චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 250 3 2
බලන බලන හැම අතම නිහඩ හුළග කතා කියයි දන්නවාද දන්නෑ ඔබ හුදෙකලාව හරි මිහිරියි... ගලන දොළක මිහිරි හඩට මංසල ළග කුරුළු නාද හරි මිහිරට ගීත ගැයුවෙ වස්සානය ගැන නොවෙයිද... බිනර මහේ එක හවසක සදු නගිනා හෝරාවක දළදා සමිඳුන් අභියස මට හැකි නම් වැද වැටෙන්න... දුම්රිය පොළ ගාව තැබූ මගේ මැරුණු ගොළු හදවත අරං එන්න මම යනවා මේ ගොම්මන් රෑ අදුරට... චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 284 2 2
අයිලයේ සද රෑක සුදු පාට තරු නැතිව සද තනිව හිනැහුණා බොර පාට කන්ද ළග... හිත නිවන සුළං රැළි ඇවිත් ඉදහිට ළගට මොනවදෝ කියනවළු පොප්ලර් මුදුන් වලට... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 251 3 3
තවත් පිටුවක් කිසිවකු සමඟ බෙදාහදා ගන්නට හඬාවැටෙන්නට නෝක්කාඩු කියන්නට දුකක් දැන් ඉතිරිව නැත. විශාදය සුව වී ඇත. එක්වරම හිතට දැනෙන පුදුමාකාර සැහැල්ලුව කුසට දැනෙන සනීපය, ලෝභ කටයුතු ය. එය එතරම්ම මිහිරි ය.එවිට අතීතය දෙස හැරී බලමින් නැවත හාරා අවුස්සමින් අතීත සුවඳ මතක විඳිමින් ඒ මිහිර අවසන යලිත් දුකටම වැටෙමි. අවසන් වන දිනයක් මම නොදනිමි. අවසන්ය සිතා සැනසීමි. නමුත් මොහොතකට හදවත පෙළෙමින් කුසට වේදනා දෙමින් නුඹ නැවත මා තුලම උපදී. පුරුදු කඳුල නෙත් කෙවෙනි තුළින් උපත ලබයි. නැවත නැවත හඬමි. දිනෙක මේ සියල්ල මතකයක් වී යටිහිතේ නිදනු ඇත. නමුදු කලෙක දී යළිත් උපත නොලබාවිදැයි කාටනම් කිවහැකිද ?
චතුරංගි හර්ශිකා 5 years ago 202 2 2
තවත් පිටුවක්, හිත තැන්පත් ය. එහෙත් විටින් විට නිසල මුහුදේ නගන රළක් මෙන් හැඟීම් රැල්ලක් විත් නිසල හිතට දබර කර නෙත් දෑල තෙත් කර නැවත යයි. තවමත් සොයමි. ගුරුගීතයේ දුටු දුයිෂෙන් නුඹ ද? නොහඳුනමි. නොතේරෙන හැඟීම් ගොන්නක මම ඔබව සොයමි. මට තවමත් ඔබව තේරුම්ගත නොහැක. අපි හමුවුණේ ලං උනේ, එය අහම්බයක් ද? එය එසේ නොවුනා නම් නුඹ සතුටු වනු ඇත. මම එය දනිමි. නුඹ වැරදිකරුවෙකු කොට සමාජය නම් වූ ජූරිය අභිමුවට රැගෙන යාමට මට අයිතියක් නැත. ඔබ නිදොස් ය. වැරැද්දක් ඇත. වැරදිකරු ඔබ නොවේ. මම ද වැරදිකරුවෙක් නොවෙමි. වරදක් සිදුවී නැත. නමුත් නිරන්තරව මාරු කිසිදු පණිවිඩයක් යලිත් නොඑන බව සැබෑවකි. යන්නට ගිය මග අතර මග හෙනයක් වැදී වන්දනාකරුවන් මියගිය සෙයකි.
චතුරංගි හර්ශිකා 5 years ago 262 2 2
මේ වෙරළ ඉමේ මම මගෙ මතක ගොඩගසා ආදරේ අයැදියා මතකයිද පෙර එදා මගේ පසුපස හඹා මගේ හිත ඉල්ලලා හිත අරන් ඈතටම මගෙන් වෙන්වී ගියා මේ සැඳෑවේ මමත් තනිව මෙහි ආ නිසා අපේ මතකය තවම හිත පතුලෙ දග කළා මේ වැල්ල පුරාවට දෑත් පටලා එදා ඇවිද ගිය අපේ පා සටහනුත් බොද වෙලා මේ බිමේ අපේ පා සටහන් මකා දමා රැල්ල වේගෙන් ඇවිත් වැල්ල පිස දා ගියා මගෙ හිතේ ඇති මතක කදුළු කැට පිස දමා රළු මුහුදු රළ නුඹට ආ හැකිද හිත කරා අපි ආදරේ වින්ද මේ වෙරළ හැර දමා යළි නේන්නටම යමි මේ කදුළු මට එපා තවත් නම් මට නුඹත් නුඹෙ මතකයත් එපා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 252 2 2
අහිමි නුඹට ලියමි, එදවස නුඹ නමින් පදවැල් ගළපන්නට ඉසිඹුවක් නොලද්දෙමි. කාලයේ චණ්ඩ මාරුතය ජීවිත හරහා හමාගිය වේගය මෙතෙකැයි කිව නොහැක. ගොලු වී බලා උන්නෙමි. එකිනෙකට බැඳී නොනැවතී සිදුවුණු සිද්ධිදාමය වේගයෙන් සිදුවූ අරුමය, එය නම් අරුමයක් ම ය. සංකීර්ණ ව්‍යාකරණ අතර අපේ කතාව ගොතන්නට මට ඉඩක් නොලැබුණු හැටි නම් පුදුම ය. පුංචි හැඟුමක් පවා කවි කළ හිත ගොළු වූ අයුරු පුදුම ය. මෙය මෙසේ අවසන් වන්නට නියමිතව තිබූ හෙයින් ඒවා එසේ සිදුවන්නට ඇත. සැබෑවටම ඒ හමුවීම් ගෙන ආවේ හෙට දවස පිළිබඳ අවිනිශ්චිත බවකි. සතුටින් සිනාසුන නමුදු යටින් වූයේ ප්‍රිය විප්‍රයෝගය ලකුණු ය. වෙන්වීමත් අත ළඟ ඇති බවක් නිරන්තරයෙන් ම සිතුනි. ඔබෙන් වෙන්වී යන්නට නියමිත ව තිබූ නිසා මට එසේ හැඟෙන්නට ඇතැයි සිතමි. නමුදු මා මළගිය ඇත්තෝ තුළ දුටු දෙවෙන්දොරා නුඹ විය. මා විරාගයේ දුටු අරවින්ද නුඹ විය. සියල්ල අවසන සිත තැන්පත් ව ඇති මේ ඉසිඹුවෙහි මම ලියන්නෙමි. මටම සීමා වූ ඔබට අවැසි නැති, ඔබට නොතේරෙන, ඔබ අකමැති, පිටු ගණන් කතාන්දරය මම ලියන්නෙමි.
චතුරංගි හර්ශිකා 5 years ago 258 2 2
දෘෂ්ඨි කෝණය, සාපේක්ෂව වෙනස් වන අපූරු දෙයක්! - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 266 2 2
ජාතිවාදය ඇති කරන්නට බොහෝ උන් වෙහෙසෙනා කාලෙක උඹේ උන්හට සමාජේ නිසි තැනත් අහිමිව යන නිමේෂෙක... එකම රතු ලේ හැමෝගෙම ළග ඇතැයි මම ලියු පෙම් පුරාණය නමුත් අවසන ඉතුරු වූයේ මගේ තනි හිත විතරමයි මට... මගේ පසුපස හඹා විත් නුඹ හඩන විට හද ඉල්ලලා කාටවත් මම නොදුන් හද මල නුඹ වෙතට මම පුදකළා... හොයාගන්නට නොහැකි සේ හද කොහේ හෝ උඹ විසි කළා උඹ වගේ උන් පිටුදකින එක දැන් මගේ සිරිතක් වෙලා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 300 2 2
අපේ මල් පාර තනි මගේ හීන නිරන්තර රිද්දුවා... උදේ හවසත් දකින දහවලෙත් පෙම් කරන බොහෝ උන් එහි වුණා... අසන්නට යමක් සිතන්නට යමක් මගෙ හිතේ නැති වුණා... මමත් ඔබෙ මතක හිතින් විදගෙනම ලහි ලහියෙ පිට වුණා... අපිත් මුණ ගැහුණු දවස්වල පුදුම ආදරේ ඉතිරුණා... ඉරත් අවරට යන තුරුම අපි ආදරෙන් හිනැහුනා... මතක් වී අදත් කදුළු කැට ගොඩක් මගෙ දෙනෙත් තෙත් කළා... පෙමින් ලං වෙච්ච බොහෝ උන් දකින හිත මටම කෙදිරුවා... ළගින් උන්නාට උනුත් වෙන් වේවි මම වගේ අඩ අඩා... මමත් කුරිරුයි හිතත් කුරිරුයි ඔබ නිසා මම මෙදා... සොවින් වැලපෙනා උන් දිහා බලමි සිනාසී හිත පුරා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 248 2 2
උඹට මතකද ඒ දවස්වල නිරන්තර අපි හමුවුණා... හැම උදේකම හැම හවසකම මුවග මදහස දිලිසුනා... ඒ නිමේෂය අසුරු සැනෙකින් මගෙ ලොවෙන් පිටමං වුණා... තවම දන්නෑ අපේ ප්‍රේමය හැර ගියේ නුඹ ඇයි කියා... එකම පොළොවක ඉවුරු දෙකකදි ආදරෙන් අපි හිනැහුණා... නුඹේ පපුවේ උණුසුමට මම සෙනෙහසින් තව ළං වුණා... අපිම ඉදි කළ අපේ ලෝකේ අපි අපිව සොයමින් ගියා... මාව හැරදා දුරක් යන්නට හැකි වුණා පුදුමයි මෙදා... නිතර මගෙ හිත අහනවා දැන් උඹට කොහොමද යැයි කියා... මම දන්නෙ නෑ කොහේ ඇත්දැයි කුමක් කරමින්දැයි කියා... මිණිපුරේ එක බිම් ඉසව්වක මතු දිනෙක මම නැවතිලා... නුඹට රහසින් සොයනවා යළි නුඹට කොහොමද යැයි කියා... නුඹ පරාජිත ජීවිතේ තුළ සතුට නොවිදින බව සැබැයි... නමුත් ජයගන්නට ඕනි නැති උඹේ උන් හරි කම්මැලියි... එක තැනම දින ගෙවී දවසක අපි හැමෝමත් මහළු වෙයි... දන්නවද ඒ දින පවා නුඹ ඉන්නෙ ඔය මතයේ තමයි... කාසි සොයමින් තැවෙන්නට මට අවැසි නෑ ජීවය කෙටියි... නමුත් මම මගෙ හීන පසුපස ගොස් දිනමි මගෙ ලොව එයයි... නුඹ නැති ලොවේ මගේ හිත ළග යළිත් ප්‍රේමය නූපදියි... දිනෙක හමුවනු ඇති යළිත් අපි එදින ඔබ මට තව දුරයි... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 254 2 2
එකම මගක දෙතැනක උන් අපි දෙන්නා ගැන... හීන දකින ඔහු මාගෙන් පෙම විමසන විට... ඔය උඹ හා හාද වෙලා උන් හින්දා මම... ඔහුට බහක් නොදී නුඹේ ළග රැදුනා මම... නුඹත් මගෙන් වෙන් වුණාම නොහිතන විදිහට... හිමිදිරියේ මම දැක්කා පුදුම දෙයක් අද... බහ ඉල්ලා මගේ ළගින් හුන් ඔහු සුන්දර... යුවතියකගෙ දෑත අරන් නැගුණා රථයක... හෙට දිනයේ උඹත් යාවි පැටලී දෑතක... මම තනි මග බලා හිඳිමි මගෙ තනි හිත ළග... හිත් රිදවන ඔය බැදීම් නැතුවට කම් නැත... තනි හිත තුළ සැනසීමට ආසයි දැන් මම... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 271 2 1
උඹට ළං වූ මුල් දවස්වල බොහෝ උන් මට රිද්දුවා මෙහෙම උඹ ගැන හිතන්නේ ඇයි උමතුවෙන් දැයි විමසුවා... ආදරේ හදවතේ ඇත්නම් ළගින් ඉන්නම් දිවුරලා මම උඹේ ඔය ආදරේ ළග මගේ හදවත හිර කළා... කතා කියු අය හිනා වෙද්දී උඹ මාව අතහැර ගියා උන් තමයි හරි මමයි වැරදී අන්තිමේ මට වැටහුනා... ආදරේ විහිළුවක් වූ කල සුපෙම් හැඟුමන් නෑ කියා මගේ දිවියේ හොඳම පාඩම ඒ නුඹෙන් මම උගත්තා... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps