Naween Perera Nisadas Count (38)
Naween Perera 5 years ago 353 7 13
විසිර ගිය සිතුවිලි ලෝකෙ එකට කැටිකර දුන්නු සුවද මල හදට මං ගෙනගිහින් හිනැහුන පෙත්ත මට දුන්න සුව වරුවකට හිරිවැටුන වතුර පොද තොල තෙමුව පිච්චුනා බඩ පපුව වෙනම ලෝකෙකට අරන් ගිය උබේ මතක දෙන වේදනාව අමතකම වෙලායන්නට සැර මදි උනාද මන්දා... ~නවියා~
Naween Perera 5 years ago 367 9 12
එක බැදීමකටම කොටු උන හිතුවේම ඒක ජීවිතේමයි ජීවිතේට වඩා හිතේ මගේ තිබ්බ ආදරේ ඒත් උබේ ලග ඉතිරිව වචන වල විතරක්ම නමට තිබුනු ආදරේ පුස්සක් බව දැනුනාම කඩන් වැටුන හීන කන්ද එක්කම මගේ හදවත උබව මතක් වෙන මොහොතක් ගානෙ කකියනව හොදහැටි තාම ~නවියා~
Naween Perera 5 years ago 333 5 12
ජීවිතේ අන්තිම දවස් ටික කිසි වෙනසක් නැතුවම ගෙවිල ගියාට දුකක් නෑ හිතට බැදීමක් නැති තැන දාල යන්න දේකුත් නැති අතහරින්නට පුරුදු උන හිතත් හරි හයියයි හඩාවැලපෙන්න සෙවනැල්ලවත් නැතිව තනිඋන මගෙ ලෝකෙ නුබ වෙනුවට හැබැයි මට යන්න වාරයක් ආවොතින් දෙපාරක් නෑ හිත හිත ඉන්න.. ~නවියා~
Naween Perera 5 years ago 278 6 10
රට පුරා ඇවිදින්න ආස මම නුබ එක්ක හීන තිබුනා එමට හදවතම ස්පර්ශ කල ඉඩෝරය පැමින මගෙ සිහින බිදුනු කල ආස නැති වුව මැණික සිදුවුනා තනිවෙන්න පලක් වෙද දෙදනාම දෙපසකට වී තැවුනු එනකල් බලන් ඉන්නෙ දැඩි කරන් හිත නැවුනු ආ විගස මගෙ ලගට යමු තෙල් මල් අරන් උන බාර රටවටේ දෙය්යොත් ඇති මග බලන් කල පව් ඇතොත් ගෙවිලාම යන්නට විගහට පුදකල මගෙ දිවි අයිති දැන් මහා සෑ රදුන්හට කල්ප ගානක විරහව ඇතිය මට විදවන්ට වස්සාන සෘතුව ගෙන එන්න හැමදාටම ඉන්න ~නවියා~
Naween Perera 5 years ago 321 5 10
නොයෙන බව දැනුනාට දසදහස් වාරයක්.. උබයි ජීවිතේ කියා එකවරක් දැනුනාම.. හැමදේම එපාඋන මගේ හිතට මල් වැස්සක් වැස්සා වගේ නැවුම් සුවද තව නැගෙයි එමට රැදිලා උන් සුවදැති මුලු හද පුරාම මතක සුවද ගත පුරාම ඉපිලූ සිනාවම ඉනික්බිති නුබ ගිය හිත වෙලුනු කිඩාරම අදුරුවුව සුවද විය තනිවුනු හදවතම ගතට තනිකම හැකිය මට මකාගන්නට.. හිතට උනු පාලුවනම් බැහැ තවමත් මකන්නට උබෙ සිනාවක් හැබහින් දැක හද සනසවන්නට පින් ඇතිවෙද මගෙ නෙත් දෙක හට. .. ~නවියා~
Naween Perera 5 years ago 322 7 13
නුබේ සියුමැලි මුව කමල සිත්තම් කල මගේ රළු අත්ල මත රදවාන මා ඇදි නුබෙ සිතුවම දෑස අල්වා බලා සිටිමි මම සේයා රූ කොතෙකුත් ඇත්ද එහෙත් එහි නුබ නැතිය මගේ සිතුවම තුලම නුබව මම හැබැහින් දකිමි හැබෑ දෙනෙතට නොදුට නුබ හැමදාම හිතේ ඉන්න තවතවත් නුබව මම සිතුවම් කරමි හිත තුලම ආයෙත් නොයෙන්නටම නුබ යන්න නුබෙ ගමන ඇදි සිතුවමත් සමග මං ඉන්නවා හැමදාම ~නවියා~
Naween Perera 5 years ago 314 6 9
මහ උපාධි බම්බු අත දැරුවාට නම යටින් පට්ටම් එල්ලන් හිටියාට උප්පැන්නෙට බොදු උන් කීවාට දන්නවද උබත් හය හතර... අපේ බොදු මුතුන් මිත්තන් මේ හය හතර නොදත් උන් හැදිනුවේ මෝඩයන් මෙන්... හය හතර ලෙස නම් කලොත් චතුම්මහාරාජිකය,තාවතිංස ,යාමයත් තුසිත,නිම්මාණරතිය, පරණිම්මිත වසවර්ථියත් යන දිව ලෝක හය මෙන්ම තිරිසන්,ප්‍රේත,නිර,අසුර අපාය සතරද වෙත්... නමට බොදුනුවන් උන උන් අඩක්වත් ඇත මෙය නොදත් දිවා රෑ දහම් ඇසුනාට මූලිකම දේ නොදත් උන් පරයන්ට කත් අදින පරයන් මිසක නමට පමණක් බොදු කොටස තියාගෙන තොපි හට ඇතිද? ~නවියා~
Naween Perera 5 years ago 363 7 14
හිත හිත හැමදාම දුක් ගිනි ගොඩක නුබ ඒ හැම සිතුවිල්ලකම ඇතුලට රිංගන් කරන සෙල්ලම පීවිතෙ එක්ක ඇති වෙලාම යන්න හැදුවාම කොහෙන් හරි හේතුවක් තිබ්බා දරාගෙන ජීවත් වෙන්න මහ පවක් නොවුනා නම් ගිහින් මං මහ හුගක් කල් කොරෝනා උබවත් ඇවිත් වෙන උන් නොගෙන අතහැරල දැන්වත් අරන් පලයන් මාව ~නවියා~
Naween Perera 5 years ago 306 5 7
හිතුවාට පොඩි කමට කවට වදනක් ලෙසට කවදාක හරි හිතුවාද අරුත මේ පද පෙලේ... කම් කම් කියා ඇමතුවේ උබ අපේ මුතුන් මිත්තන්ට... පරයින්ට ගැති කමින් නිවට නියාලුව පෙන්වමින් හිටි උන්ට පරයන්ම ඇමතුවේ බූරුවන් නමින් සි සිංඤ්ඤෝරු ලෙස එහෙයි මහතැන් ලෙසින් පිලිතුරු දුන් නිවටයින් උන් කියන කියන දේ පිටකොන්ද නැති ලෙසින් ඉටුකලේ පරයින්ට වැද වැදන්... එදා උන් නිවටයින් ගැන හැදුනුවේ මහත් පිලිකුලෙන් එහෙයින්ම එ පද පෙලම කවට සෙල්ලමක් ලෙසට සිහල සමාජය තුලම පොඩි උන් අතරට ගියා.. ~නවියා~
Naween Perera 5 years ago 394 5 9
සද සිටියාද නැතිවද නොදැනුන හැම රෑකම නුබ මං ලග උන්න නුබ ගියදා පටන් සද හා මා තනිවුන අමාවක දාට සදවත් ලග නැතිවුන තනිකම පමණක් තනියට ලග උන්න කලුවර හිත පුරාම පැතිරී තිබුන පෑරුණ හිත ඉවසාගෙන ඉන්න හිතට සැනසුම මදකට වත් එන්න අමාවකට වත් හීනෙන් එන්න ~නවියා~
Naween Perera 5 years ago 307 5 7
ගියෙමි උඩුගං බලා පැවති බමුණු මතවල බැට කමින් පැතිමි චිරතිතිය සසුන තුල මගෙ ගෝතම බෝසතුන් තුන් සිතම රට දැය කෙරෙහි මිස නැත සිහිනෙකිදු දැය වනසමින් හැකි උපරිමය දුන් මගෙ සිත ගත වෙහෙසමින් දැන් ඇතිය සිතුනත් දහස් වර හැමදේම මං ඉවසමින් පැතුවේම වසනා මොහොතක්ම රකින රට දැය තුටින් දැන් ඇතිය මට අවසනක මගෙ යුතුකමක ගතපසු දැයෙන් සනිටුහන් කල මැනවි මගේ අවසන ගරු ලැබූවකු ලෙස දැයෙන් ~නවියා~
Naween Perera 5 years ago 309 6 11
කෙරුනු වැඩ අතරතුර යැවුනු ඇස වෙනතකට අහම්බෙන් වාගේ දැකපු නුබ දැකල පුරුදු වගෙ කොහේ හෝ හිද ආව සිතුවිලි වලට ඉඩ දුන්න යැවුනු ඇරයුමක් මම නුබ එක්ක පැටලෙන්න සයනයට බර දුන්නු ගත තව නෑනෙ නිදි එන්න ගත මෙතන උන්නාට නුබ එක්ක දොඩමලු වෙන්න මං හොයනවා මං තාම ~ නවියා ~
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps