Rasika Maduwanthi 5 years ago 277 4 3
අනිත් හැමෝම එක්ක හිනාවෙන මට විතරක් නපුරුකම් කරන මන් ඇඩුවොත් හිනස්සන ආදරෙයි නේද නුබ මට නපුරුකම් කෙරුවට ඔබේ හිනාවට වශී වෙලා මම හීනෙනුත් පෙන්නේ නුබේ හිනාවම ? ඔබේ කටහඩ දෝන්කාර දේන්නෙ මගේ හදවත තුල ලබ් ඩබ් නොවෙයි මගෙ හදේ ගැස්ම ඔබේ නමයි මගේ හදේ ගැස්ම මදූ ✍ 2020.10.18 11.00 ප.ව
Rasika Maduwanthi 5 years ago 440 0 0
Rasika Maduwanthi 5 years ago 299 3 1
අකීකරූ සිතුවිලි නවතන්න නොහැකි මට කොහෙන් ගලා එනව දෝ කියා නොදනිමී මම සිතටවත් නැත නිදහසක් කිමද පලිගන්නෙ මේ විලසට අවැසි මා හට නිදහසක්මය. කවදා ලැබෙයි දෝ සිතේ නිදහස මදූ ✍ 2020.10.18 10.40 ප්.ම්
Rasika Maduwanthi 5 years ago 298 3 2
ඔබ වෙනුවෙන් මා ඉන්නම් සැමදා නුබ කැමතිනම් පමනක් නෑ කිසිදා වෙන්නේ ඔබට කරදරයක් ඔබට මා වදයක් යැයි සිතෙනා ඊලග නිමේශයේ මා යන්නම් ඔබෙන් ඈතට ........ අගයක් නැති තැන අකමැතියි මා රැදෙන්නට එය තෙරෙන කල නැත මා නුබ ලග...... ඔබේ සතුට ඇති තැනට යන්න අවසර දෙන්නම් ඔබ හට කිසි විටෙක බාදාවක් නොවෙන්නම් මා නුබට ඉන්න සතුටින් සදාකාලිකව පතන්නම් මා ඔබේ සතුටම ? මදූ ✍ 2020.10.18
Rasika Maduwanthi 5 years ago 335 2 2
සිහි වෙන්නේ නුබ පමනමයි ඔය සිනහවයි , ඔය කතාවයි පෙම් බැන්දේ නුබටමයි නුබ මගේමයි මා නුබේමයි සත්තකින් හරි ආදරෙයි මන් මදූ✍️ 2020.10.18
චතුරංගි හර්ශිකා 5 years ago 267 4 4
අහස පුරාවට අපේ පුරාවත හවසක ලියන්න මට හැකි නම් අද... දෙරණ පුරාවට සිතුවිලි කැටයම් කැටපත් පවුරක් මවන්න හැකි මට... අපේ කතාවම ඒ තරමට හිත පාරනවා ප්‍රිය අහිමි නුඹේ පෙම... දිවි පියසේ එක මොහොතක අපි යළි නෙත ගැටුණොත් මම මගහැර යමි නුඹ... මම, චතූ 2020 ඔක්තොම්බර් මස 17 වැනි දා 01.20pm
චතුරංගි හර්ශිකා 5 years ago 338 3 14
ඔය නුඹේ ඇස් ළගදි මගේ හිත ගොළු වෙද්දි... ඔය නුඹෙ හිනා වතට මගේ නෙතු හිර වෙද්දි... එකම එක කවියක මමත් ලස්සන පදයක් වෙද්දි... කොහොමද හිතන්නේ තනි වෙයි කියා මගදි... අවසග නැති හිත නුඹවම ඉල්ලද්දි... කෑ ගහන හදවතෙන් උණු කදුළු වැගිරෙද්දි... අපි ලිව්ව කවිය නුඹ නොකියාම හැර යද්දි... බලා උන්නා මමත් සිතුවිලි අසරණ වෙද්දි... - චතූ 2020 ඔක්තොම්බර් මස 17 වැනි දා 01.11pm
චතුරංගි හර්ශිකා 5 years ago 279 3 4
හිත් යාය මදු මලින් පුරවන්න හීනයක.. සන්ධ්‍යාව රතු සළුව පොරවන්න ගගන මත... මල් වියන යට එකම රතු රෝස කැකුලකට... ආදරේ කළා සුදු සලඹයෙක් පෙර දාක... සමනල් තටු තරම් ලස්සනක් නොවුණාට... පුදුම ලස්සන හිතක් තිබුණා ඔය ඌ ගාව... රතු රෝස කැකුලු මල පිණි වැස්සෙ තෙමෙනකොට... ලෝකෙටම හොර රහසේ හැඩුවාලු ඒ හිතම... එක සොඳුරු දවසකදි කඩවසම් තරුණයෙක්... ලස්සන උයන් තෙරේ රෝස මල ගෙන ගිහින්... ඔහු ආදරේ කරන පෙම්වතිය සනසන්න... ඌ ආදරේ කරපු රෝස මල ගෙන ගිහින්... සලඹයා අදත් ඔය රතු රෝස ගහ ගාව... බලා ඉන්නවා ඉතින් හැම සෘතුවෙම රෑට... පෙර වගේ මද සුළඟ කවි කතා කිව්වාට... සිනා සෙන්නේ නැතිලු හිතක් නෑ දැන් ඌට... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 269 3 4
කුරුල්ලෙක් කිරිල්ලට කියන කවියක් ✍?? එක දිගට දුක් ගැහැට එයි ඉතින් ජීවිතේ... කිරිල්ලියෙ ඔය නුඹට ආදරෙයි පණ වගේ... නෙතඟ කදුලක් තියා හැර යන්නෙපා සඳේ... මම නෑ සිනාසුනේ කහ මලට තණ බිමේ... උදේ ඉර වඩිනකොට හිරු එළිය දිලෙනකොට... කහ මලත් තණ බිමේ හිනැහුණා ලස්සනට... හිනාවට ළං වෙලා මම ඇදෙස නොබැලුවට... නැගෙන ඉර නම් ඉතින් පෙම් කළා තව ඇයට... නුඹ සොවින් තැවෙන්නේ මන්ද මා ප්‍රිය සොඳුර... කුරුළු හදවත් ගියේ කිරිල්ලන්ටම නොවෙද... බොරු තරහා ඉවත ලා සිනාසෙනු පෙම්වතිය... මම පෙම් කළේ නෑ සත්තමයි කහ මලට...?❤ - මම චතූ 2020 ඔක්තොම්බර් මස 18 වැනි දා 12.05am
චතුරංගි හර්ශිකා 5 years ago 282 3 4
මොන තරම් ඉර එළිය මහ පොළොව පිච්චුවත්... මොන තරම් මහ වැස්ස ගං ඉවුර රිද්දුවත්... අඩුපාඩු කුමට මේ ආදරේ මහමෙරක්... ජීවිතේ කතාවේ ළගින් ඉන්නෙමි හෙටත්... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 298 3 4
හෙන ගහන වැස්සටත් සිතුවිලි අහුරු සේදී නොයා... ගිනි ගහන අව්වටත් අහස් කුස තරම් ඉවසා දරා... ජීවිතේ දුර ගමන ආදරණීය සිතුවමක් කළා... මගෙ අප්පච්චි නුඹ සෙනෙහසට අරුතක් වුණා... වැටෙන කොට නැගිටින්න හයිය නුඹ මට පුදා... හැම නැවතුමක් තුළම ඇරඹුමක් පෙන්නුවා... දිනෙක දිවි රංගනය මම තනිව විඳින දා... කියා දුන්නා ඉන්න මහ පොළොවෙ පය ගසා... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 268 3 11
කදුළු හරි අකීකරුයි නුඹ දන්නෙ නෑ ඒක... මම තාම මතක මැද අතීතය මවනකොට... ජීවිතේ ගීතයේ තනුව අවතැන්ව ඇත... සංසාරයේ දිනෙක අපි යළිත් හමුවෙයිද...? මම, චතූ 2020 ඔක්තොම්බර් මස 17 වැනි දා 12.20am
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps