කරන්
උදෑසන උදා වුණි
තණ පතට පිණි අරන්...?

?කුරුළු හඩ පරයනා
සුළං රැල් ඇවිත් යන
තුරු මුදුන් පුරාවට
වෙලී පැටලී එතෙන...?

?කාලයෙන් කාලයට
නොවෙනස්ව හිනාවෙන
පොළොව මත අලුත් පැළ
මල් දරා බලාගෙන...??

?කුඹුරු යායට උඩින්
සිහින සිත්තම් කරන
කහපාට ඉර රැසට
සිතුවිලි සිහින මවන...??

☀උදෑසන අරන් ආ
සිසිලසට පණ පොවන
ගස් පවා සර සරය
නගයි ගී කවි විලස...??

?මේ උදා ගී ගෙනෙන
මද පවන සිප වැළඳ
ඒ සුළග හා මුසුව
පාවෙන්න මට බැරිද...?

?කදු මුදුන් පිස ගලන
සුදෝ සුදු දිය ඇල්ල
සොඳුරු සිතුවිලි අතර
රැදී හිනැහුණු අයුර...?

?ගගබඩට තනි රකින
කොක් රෑන් කලබලය
තිත්ත පැටවුන්ට නම්
ගානකුත් නැති හැඩය...?

?වක්කඩේ දිය සුළිය
මැද හිනාවෙන නිතර
මාළුවෝ කී සොඳුරු
කවි කතා හරි හැඩය...?

?මේ අරුම අපූරුව
අරන් ආ උදා ඉර
හෙටත් පායා ඒවි
අරන් මේ කලබලය...☀

?උදෑසන මවන රූ
හැබෑවට සුන්දරය
ඒ අසිරි වනන්නට
මටත් උපමා හිගය...?

මම,
චතූ✍

?☀?☀?☀?☀?☀?☀?☀?







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps