චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 243 3 3
2020 -10 -14 12. 01am __________________________________?______ කදෝපැණි එළියකට විදුලි බුබුලක් කුමට... සොබාදම දුන් අරුම එළිය සොඳුරුයි තවම... අළුපාට ආකහේ තරු වගේ හැමදාම... දිලිසෙන්න නුඹෙ එළිය ඇති වේවි හොඳටෝම... දියුණුව සොයා යන මාවතේ අපි තාම... එන අලුත් හැමදේම වැළඳ ගත යුතු වේද...? සොබාදහමට ඉතින් පිටුපාන කොට ඔහොම... මේ සොඳුරු ලෝකයට අනාගතයක් කොහෙද...? - චතූ _______________________________??______
චතුරංගි හර්ශිකා 5 years ago 215 3 3
2020 ඔක්තොම්බර් මස 14 වැනි දා බදාදා __________________??????__ හිත ගාව ඉඩ හොයන අකීකරු සිතුවිල්ල... නුඹ තාම ගිම්හානයට ගීත ගයනවද... මල් යාය පර වුණත් එක වැස්සකින් දිනෙක... මුලු පතන බිම පුරා පිපෙයි මල් නෙක පාට...?? දූවිල්ල සිපගත්ත මේ සුළඟ ළඟ ඉන්න... වැව් ඉවුරු කොණක එක පුංචි පැලයක් වෙන්න... ඉඩ දෙන්න වසන්තය හොයාගෙන පියඹන්න... සමනල් තටු දෙකක් මට ගෙනැල්ලා දෙන්න...?? මම චතූ ____?????____________________
චතුරංගි හර්ශිකා 5 years ago 216 3 3
__________________________________________ චතු මධුර පුද පඩුරු දෙවියන්ට උකස් කර... ඈ සොයා ඇවිද නුඹ කොහේ ඇය සොයන්නද... කවි ගගන හැර දමා සඳට බැහැ බැසයන්න... ඇයට අවසර නැතිද යළි කවිය ළග ඉන්න...? ? මම චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 341 3 3
- සොයා යන මග - ____________________________________?____ හිත රිදෙන හීනයක හීනියට නතර වුණ... නෙතු අගට නිරන්තර කදුළු පමණක් ගෙනෙන... අවතැන් හිතේ කොණක හැමදාම ඉඩ හොයන... වැස්ස නුඹ වගේමයි හිත් පතන බිම තෙමන... මේ ඉරට මේ අහස තරමටම පෙම් කරන... මහ පොළොව සිපගත්ත නැවුම් පස්වල සුවඳ... හිත් කොණක මුතු කතාවක් හෙමින් යළි ගොතන... පෙරඹරේ හිරු එළිය සිපගන්නවා සුළග... සීතලම කෙම් බිමක මතකයක් වී නිදන... අපි ලිව්ව කතාවම පස පෙරලමින් හොයන... එක අරුම මොහොතකදි ජීවිත පොතේ ලියන... මගෙ කවිය සොයා යමි කෙම් බිමේ හැම තැනම... මම, චතූ 2020 - 10 - 12 10.15am _____?___________________________________
චතුරංගි හර්ශිකා 5 years ago 190 2 3
______?_______________________?_______ අමාවක දවසකට, කුමට මල් ලියකම්... හිතින් වැලපෙමි, බලා තරු කැටයම්... ගගන විනිවිද, සොයා එනු හැකිනම්... සත්තමයි සඳ, නුඹ සොයා එන්නම්... මම, - චතූ _____?__________________________?______
චතුරංගි හර්ශිකා 5 years ago 209 3 3
අද, ඔක්තොම්බර් මස 12 වැනි දා සදුදා _____________________________________?️___ අහස පුරවගත්ත මන්දාරම හැම කදු වැටියකම හීන මවනවා... එකම එක මලක් හිත අද්දර නෙතගින් හිනාවෙනවා... වසන්තය ඉවර වුණත් කුරුල්ලෝ තවමත් කවි කියනවා... සරත් අහසට මම හරි ආදරෙයි සඳ ඒක හොඳටම දන්නවා... මම - චතූ ____________________?____________________
චතුරංගි හර්ශිකා 5 years ago 195 2 2
- කොරෝනා නුඹ හිරකෙරූ අපේ ජීවිත - එකම අහස යට ඉර හඳ තරු ළග නැවතුන... එකම හීනයක් මගෙ ළග තිබුණා තුන්යම... පුරුදු සුළග ගස් වැල් මල් සිපගත්තත් තව... හිතම නතර වෙලා යළිත් හිරවුණි එකතැන... සරසවියේ සොදුරු පොළොව මටහිමි සරු බිම... ජීවිතයේ හීන අහුරු මම දුටු පින් බිම... ලස්සන කවියක් වී හිත නතර කෙරූ තැන... ආයෙත් දිග නිවාඩුවක් ලැබෙන හැඩයි අද... අනාගතේ සරසවියට සමුදෙන ඒ දින... තව තව දුර ඇදෙයි ඉතින් මෙහෙම වහනකොට... සරසවියේ හීන අහුරු නෙතු ළග හිරකර... බලා සිටින්නම් ආයෙත් එන දවසක් ගැන... මම, චතූ ??
චතුරංගි හර්ශිකා 5 years ago 245 2 2
හිමි අහිමි හීනවල ලියූ නොලියූ මතක කවිකාර හිත පුරා සිතුවම් කළෙමි නිබඳ... අනන්තේ කෙළවරක මගෙ හිතත් එක්ක මම නැවතිලා ඉන්න ඇති කවියක් වෙලා හවස... නිහඩ අහසට යටින් මගේ කවි අහන්නට රතු පාට කුරුල්ලෝ ඇවිත් යයි ඉඳහිටක... කහපාට මලක් මම දන්නවද හැමදාම නැගෙන ඉරටත් ඉතින් කවි කියනවා තාම... හිරු අවරගිර කොණක බැස ගියායින් පසුව රෑ සදට කවි කියන කෙවිලියක් වගේ මම... මේ අහස ගහ කොලට හරි ආදරෙන් තාම හැම පුංචි කොලේටත් පෙම් කරමි හැමදාම... හෙන ගහන වැස්ස යට පවා තනියෙන් රෑට වැහි බිංදුවලට මම පෙම් කරනවා තාම... වසන්තය සිසිරයට ගිම්හානයේ සැරට මම ආදරෙයි ඉතින් මේ අරුම ලෝකයට... ජීවිතේ හැම පැයම මල් නටුව අග ඉදන් මියැදිලා යනතුරුම කවි කියමි හැමදාම... මම චතූ ???????????????
චතුරංගි හර්ශිකා 5 years ago 202 2 2
යදමින් බැඳ විලංගු ලා කවි හිත සිර කරන්න බෑ කවුරුත් ආවත් නාවත් මට නොලියා හිදින්න බෑ... කවිය අතැර පිට පාරක මට වැඩි දුර දුවන්න බෑ සිතුවිල්ලක් පත්ඉරුවක කුරුටු නොගා ඉන්නත් බෑ... මටම දඩුවමක් විදිහට කවියෙන් සමුගන්නත් බෑ කවි හිත නොමරා මරලා නෙත් රිදවා ගන්නත් බෑ... දහස් දෙනා යන එන මග ගොළුවී නවතින්නත් බෑ මට හුරු වූ මගේ කවිය හැරදා මට යන්නට බෑ... ? මම චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 223 2 2
කවියක්ව සැතපෙන්න හැකියි නම් දෙනෙත් මත අහසක් වෙලා ඉතින් බලා ඉන්නම් තනිව දහසක් දෙනෙත් අතර මගෙ දෑස් තුළ නිදන අවසඟ නැති අරුම සිතුවිල්ල නුඹ නොවෙද... පුර පෝය හඳ ගාව නැවතිලා හැමදාම අරලියා මලක් වී සිනාසෙන්නේ කොහොම මගෙ සිතුවමේ එතුන නාදුනන ඇස් දෙකට මම පෙම් කලේ නෑ ඇත්තමයි ඔය හිතට... මම චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 219 2 2
මුළු ලෝකයට හොරෙන් රහසේ නුඹේ නෙත් අගින් මම ඇහින්ද කදුලක් තවමත් තිබේ මගෙ ළගින්... ඔය ගිම්හානෙට වුණත් මෙහෙට වහිනවා ඉතින් රළු ඉඩෝරයට පවා තවම ආදරෙයිනෙ මං... එක නෙත් කැල්මක නුඹ තැවරූ ළෙංගතුකම මැදින් වන මල් සුවඳක් මම වින්දා පත් ඉරුවක අගින්... මේ වේදිකාව මත ආයෙත් ඔය නෙත් ළග හෙමින් හිත නැවතුනාට බැහැ මට දැන් නවතින්නට පෙමින්... මම චතූ 2020 ඔක්තෝබර් මස 11 වැනි දා ඉරිදා
චතුරංගි හර්ශිකා 5 years ago 221 2 2
මගෙන් හොරකම් කරපු මගේ හිතවත්ම හිත ආයෙමත් ගෙනැල්ලා මටම පවරා යන්න... මල් වැස්ස වහින්නට ගිම්හානයට ඉතින් ලස්සනම මදහාස ඔය මුවග තවරන්න... ලෝකෙටම හොර රහසේ හැන්දෑවේ ගොම්මනක මගෙ දෙනෙත් මත සොදුරු කවියක්ව සැතපෙන්න... හීන් පොද වැස්සකින් පිණි පොකුරු ඇහිදින්න ගිම්හානයේ එකම මල් පොකුර සිපගන්න... නෙත් මානයෙන් එපිට වසන්තය ගැන ඔන්න ලස්සනම කතාවක් වෙලා හිත සනසන්න... හන්තාන සිප ගත්තු මද සුළඟ මෙහි එන්න යළි මේග දූතයක් මම ලියනවා ඔන්න... මම චතූ 2020 ඔක්තොම්බර් මස 11 වැනි දා ඉරිදා
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps