Amali Dayarathne 8 years ago 411 8 3
යනවා නම් යන්න හැබැයි ආයෙත් එන්න නුඹ නොඒනම් කියන්න මටත් නෑවිත් ඉන්න
Amali Dayarathne 8 years ago 380 7 5
අපි ආදරේ කළ තැනක හැමදේම එකතැන ඒත් අපි දෙතැනක...
Amali Dayarathne 8 years ago 395 13 3
නුඹට තිබුණෙ මගෙ හිතට නෑවිත් ඉන්න එහෙමනම් මට තිබුණා මේ මල් පාරෙ මුකුත් නොවුනා වගේ යන්න ආදරේකට හේතු නොසොයන්න තව ටිකක් කල් අරන් නොගැළපෙන තැන් ගළපන්න සතුටිනුයි ඉන්නෙ කියල පෙන්නන්න දැක දැකත් නොදැක්කා වගෙ මට බැහැ නුඹ වගේ යන්න හිතවත ඔය නපුරුකම් තවත් බෑමයි ඉවසන්න... අමාලි දයාරත්න
Amila Prasad Hapugoda 8 years ago 435 17 10
නුහුරු කටු මත ඉපදුනේ නුඹ නපුරු බව දැනගෙන නොවේ සැලෙන නල කටු තුඩින් ඇනුනද නොහඬනා මල් කැකුළියේ විහඟ ගීයක සැදැහැ දෑතක නොගැටී පින්මද බොලදියේ කටුක දුක් කප්පරක් නුහුලන ගැහැනියක දුටුවෙද ලොවේ සුළඟ ගෙන ආ සෙනෙහෙ පණිවිඩ බමරු වෙත ආපසු යවා උරණ හිරු හා පෙමින් බැඳුනද ළපල්ලක මදහස පොවා රතුම රතු බිම පතිත පෙති මත කඳුළු බිඳු රැඳුනද මගේ කියමි කුමරිය මෙලෙස මියදුනු පළමු මල නම් නුඹ නොවේ........
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps