437 Total Nisadas Found


චතුරංගි හර්ශිකා Nisadas Count (437)





චතුරංගි හර්ශිකා 5 years ago 255 4 5

Nisadas Image

මගෙ මතක හිත

ගනදුර මැදින් හෙමි හෙමිහිට හිතට ඇවිත්
මගෙ හිතු මනාපෙට හිත ළග නතර වුණත්
මතකය මැදින් නුඹ සිහිවන විටදි ඉතිං
බැස යන්නට හිතයි මේ දිවි රග මඩලෙන්...

හිතක් රිදෙන විට ඔසුවෙන් පලක් නැතී
නෙතේ නොවෙයි නුඹ ඉන්නේ හිතෙයි නිතී
මතකය ඉවත ලෑමට මට හයිය නැතී
යළි යළි රිදෙන පෑරෙන හිත හඩයි නිතී...

දිනෙන් දිනම නෙක වැඩ ගොනු අතර තියා
මිතුරු මිතුරියන් මැද මම හිත හිර කෙරුවා
එනමුත් තනිවෙනා සුළු මොහොතකට පවා
නුඹ මගෙ හිත ඇතුලෙ ගිනි අවුලා තැබුවා...

අපි හමු නොවී හිටියා නම්
පෙරදාක
හැමදාමත් හිනැහෙනවා
මම තාම
නුඹ මා හැර ගොසින් කොතරම් කල් වුවද
තවමත් මතක මැද හිත රිදවන්නේ ඇයිද...

දිනිසුරු නැගෙන පෙරඹර ගී ගයන කොට
අපි හැමදාම මුණගැසුණා
අමතකද
ජීවිත පොතේ ප්‍රේමය ගැන
සටහනට
නුඹ විතරමයි මට උන්නේ
හැමදාම...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 219 3 4

Nisadas Image

අද

2020 සැප්තැම්බර් මස 07 වෙනි දා

රෑ ගොම්මනට
රෑ බදුල්ලෙක්
පාට පුරවනවා...

මේ තුරු ලිය ගොමු මණ්ඩපයේ
එක බංකුවක
මම හිතින් වාඩි වෙලා ඉන්නවා...

වෙන කවුරුත් නෑ
මම විතරයි
තනියම...

නම නොදන්න
මොකක් දෝ මලක
මිහිරි සුවඳක්
සුළගත් එක්ක මේ පැත්තට එනවා...

මේ ලිය ගොමු මැද
සිමෙන්ති බංකු අතරේ
කොයි තරම් නම්
ආදර කතා තියෙන්නට ඇතිද...

මෙහෙම හමුවෙලා
ජීවිතේ පුරා එකට ඉන්න
ගිවිස ගත්ත උන්
කොයි තරම් ඉන්න ඇතිද...

ජීවිතේ කවියක්
අපි ම ලියන
අපිම කියවන...

හරි හීනියට
පළගැටියෙක්
කෑ ගහනවා...

මේ පුංචි මාවත් දිගේ
ලියැවුණු දහස් ගණන් කතන්දර
රෑ පුරහද
ගස් මුදුන් වලට
හොර හොරෙන් කියනවා...

සරසවියෙ හැම බිම් අගලකම
වසන්තය ජීවත් වෙනවා
හදවත ගැහෙනවා දැනෙනවා...

හරියට හීනෙන් ගෑ
සුවඳක් වගේ
අමුතු පින්බර ලස්සනක්
මේ මීදුම ඇතුලෙන්
හිතට ගොඩ වෙනවා...

අනාගතය හොයාගෙන
ආපු ගොඩක් උන්
ආශිර්වාද ලබපු
මේ බිමේ හැම ඉමකම
පුදුම ළෙංගතුකමක් ලියවිලා
තියෙනවා...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 285 4 6

Nisadas Image

ආගන්තුක දෙනෙතක් ළග

කරුවල අරන් ගගනත ඉම
නවතින්න...
රෑ පුර හඳට මයෙ හිත ගියෙ
නෑ ඔන්න...
එනමුත් නිතර උඹෙ මුව සිහියට
එන්න...
මෙතරම් වද දෙන්නෙ ඇයි හිත තුළ දැන්ම...

ප්‍රේමය කවි නොකර ඉන්නට
මම ම මට...
පොරොන්දු වී ඇත බැහැ
නවතින්න අද...
තරු ඇස් වලින් නිතරම මට
ඉගි කරන...
උඹ ළග නතර වෙන්නේ නෑ
මගේ හිත...

මේ මල් පාර ළග අද
උදයෙත් හිටියා...
නාදුනනා ඔය ඇස් මට
කතා කළා...
කොතරම් කරත් ඇවිටිලි දෙනෙතේ
තවරා...
නවතින්නට හිතක් නෑ මගෙ හිත දැන් මැරිලා...

වසන්තයට ආ කොවුලෙක්
වගේ උඹ...
හිත මත ගයනවා ගීයක්
ඉගි කරන...
හැම දවසකම මගෙ නෙත් ළග
නතර වෙන...
නුඹට දෙන්න මට දැන් නැහැ
මගේ හිත...

උඹ ලස්සනයි තරු ඇස් හිත
පුරා රැඳෙයි...
උඹ ළග නවතින්න මගෙ හිත
නිතර සිතයි...
මම විදවාපු ප්‍රේමය මට
තව රිද්දයි...
ඒ හින්දාම යළි ප්‍රේමය අවැසි
නොවෙයි...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 231 3 3

Nisadas Image

මගෙ හීන

මැද මිදුලෙ වාඩිවෙලා
රෑ පුර හඳ දිහා බලාගෙන
මම ඉන්නවා
දැන් රෑ මැදියම...

බොරදම් කැටයම් අතරින්
හඳ එළිය හරි ලස්සනට
රටා මවනවා
වැලි මිදුලේ...

කලු පාට
මේසෙ කකුලකට
හද එළිය රේඛාවක් වැටිලා
හරියට සුදු පාට සර්පයෙක් වගේ...

හීතල හුළගක්
මල් සුවඳකුත් අරන්
නාස් පුඩුවල ඇතිල්ලෙනවා
හුරතලේට වගේ...

මොන මල් සුවඳ ද ඒ
මගෙ හිත මගෙන් අහනවා
මං හිතන්නේ සේපාලිකා මල්
ඔව් ඔව් ඒ සේපාලිකා මල් තමයි
මගෙ හිතත් මට එකග වෙනවා...

රැහැයියෙක්
පුළුවන් උපරිම හයියෙන්
කෑගහනවා
එකපාරටම ඒ සද්දෙ නැවතුණා...
පුපුරලා යන්න ඇති
මගෙ හිත කියනවා...

ඔව් වෙන්න ඇති
හරියට අපේ ජීවිතේ වගේ
කෑගහලා කෑගහලා...
එකපාරටම පුපුරලා යනවා...

රෑ හරි ලස්සනයි
හිත නිවෙනවා
මගෙ හිතත්
මැද මිදුලෙ බීරළු අතරෙ එල්ලිලා
කල්පනා මාලිගාවක් හදනවා...

- චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps