චතුරංගි හර්ශිකා 5 years ago 255 3 4
හැන්දෑවේ කරුවලට සඳ කතා කියනකොට... වසන්තේ පුරාවට පෙම් කරන්නම් සඳට... රෑ අහස ගයන ගී කදෝපැණියන්ටම ද... තාරුකා ආදරේ කලේ නැතිවද සඳට... මාරුතය අරන් එන අකීකරු මල් සුවඳ... මොහොතකට දෑස් මත කදුළු මැව්වේ කිමද... අහස විනිවිද ඉතින් හැකියි නම් පියඹන්න... මතක හිත එක්ක මම පියාඹමි අතීතෙට... මම, චතූ 2020 ඔක්තොම්බර් මස 17 වැනි දා 12.10am
චතුරංගි හර්ශිකා 5 years ago 271 3 4
නිරන්තර නෙත් කෙවෙනි කඳුලින්ම තෙත් කරන ජීවිතේ නැවතුමක මගෙ කවිය ලියනකොට... හුදෙකලා හිත ඉතින් කෑ නොගහ උන්නාට දන්නවද නෙතු දෑල තෙත් කළා හැම රෑම... අනන්තෙට එහා ගිය හීන අහසක් උසට අපි ලියපු කතාවම කතාවක් විතරමද... අහිංසක හීනයක කඳුළු තැවරූ නුඹට වෛරයක් නෑ හිතේ මම හඟිමි ජීවිතය... මම චතූ 2020 ඔක්තොම්බර් මස 16 වැනි දා 07.45 pm
Deesha(දීෂා)❤️ 5 years ago 356 3 10
හස්ත මුද්‍රා නොතිබුවත් මම පුතුනි නුඹෙ රුව මහද මැව්වා කිරි සිනහවක් නොවැකුණත් කණ නුඹෙ සිනහවන් හිතම නිමුවා කුමරුවනි මම නුඹේ නාමෙන් පුංචි සළු හෙමි හෙමින් ගෙතුවා දකිනු රිසියෙන් නුඹේ රුව මම සිව් මසක් පාරමී පිරුවා.... ගුවන් ගැබ නුඹ දෙපළු කරමින් සුර ලොවින් මව් කුසට ආ දා බුදුන් අභියස දෙදණ නමමින් රැකදෙන්න "පුතු" අයැද සිටියා දෛවයේ එක් පසෙක සිටි මරු නුඹව මවගෙන් උදුර ගත්තා මවකගේ උණු කඳුළු අදටත් පුතුගෙ නාමෙන් දෙනෙත් තෙමුවා ........ ???????
චතුරංගි හර්ශිකා 5 years ago 216 3 4
- ජීවිතේ - හිත රිදෙන නෙත් තෙමෙන මතක හිර කරපු අතීතයක... කදුළු විනිවිද ජීවිතේ හොයාගෙන මමත් යනවා මේ පාර දිගට... මගෙ කතාවේ මම කියපු නොකියපු තැන් තව එමට... කාලයේ ගගත් අතීතයේ ඉදලා වර්තමානයට ගැලුවා හරි ඉක්මනට... බලා ඉන්නම් ජීවිතේ තව දුරයි දවසක මමත් යයි පොළොව යට නිවහනට... මම චතූ
ශශී❤️? 5 years ago 382 3 3
ගොම්මන් අදුරට නෙත හුරු වෙනකොට මියැදුනු මතකය අවදි උනා උනුසුම් කදුලක් කොපුල් තෙමනකොට සිත සිතුවිලි මට ගතු කිව්වා නිලබර සද තරු තනිය මකනකොට අහසට පබැදිව කවි ලිව්වා සීතල සුලගට රහස් කියනකොට නුබෙ රුව පෙනි පෙනි සැගව ගියා මීදුම මුලු රෑ දසත ගලනකොට නුපුරුදු හැගුමක් මෝදු වෙලා දෙනෙත් පියන් මම තදින් වසනකොට නුබෙ සුන්දර වත මට පෙනුනා අනේ ඉතින් මම නුබ වෙත එනකොට දහසක් සිතුවිලි හදෙහි දරා සිහිනය අතරින් ඇගෙ අත ගෙන නුබ අසුරු සැනින් රුව බොදව ගියා ශශී
චතුරංගි හර්ශිකා 5 years ago 300 3 4
ඔහු නමින් එච් එම් කුඩලිගම විය. "සැන්දෑ වලාවක සිට තොල්පෙති මතුල සොබාදහම ඔබ රෝහිණි මම අතුල"? සොබාදහමේ සුන්දරත්වය හෘදයංගම ලෙස උකහා ගත් කොළඹ කවිය සැබැවින්ම භාව ප්රකාශනයකි. මම වඩාත් ම ආදරය කරන කවියා එච් එම් කුඩලිගමයන් ය.☔?❤ "කදු බෑවුමක දං බෝවිටි පදුරු තලා පහළට ඇදී පර මල් පෙති ඉවත නොලා කලදෝ දියෙන් පොගවා රන් පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට බලා" ලොව බොහෝ දෙනා සුන්දරත්වය ගෝචර කර ගන්නේ ඇසට හෝ සවනටයි. නමුදු කවියා සුන්දරත්වය දකින්නේ හෘද අභ්‍යන්තරයෙනි.❤✍ "සැගවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතැනකදී හෝ මහ මුහුදු හිමි හමුවුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි" ඒ අරුම චමත්කාරය පුදුම සහගත ය.?? "රන් තරු පිරිවරාගත් සඳ මඩල යට මහ වන බිමක් මැද ගිරි කුළු අතර සිට නොමියෙන හේලි දහමක පණිවුඩය පිට කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට" මෙවන් ආදරණීය සුන්දර කවි රැසක් කුඩලිගම කවියාගේ පන්හිඳ තුඩගින් ලියවී ඇත. ඒ සුන්දර ම කවි අතරින් මා සිත් ගත් ආදරණීයම කවි කිහිපය ඉහත ලියා තැබුවෙමි.☔?✍ ඔබට ද රසවිඳිනු වස්...?❤ මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 276 3 4
?මතක පුරාවත නැවත නැවත කියවන්න තවම මනාපයි අතීතයේ ජීවත් වෙන්න... අතහැර දමා ආ මග සොඳුරු සිතුවම් නැවත කැන්වසයක් මත පින්තාරු කරමි යළිදු මම... මම, චතූ ✍ 2020 ඔක්තොම්බර් මස 16 වැනි දා 12.15am
චතුරංගි හර්ශිකා 5 years ago 235 5 6
සොඳුරු පිටු පුරාවට හැමදාම නවතින්න අවසරයි කවි පොතේ මගේ කවි අලවන්න...? ලස්සනම කවිකාර පන්හිඳට ළං වෙන්න මගෙ එකම සතුට දැන් කවිය පමණයි ඔන්න...✍ __________________________________________ මම මගේ සිතුවිලි ඔහේ කුරුටු ගෑවා. මේ කවි පොතේ.? ටිකෙන් ටික...? අත්හැරෙන දේවල් අල්ලගෙන නොඉඳ ජීවිතේ දිහා බලන්න මම ම ඉගෙන ගත්තා. ?? මම මට හිතෙන හැමදේම මෙහෙම කුරුටු ගානවා. අදටත් හෙටටත් මට පුළුවන් තාක් කාලයක්... බැඳීම් වලට වඩා හරි ආදරණීයයි... මේ අකුරු, කවි, වචන, නිසදැස්... හැමදේම...✍? මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 226 3 4
___________________________________??__ ??දන්නවද! උඹේ කුස පුරවන්න කප්පරක් ගිනි දරාගෙන දහඩිය කදුළ දිය කලේ උඹේ අම්මා තාත්තා... ගිනි ගොඩක හිත තියාන මල් යහනක නුඹ තියන්න නොවිදිනා දුක් වින්ද සුසුම උඹේ අම්මා තාත්තා... ගල් බොරලු වැලි අතර හඩා වැටෙන දෑස් ළග අස්වැසිල්ලක් වුණු සෙවන උඹේ අම්මා තාත්තා... ජීවිතේ රළු ගමන දරු සෙනෙහෙ තුරුළු කර නූපන් අනාගතය මවන අරුමය උඹේ අම්මා තාත්තා... දිවි මගේ නැවතුමක නුඹ දැන නොදැන මග හැරෙන නොවැටුණු කදුළු බිදුවත් උඹේ අම්මා තාත්තා... මම චතූ __________________________________??___ (ඔය උඹේ ඇස් වලින් කදුලක් වැටෙන්න නොදී උඹව ඇස් දෙක වගේ බලාගන්න ඒ ආදරේට කවදාවත් ම ගින්නක් දෙන්නෙපා...) 2020 ඔක්තොම්බර් මස 16 වැනි දා 12 .02 am
චතුරංගි හර්ශිකා 5 years ago 268 3 4
⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈ ☔ එක සිතුවිල්ලක් ? අහස පුරාවට වැහි වලාකුළු එකිනෙකාට හිනාවෙනවා...⛈ අකුණු සද්දෙට රෑ පුරාවට සැරින් සැරේට ගැස්සිලා ඇහැරෙනවා...⚡⛈ මෙහෙට මොකටද මෙච්චර වැස්ස ගොවිතැන් කරනවා කියල නම් කමක් නෑ...⛈ ඔය වතුර ටික අර වියළි පලාතේ කරවෙච්ච පොළොවට හැලුවනං මොකද...☀️ වගා බිම් ගිනි අව්වට නිතරම පිච්චෙනකොට අහස දිහා බලාගෙන ගොවියො හූල්ලනවා තරගෙට...⛈ නිකං බොරුවට අපරාදෙ උන්ට පොඩ්ඩක්වත් ඇත්තෙත් නෑ අපිට මෙච්චර වැඩකුත් නෑ...⛈☔ - මම, චතූ ⛈ ⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈ 2020 ඔක්තොම්බර් මස 16 වැනි දා 12.12am☔
චතුරංගි හර්ශිකා 5 years ago 236 3 4
__________________________________??___ ??හිතවතිය, හැමදාම මට පුරුදු මගෙ කවිය ලියනකොට... නොවෙනස්ව පිළිතුරක් තිබුණෙ ඔය නුඹ ගාව... කවියෙක්ට පත්ඉරුව කවි වලින් පුරවන්න... නුඹ වගේ රසවිදින සොඳුරු හිත් සවියක් ය... ජීවිතේ කතාවේ දුක සතුට දකිනකොට... මම මගේ පාඩුවේ අකුරු කෙරුවෙමි මෙතැන... ඔය නුඹේ හිතවත්ම මිතුරු සිනහව සමග... දන්නවද හිතවතිය බැඳුනි මගෙ කවි හිතම... කවි පොතේ පිටු අතර නුඹෙ මුහුණ නොදැක්කට... නොදුටු මිතුරිය නුඹට ළෙංගතුයි සිතුවිල්ල... හැබෑවට හමු නොවී මේ තරම් ලංවෙච්ච... එකම මිතුරිය නුඹයි ජීවිතේ හමුවෙච්ච... මම චතූ ✍ __________________________________??___
⛈ සිතුවිල්ලක් කවි කළෙමි මොහොතකට හිත ගාව...✍ ___________________☔_____________________ කවිකාර හීනයක ඔය දෑතෙ පැටලෙන්න... වසන්තය ළඟ ඉදන් මුතු සිනා දැකගන්න... ආදරේ කතාවේ මගෙ පිටුව පුරවන්න... ජීවිතේ හැම පැයම මං ගාව නවතින්න... හිතවත් හිනා වැස්ස නුඹ තාම නින්දේද... ලස්සනම ජීවිතේ මල් කැකුළු මියැදුනි ද... හීනයක් වෙලා මගෙ නෙතු දෑල සිපගන්න... ගිම්හානයක ඇවිත් සොඳුරු කවියක් වෙන්න... මම, චතූ✍ _________________________________⛈⛈_____
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps