ශශී❤️? Nisadas Count (57)
ශශී❤️? 6 years ago 393 4 4
සිහිනයක සිත දුරක රන්දා නීල ඉදුවර දෙනෙත් සැලුවා නුහුරු නුපුරුදු හැගුම් අවුලා සුලග වී නුබ ඈත ඇදුනා... මතක ගුලිකර සුසුම් හෙලලා මුලු රෑම ඉකි ගසා හැඩුවා පවන මුමුනන කවිය ඇසිලා නිදන සද මල කදුලු සැලුවා... නුබේ සෙනෙහස දැනෙන හින්දා අතැර යන්නට ලෝබ හිතුනා ඒත් ඇය නුබ ලගම හින්දා ඉතින් යන්නම් මතක හැරදා... ශශී
ශශී❤️? 6 years ago 350 3 3
සරා සද මල දිලෙන අහසෙහි නුබේ රුව ගෙත්තම් කලා සදට හිනැහෙන තරු පොකුරු මැද නුබේ නෙත් මට හිනැහුනා රැහැයි හඩ ලොව ගයන ගීතය සිතට විරහව එක් කලා මැවෙන පෙරදා මතක සිතුවම් සිතම මගෙ අසරණ කලා ශශී
ශශී❤️? 6 years ago 405 4 7
සුදු පාට මීදුමට මුහු වෙච්ච මද සුලග දග කලා උනුහුමට දැවටිලා අප ලගම ඈත කදු වලලු මැද තනිවෙච්ච කෝවිලට පියමැන්න හැටි නුබට මතකයිද මගෙ සොදුර... අතින් අත පටලවා ගුලිවෙලා උනුහුමට නෙතින් නෙත දල්වලා ලන් වෙලා සිත් ගැබට කදු යාය නිම්නයක තනි වෙලා අප දෙදෙන වින්ද ඒ මිහිරි සුව නොවේ අමතක හදට... සීත මිහිදුම් පොකුරු ඈත කදු සිපගත්ත නීල තණ පලස මත වැහි බින්දු වැතිරිච්ච සෙනෙහසට සිසිල දුන් මනමාල පොද වැස්ස පිබිදුවා මන හැගුම් මගෙ හිතේ හැන්ගිච්ච... ශශී
ශශී❤️? 6 years ago 423 8 6
වැසි වසින කල සොදුරු වූයේ වෙලේ ඉපනැල්ලයි සුලන් හමනා විටෙක දුටුවේ තුරුලතා රැගුමයි මියදෙනා තුරු හිතේ ඇත්තේ එකම එක පැතුමයි දිවි තුරා තුරුලටම වීලා නුබේ ලග ඉන්නයි ශශී
ශශී❤️? 6 years ago 422 4 6
නිසන්සල රාත්‍රියක නිහඩ වූ නිමේශයක අවදි වී මගේ සිත හඩයි අසරන විලස හඩන මගෙ හදවතට නුබ පමනි සතුට අද එන්න මා හද විලට අවසරයි නුබට අද ජීවිතේ ඇති තුරා හැර නොයමි කිසි විටෙක නැද්ද අවසර තවත් ලන් වෙන්න නුබ වෙතට...
ශශී❤️? 6 years ago 432 7 9
දිය පොදයි නුබ වියරු කතරට සිසිල ගෙන ආලූ මහ සයුර නුබ සෙනෙහෙ ගගුලට රහස් කොදුරාලූ තුරු වියන් නුබ චන්ඩ හිරු රැස් පෙරා වලකාලූ මියුරු කව නුබ හඩන මගෙ සිත නිතින් සනසාලූ පෙවූ ලේ කිරි කදුලු ගගුලට කුමක් සම වේදෝ අසමසම නුබෙ කලන ගුන කද ගයනු හැකි වේදෝ හදේ සෙනෙහස වදන් නොවුනත් කෙලෙස අඩු වේදෝ මවක් වන් රන් අකුරු තුනකට කවුරු සම වේදෝ ශශි
ශශී❤️? 6 years ago 362 3 2
දිය පොදයි ඔබ වියරු කතරට සිසිල ගෙන ආලූ තුරු වියන් ඔබ චන්ඩ හිරු රැස් පෙරා වලකාලූ මහ සයුර ඔබ සෙනෙහෙ ගගුලට රහස් කොදුරාලූ මියුරු කව ඔබ හඩන මගෙ සිත නිතින් සනසාලූ පෙවූ ලේ කිරි කදුලු ගගුලට කුමක් සම වේදෝ අසමසම ඔබෙ කලන ගුන කද ගයනු හැකි වේදෝ හදේ සෙනෙහස වදන් නොවුනත් කෙලෙස අඩු වේදෝ මවක් වන් රන් අකුරු තුනකට කවුරු සම වේදෝ ශශී
ශශී❤️? 6 years ago 294 6 4
වැසි වසින සීතලට ගුලිවෙන්න නුබ ලගම දෙතොල් පෙති නුබෙ මුවේ දවටන්න ඉඩ දෙන්න සිහිනෙකට නෙතු පියන් වසාගෙන සැනසෙන්න මේ සීත කලුවරේ හැගුමන්ට ඉඩ දෙන්න සීතලෙන් හිරි වැටුනු මගෙ කොපුල් සනසන්න උනුසුම්ම හාදුවක් ආදරෙන් මට දෙන්න සැමදාම අපේ සිත් ප්‍රේමයෙන් පිනවන්න අන්ධකාරය මැදින් මද පවන වී එන්න ශශී
ශශී❤️? 6 years ago 293 8 4
එක් සැදෑවක නුබෙ රුව ඇදි රන් වලාපට සේ ඉතින් මා ගෙත්තම් කරන්නද ලොවට නොපෙනෙන සේ ඈත කදුකර මුදුන් සිපගෙන ඇදෙන සුලගක් සේ ඇවිත් නුබේ ඔය රුව තෙමන්නද සිසිල නොදැනෙන සේ ශශී❤️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps