චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 297 4 6
මල් කළඹ වූයේ පින්සල් පොකුරයි ඈට... මල් පැහැය පැරදූ නේක වර්ණ තිබුණි එහි යසට... පති කුලය අසබඩ පාට ගෑ ජීවිතේ සොයා යන... නෙක වර්ණ සිතුවමින් ජීවිත සිතුවම් කරන... සිත්තර මනාලියයි ඈ කුලගෙය තුළ කදුළු නොදකින... දේදුනු පැහැ සායම් ගෙන කදුලින් දිය කර අදින... ඇගේ ජීවන සිතුවමට මිලක් දිය නොහැකි වේ කිසිදින... දිනෙක ළපටි පුතුන් පිරිවරා හිදින සිතුවමක් මැවේවි ඇගේ දෑතින්ම... සිත්තරුන් හිත්වල කදුළු නැත උන් ඒ කදුළු දිය කර සිතුවම් කර ඇත... සිත්තර මනාලියක් පතිකුලයට ගිය දිනෙක ලොවට කිසිදා ඇගේ කදුළු නොපෙනෙනු නිසැක... ජීවිතේ පාට ගෑ හීන පුරාවටම අවසානයක් නොමැති ඇගේ වර්ණිත සිතුවිල්ල... යළි යළිත් හද කැන්වසය මත ඉපිද ඉපිදී වර්ණ උරාගනු ඇත... සිත්තර මනාලියයි ඈ නෑඹුල් ම තාරුණ්‍යයට උරුම සිනහව... සිහිනිග මැකී යන අවරගිර දිවි හෝරාවේ පවා ඇගේ වත මඩල මත සිතුවම් ව තිබෙනු ඇත... මම, චතූ 2020 නොවැම්බර් මස 20 වැනි දා පෙ.ව. 11.20
චතුරංගි හර්ශිකා 5 years ago 304 4 5
නෙතින් සිපගෙන ලොවේ නෙක හැඩ තෙලි තුඩින් ගෙන ප්‍රාණ සායම... හදවතේ එක අදුරු මුල්ලක් එළි පෙහෙළි කොට අඳියි හෙමිහිට... කැන්වසය වූ හද ගගන මත උපන් නූපන් ප්‍රේමයක් ඇත... හුදෙකලා ලොව පත් ඉරුවකට හෙතෙම මුමුණයි හැමදාම හිත... ලොවට නොකියූ ඒ පුරාවත හිත් යාය මත මවයි පිණි පොද... පින්සලයි පැන්සලයි විතරක් අඩු නැතිව දන්නවලු ඒ කව... හිතේ සුසුමන් දැවෙන ගින්දර නෙතේ කදුලැලි රිදෙන ඇසි පිය... ලොවට රහසින් කදුළු සගවන කවිකාර සිත්තරුන් නැතිව ද? මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා ප.ව.8.35
චතුරංගි හර්ශිකා 5 years ago 245 4 4
________________________________________ බලා හිටියා මම...මේ දීවාලියටත්, පුරුදු විදිහට, නුඹ ඇවිත් යයි කියලා. සෙයිලමේ සයිවර් කඩෙන් මට පරාටා අරන් දෙන්න නුඹ එයි කියලා...ඒත්, ඒක හීනයක් විතරයි. දීපාවලී හඳ අහසින් බැහැලා ගියා. ඒත්, නුඹ ආයෙ ආවෙ නෑ... ________________________________________ සිපගන්න අනවසර දෑස් අද්දර නිසල සිතුවිල්ල අකීකරු කතා කියනව නිතර හිත් පුදසුනේ පිදූ දැවෙන ගිනි මල් පොකුර සදාතන හීන අළු කර දවයි ජීවිතය අනවසර දොරටු හැර හද උයන ගිනි තබන මුලාවක් වුණා හිත යළි යළිත් පාරවන අහස් ගැබ ඈත දුර සැගව යන්නට දෙන්න ලොවට රහසින් තැනක මට සදා නවතින්න සීතලම වැස්සකට තෙමී දියබත් වෙන්න ඉල් මහේ නිල් පාට ආකහේ දියවෙන්න සෙයිලමේ දුර ඈත ගිය ගමන සිහිවෙන්න නුඹ දුන්නු හාදුවේ මතක සුවඳයි තවම දීවාලි අහස යට පුර හඳට ළං වෙන්න මග බලා නුඹ එක්ක දෑත් පටලා යන්න ගිය වසරෙ වගේ මේ වසරෙදිත් ඔබ එන්න කියා පැතුවා හිතින් වැද පුදා දෙවියන්ව හුදෙකලා දීවාලි සද අහසෙ ගිලෙනකොට නුඹ නාව මාවතේ බලා හිටියා තනිව පැතුම් මල් එකින් එක පරවෙලා වැටෙනකොට හිස් දෑස් අහස් කුස දෙස යොමා සිටිමි මම මම, චතූ 2020 නොවැම්බර් මස 19 වැනි දා ප.ව. 1.16
චතුරංගි හර්ශිකා 5 years ago 310 3 5
මතක කවුළු හැර දමා ෆැන්ටසි හීන පවුරු යට අපි අපිම ගෙතූ කතාවට අවසානයක් නොතිබුණි අද වුවද... ප්‍රේමය යැයි කී ඉනාවට හිත් දෑල තදින් බැඳෙනකොට හෙටක් ගැන දකින හීනයට අපැහැදිලි මීදුමක් තිබුණා මතකද... කාලයෙන් කාලෙට ඇවිත් හිතේ සුසුමන් තබා යන අප්රකාශිත වෙන්වීමට ප්‍රකාශිත හමුවීමක් තිබුණේ ද නැත... ගිවිසා නොගත් බැදීමක අන්තිම සුසුම වැටෙනකොට දරාගන්නට බැරිව හද කැබලි වී පොළව සිප ගත්තා අමතකද... කටුක රළු සුසුම් ළග ඉකි නොගහ සිනාවක් නැගුවාට මග හැරුණු ජීවිතේ වසන්තය මවයි නිතැතින්ම පරාජිත සුපෙම් විජිතය... මම, චතූ 2020 නොවැම්බර් මස 19 වැනි දා ප.ව.12.50
චතුරංගි හර්ශිකා 5 years ago 268 3 3
සොඳුරු නිල් අහස සඳට තාමත් ආදරෙයි ලු... ඒ ආදරේට සීමාවක් මායිමක් නැතිලු... මතක පුරාවට අහස සඳටම කවි ලියනවලු... අහසට සඳ තරම් සොඳුරු දෙයක් තවත් නැතිලු... තාරුකා දහසක් පෑ මුත් අහස සඳවතට ළෙංගතුයි ලු... ඒ ආදරේට කිසිදා සීමා මායිම් නැතිලු... හැඩකාර ඉර නෙත් අගින් අහස දිහා බැලුව ලු... අහස හැමදාම සඳට පමණක් ආදරෙයි කියලා ඉරට කිව්ව ලු... දහවලට සඳ අහසේ කොණක ගිහින් හැංගුණාලු... අහස සඳ එන තුරා නෙත් අයා ඉන්නවලු... ලෝකෙ පවතින තුරාවට අහස සඳට ආදරෙයි ලු... සඳ තරුවකට පෙම් කරත් අහස සඳ වෙනුවෙන් බලා ඉන්නවලු... මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා ප.ව. 8.43
චතුරංගි හර්ශිකා 5 years ago 303 3 4
වසත් හීනයක් තිබුණා අපි හරි පෙමින් බැඳුණ අහස් ගව්වටත් එහා ගිය සෙනෙහසක් හිත රැදුන... නිමක් නොමැති සිතුවිලි අතර සදාකාලිකව නිදන අහිමි කදුළු කවිය ආසයි යළිත් ලියන්න මම... පැතුම් අහසක් උසට පතාගෙන වැසූ දෙනයන අගින් වැටුණා කදුලක් මටත් නොදැනිම... නෙතින් බොහොම දුරකට ගියත් හිමි නොවී මට හිතේ සොඳුරු පාරාදීසයක මූර්තියක් තවම නුඹ... මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා ප.ව. 4.39
චතුරංගි හර්ශිකා 5 years ago 262 3 7
මමත් වෙන්නද පන්හිඳක් හෙට දනන් දහසක් රිදුම් හදුනන මමත් වෙන්නද කවි පොතක් හෙට නේක කවි හිත් හොයාගෙන යන මමත් වෙන්නද පද වැලක් හෙට කවි කිවිදියන් හදින් නැවතුණ රිදුම් ලතැවුල් දරා ගන්නද ලොවට රහසින් මගේ හිත යට සිනහ මුතු වැල් ලොවට දෙන්නද සනසන්න මේ සොඳුරු ලෝ ගැබ කවක් ලියනුව මගේ හිත මත මටත් ආසයි පොතක් වෙන්නට මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා ප.ව. 12.22
චතුරංගි හර්ශිකා 5 years ago 265 3 4
ලේ කිරට නොහැරුණත් මහ මෙරක් ආදරය හිත පුරා පුරවාපු නුඹයි මහ සාගරය... දහස් නෙත් පිය වසා සැතපෙනා රාත්‍රිය නෙතට නින්දක් නොලද නුඹ තමයි පුරා හඳ... කදුළු පිණි වැටෙනකොට හදින් පමණක් හැඩුව කටුක රළු දිවි මගට නුඹ වුණා පොද වැස්ස... අකාලික පැතුම් මල් තනි තනිව මියෙන කල නුඹ තමයි ජීවිතේ හයිය මහ නිල් අහස... මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා ප.ව. 12.7
චතුරංගි හර්ශිකා 5 years ago 256 3 4
බමන මතින් ගොරසැඩි වදනින් අමතා... ඇදෙන විටදි හැන්දෑවට ගෙදර පියා... පුංචි නංගි දෙනෙතේ කදුලක් පුරවා... තුරුළු වුණේ මවගේ ළමැදට දුවලා... ගෙදර මුට්ටි හැලි වළනුත් පොලවෙ ගසා... මිහිපිට අපායක් මැව්වා ගෙදර එයා... කම්මුල් පුරාවට නිල් පැහැ ලකුණු තියා... ලෝකෙට හොර රහසේ හැඩුවා අපෙ අම්මා... ජීවිත බුදින මත් වෙන වතුරෙන් යටවී... පැල් කොටයට ගිනි ගත්තා හිත් පොඩිවී... උයාගත්ත බත් පත කන්නට බැරි වී... කුස ගින්නට කදුලැලි බිව්වා ගුලිවී... පහුගිය දිනෙක පොඩි නංගිගෙ ඉස්කෝලේ... ටීචර් අම්මාට එන්නට කිව්ව වෙලේ... අම්මට කොපි පොතක් ඈ දුන්නලු රහසේ... තාත්තෙක් නැතැයි රචනාවේ තිබුණේ... ඊටත් පහල පේලිය දෙක පුරාවට... සිතුවම් කර තිබුණා ඈ දිග අතට... රෝස පාට මල් ඉහිරුණු මාවතක... අම්මයි මමයි නංගියි හිටියා යසට... මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා පෙ.ව.1.14
චතුරංගි හර්ශිකා 5 years ago 266 3 4
කියන්නට මට හිතේ ගින්දර කවුරුවත් නෑ නංගියේ... නුඹේ කුස ගිනි නිවන්නට මට කාසි නෑ මගෙ පැංචියේ... හිසට වහලක් තනන්නට මට දහිරි නෑ මගෙ සොයුරියේ... නුඹට අම්මෙක් හොයන්නට මට තැනක් නෑ පොඩි බිළිඳියේ... ප්‍රේමයට ලේ කිරි වෙතැයි මම අහලා තිබුණා හිච්චියේ... හිතේ උතුරන සෙනෙහෙ කන්දට කිරි එරුණෙ නෑ නංගියේ... පුංචි දෑසින් බලා මා දෙස සිනා නොමසෙන් ළදැරියේ... පපුව පිච්චෙයි අහිංසක ඇස් දකිනකොට මගෙ පොඩ්ඩියේ... හවස් යාමේ සෙයිලමට ගොස් අත පෑවමුත් සිගමනේ... ලැබුණු සොච්චම උඹේ කුසගිනි නිවන්නට මදි වූ පැයේ... හෙටට උපදින අලුත් දවසට හීන ඇහිඳින නුඹෙ නෙතේ... කදුළු බිදුවක් දකින්නට මට හයිය නෑ මගෙ නංගියේ... තුරුළු කරගෙන නුඹව පපුවට හීන මියැදෙන ජීවිතේ... බලා ඉන්නම් හෙටක් නැති මේ පාළු මූසල වීදියේ... මම, චතූ 2020 නොවැම්බර් මස 17 වැනි දා ප.ව. 8.41
චතුරංගි හර්ශිකා 5 years ago 265 5 7
දහසක් දෙනා යනෙනා මග නිසොල්මනේ... සහසක් දෙනෙත් එකිනෙක ගැටෙනා ගමනේ... අහසක් තරම් ආදරයක් ඉතුරු වුණේ... රහසක් වෙලා සැගවුණු නුඹ වෙනුවෙන් නේ... දවසක් ඒවි පූදින මල් මියෙන ලොවේ... තව සක් පිඹියි එක් වූවන් හට මෙලොවේ... සනසන් නැතුව හිත රිදවා ගියපු නුඹේ... පවනක් වගේ මතකය හා බැඳෙමි ප්‍රියේ... හිසකෙස් ශ්වේත වර්ණිත පැහැ දරන තුරා... තනිකඩ හීන තුළ ජීවත් වෙමිය මෙමා... එදිනත් ප්‍රථම ප්‍රේමය නුඹ සිහි කරලා... සුවඳක් සොයා ඇවිදිමි පෙම් මතක පුරා... මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 247 4 5
මල් ගොමුව පුරාවට මුදු පින්න හැලුනාම... නෙත් බඹරු හිත් පුරා රොන් ගන්න ආවාම... අකීකරු සිතුවිල්ල පෙම් ගීත ගැයුවාම... නෑඹුල් ම ආදරේ සුවඳ දැනුනා දිනෙක... වස්සාන ගීතිකා අරන් නළ හැමුවාම... හිතෙන් හිත යා කරන් ආදරේ මැවුණාම... අහිංසක හීනවල හීනියට කවි ලිව්ව... යෞවනය දොරකඩින් නැගුණි පෙම් සිනා හඬ... හුරු පුරුදු මදහසක නෙත් ගිහින් රැදුනාම... ඒ හිනා වත පුරා පෙම් පාට පිරුණාම... හුදෙකලා හිත ඉතින් හදාගෙන උන්නාට... හිතෙනවා ළං වෙන්න තාරුකා ඇස් දෙකට... මම -චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps