චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 6 years ago 304 3 2
දම්පාට දේදුන්න මල් සුවඳ ඉහිරෙන්න වැහි හුළං අරං ආ මතක පොදි බොදවෙන්න... වේදනාවක කටුක රළු ගැහැට හැරයන්න මටත් ආසයි සුළං නුඹ වගේ පාවෙන්න... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 352 1 0
එක් අරුම හෝරාවක සෞම්‍ය ජීවිත උයනට ඇද වැටුණි, අසෙනිය වැස්සක්... සත්සර මුසුව තෙළි තුඩගින් හද කැන්වසය පුරාවට, රැදුණි මල් ගොන්නක්... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 322 2 0
නිම් තෙරක් නැති අහස හිරු අරන් ආ දිනෙක... සද පහන් රැයක කළු ගන වලාකුළු කුමට... පණ තියෙන හිත් වලට මළ අහස් තරු කවට... රිදෙන හීතල මතක අරං පලයන් දුරට... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 289 5 4
ෆැන්ටසියක් ලු ඔබ මම දකිනා හීන කළු සුදු පාට විතරලු ඇත්තේ තවම හිත් වල අපි ම මැව්ව ලු නෙක නෙක පාට ඒ මැද හොයනවලු දැන් අපිවම අපිම - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 273 4 5
ගිම් කල සදළුතල අතරින් බිදී එන... කවියක රාව උඩු ගුවනේ ගිගුම් දෙන... හිතවත් සුළං රැළි පමණක් තනි රකින... දවසක හවස්යම මම තවමත් හිදින... වියපත් නොවන කාලය කවදත් අරුම... නැවතත් නොඑන සේ යන්නට හේතු කිම... හදටත් හොරෙන් මං ලිව් පදවැල් අරුම... අහසට හොරෙන් සද මත ඇන්දේ කොහොම... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 266 4 3
කවිකාරියක නොවෙමි හිත් යාය මල් පිපුණු සිරකාරියක නොවෙමි ප්‍රේමයේ මුල් ඇදුණු මනමාලියක නොවෙමි බඹරුන්ට ඉගි දුන්නු තනි වෘක්ෂයක් ම වෙමි නැති ලතා මල් මඩුළු මම පතොක් මලක් වෙමි කතරක සිනා රැන්දු - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 338 3 3
මිණිපුරට අවුරුදු ද නුඹට කොහොමද කියා... මම එන්න සිටි ගමන ඇයද එන්නේ කියා... අවුරුදු දිනට වත් මා මතක් වේ කියා... දැනගන්න බලා වුණි දෙවියන්ට දුක කියා... මගේ අංකය නුඹට අමතකව ඇත කියා... පිළිගන්න බැහැ කියන හිතට තරවටු කළා... ඒත් නුඹගෙන් ලැබෙන එක ඇමතුමක් පතා... මට හොරෙන් මගේ ඇස් දුරකථනයට ගියා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 313 3 3
ඇහැළ මහ වැහි කලුව එලා තිරපට හවස ඉදහිටත් බිදෙන් බිද කදුළු වැහි බිඳු හලන... මලානික අහස යට හීතලම හුළං පොද බලා අවසන් මතක නිමා නොකරනු කිමද... බක් මහට මෙහි ආව කොවුලෙක්ගෙ කෑ ගෑම නොනැවතී ඇසෙන්නේ හැර ගොසින් දෝ පියඹ... වැහි බරම අහස් ගැබ පාරනා මතක පොත කොවුල් වැලපුම අතර යළිත් හිත වෙලාගෙන... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 319 2 1
නිහඩ අහසේ චණ්ඩ වැහි වළාකුළු ඇවිත් මහ වැස්ස නිකිණි මහ දිය කරයි දෝ ඉතින්... අහිංසක හුළං රැල් හරි නපුරු වෙස් අරන් මගේ හිත එක්ක යළි සටනකට දෝ ඇවිත්... රෑ මැදියමේ සිටම ඉර ගගන නැගෙන තුරු එක සීරුවට වැස්ස මහ හඩින් මෙහි අරන්... පොහොය සදවත මුහුණ මත අදුරු පට තිරය එලූ වැහි කළු හොරෙන් අහස් ගඟ බදු අරන්... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 272 2 2
හීන ඉදහිට මැකෙන අනන්තේ කොණක මම මගෙ ජිවිතේ සතුට මගෙ හීන සරසවිය... නුඹේ සෙවනේ ඉගෙන ජීවිතේ බොහෝ දුර හීන පසුපස යන්න නුඹම මට දිරි දෙන්න... දිනෙක හිරු නැගෙන විට අතීතේ මකා හැර නුඹ දුන්නු කවි හැගුම් හැකිය මට පබදින්න... කැන්වසය ජීවිතය මතුපිටින් තැබූ දින තෙලි තුඩින් වසන්තය පින්තාරු කරමි මම... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 267 2 2
වියළි තුරු මුදුන් අද සිගිති වැහි බිඳු සමග වසන්තේ අන්තිම ම කවිය කීවා ඇසුණි... ගගන මුව මත රැඳුණු වැහි කදුළු කැට අහුරු අදින් පසු මසක් වත් මහ පොළොව තෙමාවිලු... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 287 2 2
හිරුත් වැඩියා නිසල පිණි අරං මල්වලට තවත් දිනයක කවක් මසැස සනසනු කිමද... හිතක් නිදි වරා විදි දුකක් කෙතරම් රළුද නැතත් ලැබුණත් සතුට මලක් හඩනුව කුමට... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps