Nuwan Susantha 3 years ago 317 0 0
තුන් හිත කින් වත් හිතන්න වත් එපා වරදක් කරන්න ගෙදර බර කරට අරන් පවුල රකින්න මහන්සි ගන්න ස්වාමියා ට එරෙහිව ..
කවී 3 years ago 323 0 0
මගෙමයි කියා මා රැකූ උනුහුමෙ තියා හදින් නැලවූ බිඳුනේ හදවතයි කුළුඳුලේ පිපුණූ ආලය නොවේනම් ඒ ඇය් මගේ හදවතට දැනුණූ… Kawee|°
කවී 3 years ago 328 1 1
උරහිසේ හිස තියා... ???? ආදරේ කියනවා වේදනා ඇස් දෙකේ ඇවිලිලා... ???? මා ...නිවෙනවා ! ???? තියාන හිඳිනවිට ම'හිස නුඹේ උරහිස මත මාව තව තුරුලටම ගෙන දියකෙරූ මගෙ දුක් කන්ද දරාගත්තාද නුඹ ! පිරිමදින විට නුඹ මගේ කන් පෙත්ත සැනසුනේ මං තුරුලුව සසරක සුවය දැනුනානෙ මට.. නලල සිප සැනසුවේ නුඹ මගේ හිත් පොඩ්ඩ ???? ඇවිලිච්ච ගිනි දෙහදක කඳුළු නොහලා.. සිනහවෙන් දරාගත්තා නොවේද අපි දැනුනේම නෑනෙ මට නුහුරුවක් එක තත්පරයකටවත් නුඹේ ආගන්තුක බවක් සසරේම ආවද මේ ලෙසින් ... මේ සංසාර පුරුද්දෙන් ???? දිනෙක මඟහැරෙනවා නුඹත් එය දන්නවා යන්නටම නොදී උබ තව වරක් මාව සිප ගන්නවා අතින් අත හැරෙනවා හිතින් මා නුඹ තුරුලටම ගන්නවා.. නුඹ සතුට හිතේ සැනසුම බුදු පුදන හැම වරම මං පතනවා ! Kawee|°
Chesh 3 years ago 307 1 1
ප්‍රේමිය ...., මා නුඹව අත්හලෙමි. නුඹට තිළිණ දීම අත්හලෙමි. සිත නුඹම සෙවූ කළ සියල්ල ඉවසා දරාගතිමි. නමුදු ..., ඉවසීමද මා නුඹට ලබාදෙන තිළිණයකි..|• @Chesh ✍????????
හැමෝටම සුබ පැතුම් එක්කරනකොට.. ගිය වසර ඇරඹි හැටි නුඹ එක්ක මම! මට වගේ උඹට සිහි නොවෙන්නැති පන| අරලියා මලට දුක හිතුන තදටම| නුඹ සුබ පතයි... සත්තයි මං බලන් ඉන්නව තව ????????❣️ Kawee|°
KUSHI 3 years ago 327 1 0
ආදරේ විහිළුවක් කර ගත්තු මිනිස්සු අතරේ, ආදරයම ජීවිතයේ කොටසක් කර ගත්තු උනුත් හිටියා...
පැතූ ???? 3 years ago 210 0 0
හීනයක් විදියට ම දකිනවද?....නැතිනම් හැබැහින් දකිනවද?..........තීරණය කරන්න ඕනි අපි..........????
පැතූ ???? 3 years ago 311 1 0
සිනහව......????හිනා වෙන්නනම් අපි හැමෝ ම කැමතියි...අපී..සතුට ට හිනා වෙනවා...විහිලුවක් කරාම හයි....යෙන් හිනා වෙනවා.සමහර වෙලාවට කාට හරි සමච්චලේට හිනා වෙනවා..සමහරු බොරුවටත් හිනා වෙනවා ????. අපි එක දවසෙ දි එක එක විදියට හිනා වෙනා වෙනවා...හිනහව අපේ ජීවිතේම කොටසක්..ඒක බොහෝ වෙලාවට අපෙන් එන ධනාත්මක ප්‍රතිචාරයක්. ඔයා දාන ඔය හිනාව ඔයාට ඔයාගෙ ජීවිතේ ප්‍රබල ආයුධයක් කරගන්න පුලුවන් ..හැබැයි ඔයාගෙ ඔය හිනාව ට එකතු කරන්න ඕනි අඩුම කුඩුම ටිකක් තියෙනවා. ඔයාට ඔයාගෙ ඔය හිනාවට තරහ,සමච්චලය එකතු කරන්නත් පුලුවන් නැතිනම් ආදරය❤කරුණාව එකතු කරන්නත් පුලුවන්..කවුරු ඔයාට හොද කරත් නරක කරත් ඔයා ඒ හැම කෙනෙකුට ම සිනහවෙන් උත්තර දෙන්න????තෙරේසා මව් තුමියත් ඒ වගේ කෙනෙක්...ඇය තමන් යටතේ වැඩෙන අනාත දරුවන් ට යමක් දෙන්න යැයි ධනවතෙකුගෙන් දෑත් දිගු කර ඉල්ලූ විට ඇයගේ දෑත් වලට ලැබුනේ කෙල පහරක් පමණයි...නමුත් ඈ එයට උත්තර දුන්නේ කරුණාබරිත සිනහකින්.????ඇගේ සිනහව ඒ ධනවතාගේ ගලක් වැනි සිත මෘදු කරන්නට සමත් වුණා...ඉතින් අපි අපිට එන හැම බාධකයකටම සිනහවෙන් උත්තර දෙමු..????ලෝකේ දිනන්න,අනුන්ගෙ හිත් වෙනස් කරන්න,දුක් විදින අයට සතුට ගෙනියන්න...
යසිත් නදී???? 3 years ago 267 0 0
ඔබ මගේ ජිවිතෙ ????
කවී 3 years ago 310 0 0
තැලුනු හිත දරාන මං විඳපු දුක් ගිනි තද කරං ලියූ කවි නුඹ නමින්... ගැලපුවා මං හෙමි හෙමින්.. නුඹ ප්‍රේමයේ වියෝ දුක නුඹ තරමටම මං වින්දා නුඹේ හද වෙලූ කඳුළු මං තුන්හිතින් දරාගත්තා මං නුඹ දරාගත්තා???? වැටෙනා තැනකදී අල්ල ගන්නම් හුස්ම දී .. දිනනා දවසෙදී සතුටු වෙන්නම්.... පසෙක වී ???????? ජීවිතේ දරාගන්න අපහසුම..., තේරුම් ගන්න අපහසු තැන් ඉතිරිකර යාමයි. ඒ අපහසු තැන් වල සිරවීම මට නුඹ අහිමි වූවාට වඩා වේදනාකරීයි. ආදරයක සිත සොඳුරු කීව කතා මට නුහුරු දෑස් පුරා ඇඳි පිළිරූ ඔබ නේද ආල සිත කැළඹූ... දැන දැනම හැම පාර පාරා..හරි හිතුවක්කාර ලෙස නුඹ සැනසුනා.. මගේ හදේ ප්‍රේම ගිනි අවුලුවා..???? ප්‍රේමය තදින් වැටහෙද්දි මං නුඹ පන වගේ රැකගද්දි නුඹ වෙනුවෙන් කල නොහැක්කක් නැතිවෙද්දි දෑත් දුගු කල නොහැකි ඈතකට ගිහින් තිබුනා නුඹ මටත් නොකියම නුඹට මාත් මට නුඹත් සවියක්ව ආ මාවතේ ... මට නුඹව අවැසිම කඨෝර මොහොතෙදී නුඹෙ සැබෑව මට පසක් කරදී නුඹ කෙරූ හැමදේ සිහිනයකි මට සිදුවූ ඒ සෑමදේ නුඹ මං ලඟදි කියූ දෑ පෑරිලම ගියා ඒ වියෝවේ බර දැරූ හිතටත් හතී සිර කරන් හිටියේ... නුඹමයි ආදරේ පාර පාරා මාව සෙව්වේ හෙට අදත් උහුලනු බැරි නුඹ ත
කවී 3 years ago 367 7 2
තාමත් ... තාමත් ,,, උත්තර නැති ප්‍රශ්න ගොඩයි" ඔව්. ලෝකයක් දන්නෙ නෑ.. ඔව්. කාටවත්ම මං කීවෙ නෑ.. ඔව්.. සමහර ප්‍රශ්න කවදාවත් ම මං ඇහුවෙ නෑ.. අහන්න අය්තියක් තිබුනෙත් නෑ එයා කොහොමද එහෙම කරන්නෙ.. අනික මේ මට???? හිතුවාට ඉස්සර දවසක.' . . . නපුරුම දවස් මං තනියම පහුකොට හීතලෙන් ගල් ගැහුනු මගේ හිත වත්තන් කරගෙන ආව මං මියෙන්නට නොදී රැකගෙන උබ ගියේ ලඟ ඉන්න ඕනිම වේලාවක .. සමහර වචන පෑරිලා ගියේ ඒ වෙලාවට ..! අවසානය වේදනාවක් වෙන බව දැන උන්නත් විශ්වාස කළා එකම එක දෙයක්. හොඳටම රිදුනු මිනිහෙක් ඒ දුකම දෙය්ද ඉතිං තව හිතකට.." කොච්චර හිනා උනත් මට දෛවය තාමත් කියන්නේ මං හැමදේටම හේතු ඇති බව... අපි අපිව තේරුම් ගත්තා ඇස් දෙකටවත් නොදැකම... නුඹ හැමදේම තේරුම් කළා... නැ හැමදේම නෙමෙ., හුඟක් දේ |, නොතේරුනු තැන් කවදාවත් ම මට නොතේරුනු තැන් හෙමින් අමතක කළා මං.. කියාදුන් හැමදේම මහමෙරක් වටී මතකනම් එපා මට මට බෑ විඳින්න ඒ හැම තැනකම පුංචියට හරි මට රිදිල තිබුනා ඒ හින්ද නෙමේ මට බෑ මතක වල ඉන්න දරාගන්න බෑ බයයි මට ඒ අතීතෙට යන්න" හීනෙන් ඇහැරිලා මම ඉන්නෙ ඇත්ත හරි තිත්තයි ඒ උනත් මට පුලුවන් රහ කර කර කන්න! Kawee|°
???????? ||Michiy|| ???????? 3 years ago 330 3 1
- මොකද...ඔය පරවුණු මල දිහා බලාගෙන කරන්නේ.... + මේ පරවුණු රෝස මලටත් තියෙනවා දුක හිතෙන කතාවක් කාටවත් නොකිව්ව... කවුරු වත් අහපු නැති.... - ඒ මොකක් ද.... + ගොඩක් අය ළග හිටියාත් කාටවත් නොකියා තණියම දරා ගන්න ඇති.... දරා ගන්න බැරි වේදනා නොයෙක් තැන්වල.... ලස්සන මලක් වෙලා ඉන්න ඇති සමහරුන් ගේ සුන්දර මතක වල... ඒත්.... - ඒත්... + අන්තිමට සුවද විතරක් ඉතුරු කරලා පරවෙලා යන්න ඇති.... හරියට ආදරේ නිසා මිය දුන හිතක් වගේ.... ||Michiy||
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps