71 Total Nisadas Found


Ranatunge Jayawardene Nisadas Count (71)





Ranatunge Jayawardene 2 years ago 228 0 0

Nisadas Image

විරහව

හද විමන ගොළු වුනා,
වදන් වැල් වියලුනා
අවසාන දවස මේ..
පටන්ගැන්මට අපේ
නපුරු කම විරහවේ !
*
මා මෙතෙක් ඔබෙන් ලත්
මිහිරියාවෙන් බිඳක්
අහසටයි පැවරුවේ..
දේදුන්න සේ ඇවිත්
නහවන්න කියා මා
හෙට පටන් ජීවිතේ..
*
රැඳෙව්වා ඔබෙ සුසුම්
අසිරිමත් නුබ ගැබේ
රැගෙන එනු නිදහසේ
පවන් රැල් ලෙස යලිත්
නිවන්නට ජීවිතේ..
*
නා දළුත් සැරසුවා
පැහැය නුඹ තොල් පටේ
හුදකලාවෙම යලිත්
විඳින්නට ජීවිතේ..
*
හද ගැස්ම කැටි කලේ
මුනුමුනුව තුල ජලේ
විඳගන්න ඒ මිහිර
කිමිදෙද්දි ජීවිතේ..
*
ඔබෙ සුවඳ මුහුකලා..
සිප ගන්න ලං කරන්
සේපාලිකා මලින්,
රෑ පුරා සිහිනයෙන්..
*
නෙතු අඟින් කථාකල
දෑස් කැල්මන් ඔබේ
එබ්බුවා මැණික් තුල
නොවෙනස්ව දැකගන්න
මතු මතුත් ජීවිතේ..
*
එන්න දැන් අවසරයි
විරහවට මා වෙතට
අදින් මතු ජීවිතය
තුල ඇයට මා සතුය !
-----------------------------------------
රනේ/16ජුලි2024/විරහව

Ranatunge Jayawardene 2 years ago 182 0 0

Nisadas Image

සුදු පුතා

දෙවිපිහිට පතන්නෙමි
සදාදර අප්පච්චි,
*
කාලෙකින්
බැරිවුනා
තොරතුරක්
දැනගන්න
අම්මාට
හොඳයි නේ
ඔයත් ඇති සනීපෙන්.
*
උස් තැනට ගෙනාවට
මාව බරකට නොගෙන
රටේ බර කරට ගත්
කොහිද මට නිදහසක්
*
අර කොනේ මේ කොනේ
රාජ කා-රිය මටයි
ඇමතිලා, නෝනලා
මා වටා
රොක් වෙලා
*
ලොකු පුතා
රට ගියා
නෝන පොඩි'
දුව එක්ක
මං ඉන්නෙ ජය'පුරේ
නැහැ නිතර
හමුවෙන්නෙ.
*
නෝනලැ'යි
මව් පියන්
ඇවිත් මෙහෙ
ඉන්නවා
ඒ හින්ද මං නැහැයි
උන්ට නැහැ
පාඩුවක්
*
තව උසස්
වීමකුත්
ලැබේවිලු ළඟදීම
මම ඉන්න
තත්වෙ ගැන
ඔයාටත්
සතුටු ඇති!
*
ලබන අවු'-රුද්දෙ මැද
විත් යන්න හැකිවේවි
මේ එවන පන්-දාහෙ
බෙහෙත් ටික
අරගන්න!
*
ආයිමත් ලියන්නම්
හැම දෙනා සිහිකරමි
මේ ඔබේ සදාදර,
දිසාපති
සුදු පුතා!
------------------------------
රනේ/11ජුලි2024/
සුදු පුතා

Ranatunge Jayawardene 2 years ago 237 0 0

Nisadas Image

වගකීම්

එළි මහනේ,
ගිනි අව්වේ හිඳගෙන
අන්ඩ දමා ඇති
කලිසම් කඩ හැඳි
කම්කරුවෙකි, මම
ඔබ සිතනා ඒ
නිවාඩු ගන්නැති.
*
මුතු කැට යැයි ඔබ
කවියෙන් පවසන
සියොළඟ ගලනා;
අව්වේ දිලිසෙන
ලුණු රස ඩා බිංදු
උල්පත් අඩු නැති.
*
"හිසටත් ඉහලින්
කුළු ගෙඩි ඔසවන
ව්‍යායා'යාමයක්"
නොවෙදෝ ඒනම්
ඔබ සිතනා විට
කළු ගල් වලට ද
ඉවසනු බැරුවැති.
*
මගෙ දරුවන් ගැන
සිහි කරමින් මම
මහ මඟ හිටගෙන
දහවල බත්පත
බුදිනා බව දුටු
ඔබට සිතුති නම්
"විවේක සුවයෙන්"
හිඳිනා බව මම
හිසට එල්ල වූ
කුළු පහරක් එය.
*
රාත්‍රියට මට
ජීවත් වන්නට
ඇඟේ රුදාවට
බෙහෙතක් නැති මුත්
රහමෙර, ඹෞෂද
නොවෙදැයි සැලකුව
මා, දුටුකල ඔබ
"කාලකන්නි" ලෙද
පිළිකුල් කොට ඇති.
*
හෙට ඉර පායා
මහමග එන විට
වැඩි සුව පහසුව
ඔබට දැනෙනු ඇති
රෑ මැද වන තෙක්
අප වෙහෙසුන බව
ඒ සිතුවිලි තුල
හමුවනු නැතුවැති.
*
"අයිතිවාසිකම්
දිනා" නැවත ඔබ
ආපිට එන විට
ඉල්ලීමක් නැති
හිමි වීමක් නැති
කුළු ගෙඩි අත ඇති
උදලු දරා ඇති
කලු ගල් සිත් ඇති
වැදගම්මක් නැති
අප හමුවනු ඇති.. !
-----------------------------------------
රනේ/02ජුලි2024/වගකීම්

Ranatunge Jayawardene 2 years ago 242 0 0

Nisadas Image

මගෙ සුදු හඳ

මා හිතවත් සුදු පුන්සඳ ,
සමාවෙන්න ඉස්සෙල්ලම
හඳුන ගන්න බැරිවුනාට
ඔයා අපිට
මෙච්චර කල්.
*
ඔබ සතුටෙන්
ඉන්නෙ කියල
දිගටම අපි
හිතා උන්නෙ.
ඒක නිසා
අපි ඔක්කොම
ඔයාට හරි
ආස වුනා.
*
සුරංගනා කථා වල යි
බොළඳ ම පෙම් කථා තුලයි
අවිහිංසක ලෝකවලයි
ඔයා අපේ පැතුම වුණා
*
අනේ මංද
කොහොමද දැං
ලෝකෙට අපි
මුහුණ දෙන්නෙ?...
චීනෙ ඈයො කථා හදල?
*
ඔයා ඉන්නෙ දුකෙන් කියල
චීනෙ පුරා හරි ජරමර
කළුවර පැත්තක් තිබේලු
එහෙට එළිය එන්නෙ නෑලු
"දුර දිග නොබලා කියනා
අහංකාර චීන කථා !"
මං නං එහෙමයි හිතන්නෙ ..
*
ඒ වුනාට සඳේ ඔයා
දුක සැප දෙක තුලිත කරන්
හොඳ මූනම පෙන්නා ගෙන
අපි ගැනමයි හිතල ඇත්තෙ
*
හැම දේමත් ඔහොම තමයි
ටික කාලෙකට යි රැවටිලි
ලෝකෙ ඈයො බෑ හදන්න
එපා ඔයා දුකක් ගන්න
*
උගත් ඈයො
මොනව කලත්
අපේ කිසිම වෙනසක් නෑ
අපිට ඔබේ අඩුවක් නෑ
අදටත් ඔබමයි මගෙ සඳ
හෙටත් ඔබයි මගෙ සුදු හඳ !
----------------------------------------------------
රනේ/27ජුනි2024/ මගෙ සුදු හඳ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps