Ranatunge Jayawardene 1 year ago 191 0 0
ඔබ යදිමින් මා හිටියා ඒ නිදිගත් රෑ මැදියම සලකුණු කිසිවක් නොතබා ඔබ ඇවිදින් ගොස් තිබුනා.. * තරුකැට ඇසිපිය ගැසුවා මොනවද මුමුණා කීවා රැස්වී දොඩමලු වූ බැව් පිණිබිඳු රහසේ කීවා.. * රන් හිරු පායා දිලුනා කිරණින් වුවනත දෙව්වා නිදිගැට දිගහැර උදයේ පුතු මා ළය මත ඇලුනා.. * අප මඟ හෙලිකර පෙන්නා ඔබ මා අසලම හිටියා අඳුරින් අප සැම ගලවා සත දෙස එහි සිට බැලුවා ! --------------------------------------------------- රනේ/18ඔක්2024/ගැලවුම් කරු
Ranatunge Jayawardene 1 year ago 249 0 0
හීන රැසක් මත මම මැදි කරලා තියෙන තියෙන දේ වියදම් කරලා ඔබ නොදුටුව ලොව මට යා කරලා නිදනව ඔබ මෙහි මම තනි කරලා * ඔබ ගේ බඩගිනි, මට දැනිලා නෑ ඔබ විඳි කරදර මට දීලා නෑ සෙනෙහස රැකවල අඩුවක් කර නෑ වන්දි ගෙවන්නට මා ළඟ ඔබ නෑ .. * අසරණ වූ අය මට හමුවෙනවා ඒ දුක් බැල්මට හිත උණු වෙනවා ඇවැසි පිහිට මම නොඅඩුව දෙනවා ඉන් උපයන පින ඔබට එවනවා .. * දවසේ අවසන ඔබ සිහි කරලා මෙත් සිත වඩවා දසතම පතුරා කුළුණු ගුණෙන් පිරි ඔබෙ ගුණ කියලා පතනව මොක්සුව හැම සත නිවනා ! --------------------------------------------------- රනේ /09ඔක්2024/සිහිකිරීමයි !
" මොලේ ඇති, මා මිතුරු; මං ඉන්න ශරීරය ඔබට මේ කියන්නේ ඔබෙන් 'මම' අහන්නේ.. " * ඔබ මාව ගෙනයන්නෙ කොයිබට ද? ඇත්තෙන්ම හැමදේම පිළිවෙලට තමයි මං කරන්නේ දැනගන්න ඕන මට කොහොම ඒ හිතන්නේ 'දෙවියන්ද' කියන්නේ කවුද ඒ කරන්නේ ? * වැඩි මනත් දන්නෙ නෑ ඉපදුනා ලොකුවුනා ලෙඩ වුනා හොඳ වුනා හිනැහුනා දුක් වුනා මං නිකං 'මම' වුනා.. * හරිම හරි ලෝකයක් සැලැසුමක් දන්නෙ නෑ.. වෙනස තේරෙන්නෙ නෑ ඉපදෙනා ලොකුවෙනා ඔබ දකින 'මම' වෙනා.. මම මුකුත් කලෙත් නෑ ඔබ මුකුත් කළා දැයි මටම වැටහෙන්නෙ නෑ.. * පොඩි උන්ද ලොකු වුනේ ලොකු උන්ද වියපත්ව, මිය ගොහින් ඉපදුනේ .. කවුද මේ කරන්නේ කොහොම මේ දකින්නේ *** " ජීවිතය පැලකරන් ජීවිතේ ගොඩනගන 'ජීවිතේ' සාරයෙන්, ගමන් යන, සැරිසරන .. දේහයක් අරක් ගෙන, කාලයක් ගත කරන .. සාර ගුණ රැස් කරන එයම වියදම් කරන එයම තැන්පත් කරන් සංසාර ගමන යන ! මේ සසර පුරාවට ඔබ එක්ක සැරිසරන 'ධර්මතා' මගේ නම ඔබ ළඟම ගොඩ නැගෙන" ------------------------------------------- රනේ/02ඔක්2024/ධර්මතා
Ranatunge Jayawardene 1 year ago 214 0 0
ඔබව මට ඒ සොහොයුරාමයි රතට මල්පෙති හැලී තිබුනත් පයට පෑගී ඉරී තිබුනත් ප්රභාවත් වන අපේ පෙරමග සොහොයුරා මම ඔබ ළඟින්මයි තවම අතහැර නොගත් පණ වන් * අවධි කල මා උදයෙන් ඉරත් නිදිගත් ලොවකින් කපා මීදුම කිරණින් එළිය සේ ඔබ ඇවිදින් .! * ගමන් කර එන එක මඟ හිතෙන් අල්ලන් හයියෙන් හුස්මක් දුරින් හිටියත් බරද පියවර? නොඅසම් * සොහොයුරා ඔබ වූවයි තවම අතහැර නොගත් පණ වන් හිතෙන් අල්ලන් හයියට ගමන් කර එන එකට එක මඟ ! -------------------------------------------------- රනේ/29සැප්2024/සොහොයුරා
Ranatunge Jayawardene 1 year ago 230 0 2
ගොරෝසුයි සුළඟ කඳු ශිඛරය මත හිරු නැගෙන මොහොතක් වුවත් මේ තියුනු තණ පත් තුඩු අග රැඳී පන අදින බොල් පිණි දිලිසුනා ඒ, අන්තිම වරට.. මා දෑස් තෙත් කර ගලා ආ කඳුළු බිංදුවත් ඒ මැයි මොහොතකට සිතුනා මට.. * මා දමා ඔබ නික්මුණු දවස ගැන, තවමත් මා දමා ගොස් නැති, අමිහිරි, නපුරු මතකය පීරා අවුස්සන රුදු සුළඟ උඹ හරි ගොරෝසුයි අද.. * අයැදිමින් නුබ ගැබෙන් දැන් කළු වලාවක් ගෙනැවිත් මුවා කරපන් මේ නැග එන හිරු සඟවා තබා වෙන්කොට එළියෙන් උදා වෙන ඒ මතකය දමා හෙලමින් තද අඳුරට.. මේ පාළු කඳු ශිඛරය මත සදාතනිකවු හුදකලාවක. ---------------------------------------------- රනේ/25සැප්2024/හුදකලාව
මම, සුදු, ලස්සන, සුවඳ මලක් නිසා උඹ ආඩම්බරේට රූං ගාගෙන ඇවිත් මං වටේ කැරකුනා.. ඒත්, මම මලක් වුනේ මේ රූස්ස ගහේ අත්තක් අග හැදුනු රිකිල නිසා කියල උඹ හිතන්න කැමති නෑ.. ------------------------------------ රනේ/21සැප්2024/මල්
Ranatunge Jayawardene 1 year ago 210 0 0
සාගරේ සිප අරන් තුරු ලතා මුදුන් පිස සුවඳ මල් තුඩින් විත් පිවිසෙන්න ලය තුලට * අළුත් කර ළය පතුල පිසදමා නුගුන රැල් අළුත් ලෝකයක් දී ලං වෙන්න හද විලට * සවන් දී එක පෙලට ජීවිතේ රිද්මයට දළු දමා හැඟුම් වැල් මුහු වෙන්න සිත් මලට * නවාතැන් පොල සොයා ගෙවා එන මඟ දිගට හෙටත් අද මෙන් එන්න මා එක්ක තනි කමට ! ------------------------------------ රනේ/15සැප්24/සුසුම
Dila ???? 1 year ago 198 0 1
දැනුනු තෙරපුනු හැගීම් බිදු නොදැන සිටියෙමි කියනු කෙලෙසක නුබේ සතුටට අවසරයි අද මමත් ඇවිදිමි නුබෙන් ඈතට දරා ගන්නම් ඈත දුර සිට දැවුනමුත් මගෙ හදවතම අද හිනැහියන් ලස්සනට හැම දින නුබයි මගෙ ලස්සනම හීනය
Ranatunge Jayawardene 1 year ago 201 0 0
අළුත් ලොවක් අද ලැබිලා මල් පිපිලා ගස් වැහිලා සුවඳින් පිරි ලා ඇත්තේ බඹරුනි ඇයි ලතැවෙන්නේ .., ඔබ ඇයි මේ ලතැවෙන්නේ * හැම සුවඳම එක වාගේ මල් පැණි රස එක වාගේ නටුවේ කටු එක වාගේ ඔබ මොනවද තෝරන්නේ .., මොනවද ඔබ තෝරන්නේ * ඔබ පමණයි පියඹන්නේ මල් ගොමු ඔබ පිළිගන්නේ ඔබ මොනවද විමසන්නේ පැණි රසටද රැවටෙන්නේ .., ඇයි බඹරුනි රැවටෙන්නේ * පරවුනු මල් බිම වැටිලා ඒ ලස්සන පෙති බිඳිලා දැන් සුවඳක් නැහැ එන්නේ ඔබ ඒකද ලතැවෙන්නේ .. ඒකද ඔබ ලතැවෙන්නේ -------------------------------------------- රනේ/10සැප්2024/ලතැවිලි
D Pahasara 1 year ago 148 0 0
දිලෙන නෙත් දෙකක් යට සීතල කදුලු බිඳු තිබිය හැක... සානුකම්පිත හදවතක් යට පිරී තෙරපෙන වේදනාවක් තිබිය හැක... නපුරු වදන් යට ආත්මීය පෙමක් තිබිය හැක... ( Diduwa )
Ranatunge Jayawardene 1 year ago 257 0 0
සුකු'මලියේ මා දිනු රූපේ අහිමිව ගිය සුන්දර හීනේ.. * සන්තාපය මා හද පතුලේ ගිලි'ලා සිරවී හැඬුවේ උණු කඳුලට නැහැ දුක දැනුනේ මා දෙකොපොල රූ රා වැටුනේ .. * දුක් ගංගා'වේ යට පතුලේ ඇද වැටිලා අඩියෙම රැඳුනේ නැහැ සිනහව රැලි සේ නැගුනේ ඔබ නෑ මේ කිසිවක් දුටුවේ .. * එක කළුවර දවසක අහසේ ඔබ තරුවක් සේ මට දැනුනේ තරු එලියට කැලඹුන ජලයේ නැහැ හදවත විනිවිද පෙනුනේ.. * සුකු'මලියේ මා දිනු රූපේ අහිමිව ගිය සුන්දර හීනේ .. ---------------------------------------------- රනේ/04සැප්2024/විනිවිද
අඳුරු කාලය ඉවරයි තවත් එක හෝරාවයි අළුත් අරුනළු සමගින් ඔබව හමු වෙනු නියතයි ! * රන්ඩු කර කර බෑ දැන් වාද වෙන ඕනෑ නෑ තවත් ඉඩ කඩ දෙනු බෑ එන්න නැගිටිමු මේ දැන් ! * අපට ඔබ දැන් අවැසියි හිටියෙ අපි ඔබ වෙනුවෙන් දුකක් වෙන තව නෑ මයි හිරු අපේ ලොවෙ ඔබමයි ! ------------------------------------------ රනේ/26අගෝ2024/හිරු
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps