චතුරංගි හර්ශිකා
6 years ago
343
2
11
ලියමන
මිස්ට වොන්කා වෙත,
ජීවිතේ ෆැන්ටසිය
තුළ කිමිද හැමදාම...
ජීවිතේ විදින්නට
මටත් ආසයි තාම...
විලී වොන්කා එක්ක
රස රහස් නරඹන්න...
අවස්ථාවක් මටත්
ලබා දෙනවද දිනක්...
චාලි වාගෙම තමයි
අකීකරු නැහැ මමත්...
ඒ නිසා අනිත් අය
වගේ වෙන්නෑ මමත්...
ඔබට යළි ඒ වගේ
තව කෙනෙක් ඕනිනම්...
මිස්ට වොන්කා දෙන්න
අවස්ථාවක් මටත්...
හුරු පුරුදු ගැහැට මැද
මමත් හැදුනේ ඉතිං...
චාලි වාගෙම තමයි
මමත් දුප්පත් කෙනෙක්...
ඒ වුණත් හරිම හොඳ
හිතක් තියෙනවා මටත්...
ටිකක් හොයලා ඉතිං
දැන ගන්න මං ගැනත්...
- චතූ