Ama.. 1 year ago 200 0 0
සුදු සුමුදු තඹර මැද තබමි හිස හොවාලා මුදු සිනහ නග නගා කොදුරමින් සැගවිලා රතු යොවුන් මත් සුවද විහිදුනා හදපුරා මදු කුසුම ඇයයි මා දුටු සසර පිනවනා නීල දෙනුවන් අයා අද දිලෙන සියුමැලියෙ ආදරේ පිනි වැස්ස වහිනවා කිටිකිටියෙ තුරුලු වී ඔබෙ දෑසෙ තෙමෙන්නට හරිහරියෙ එන්න අවසරද මට හිදින්නට ඔයතුරුලෙ ඇයයි මා දුටුව සඳ තනි රෑක දිදුලනා මවයි සිතුවිලි සයුර හැම මොහොත ගොලුවනා සඳක් නම් හිදිනු මැන සිසිල දී දැවටිලා ඉරක් නම් වනු එපා ලං වෙන්න බැරි නුරා ඔබෙ දෑත අල්ලගෙන බොහෝ දුර ඇවිදින්න කිසිදාක නොදුටු පෙම් සිහිනයක තනි වෙන්න නුහුරු නුපුරුදු ආදරේ සුවය විද ගන්න ඉඩ දෙන්න මටත් පෙම්වතෙක් වී හිනහෙන්න Ama..
Ranatunge Jayawardene 2 years ago 190 0 0
එපා මා හැරයන්න එපා මා රිදවන්න ඔබේ සෙවනට එන්න, අනේ මට ඉඩ දෙන්න ! * සැඳෑ ඉර හංගලා පුරා සඳ මෝරලා යහන මත සැතපිලා, මට එන්න ඉඟි කලා * උණුසුමේ කිමිදෙමින් වකුටු වී ගුලි වෙලා ඔබෙන් සැදි නිවහනේ, ජීවිතේ පැල වෙලා * අම්මෙ මා දස-මසක් සඟවන්න ලෝකයෙන්.. එපා තව ඉඩ දෙන්න, ඔය හිතට රැවටෙන්න! ------------------------------------- රනේ/27ජුලි2024/ සඟවන්න මා
Ranatunge Jayawardene 2 years ago 332 0 0
ගී හිස මා ලය පසාරු කලෙ දෝ නුඹ මා උර මත ඉකි බිඳ උන් සඳ ළමැද ගලා ආ ආදර ස්වරයට සුසුම් හෙලන සේ රළ පෙල බිඳුනේ * පෙම් රැලි වෙරළේ වැලි යට කිඳිලා පෙන පිඬු මා හද පතුලේ රැඳිලා ගල් පර හිරුගෙන් නැහැවී යද්දෙන් විහඟුන් මාගේ තනියට ඉද්දෙන් * මඳ සුළගේ මේ පනිවුඩ ගෙන ගොස් ඇගෙ කුටියේ දොර අභියස තබපන් බමරුනි නුඹ රොන් ගන්නා අටියෙන් මේ දුක පෙති මත ලියලා තියපන් * දිනයක ඇය මල් පෙති මත සිඹිමින් හදවත මත ඒ තාලය ඇඳගන් එතකන් සුළගේ මා වට රැඳෙමින් ඒ ගී මා වෙත හී ලෙස විදපන් ! ---------------------------------------------- රනේ/25ජුලි2024/සන්තාපය
Ranatunge Jayawardene 2 years ago 224 0 0
අකුරු සමග පොර-බදද්දි නෙත් වලිනුයි කථා කලේ දෙහ-දක් එක් අරමුනකට පොරොන්දු වූ හැටි පුදුමයි * මහප්-ප්රාණ නෑ හිතුවේ ඒ මොහොතයි අගය කලේ හිටියෙත් අපි ඇස් ඇරගෙන පාට කන්ණාඩි නොමැතිව * ශිල්පය ජය මාවත වී දූ දරුවන් වත්කම වී මුළු පවුලම සම්පත වී මිහිපිට දෙව්ලොව හමුවී * එකට වැටී, එකට කකා එකටම උන්නත් මෙතුවක් නිකං සිල්ලරේ කිව්වට ආදර තොගය ම ඉතුරුයි! ------------------------------------------------- රනේ/21ජුලි2024/ආදර-තොග
Ranatunge Jayawardene 2 years ago 201 0 0
කෝං පිට්ටු ඉදෙන තුරා වැලි-කිරිබත් බෙදා ගත්තු බට්ටො පැනපු, ඔට්ටු දාපු එක පවුලේ පුංචි චන්ඩි * කරදන්ඩෙන් උස්ව යද්දි ළාමක ගති නැති වෙන්නේ සිල්ප ටිකක් පුරුදු වෙලා ඉක්මනටම 'ලොක්කො' වෙනා * මල ම නොවේ කටු හමුවේ ජීවිත තරඟය පරදියි මහ-ගෙදරින් උරුම සොයන් කැණීමඬල'ට නෑ ඉහිලුම් ! * අගින් ලියලමින් වැඩුන ට මුල් මියගිය පවුල් ගස් ය. "කොයි තරමට උඩක ගියත් තරු රැසකින් නැහැනෙ පලක් !" -------------------------------------------------- රනේ/14ජුලි2024/තරු-රැස
Ranatunge Jayawardene 2 years ago 228 0 0
හද විමන ගොළු වුනා, වදන් වැල් වියලුනා අවසාන දවස මේ.. පටන්ගැන්මට අපේ නපුරු කම විරහවේ ! * මා මෙතෙක් ඔබෙන් ලත් මිහිරියාවෙන් බිඳක් අහසටයි පැවරුවේ.. දේදුන්න සේ ඇවිත් නහවන්න කියා මා හෙට පටන් ජීවිතේ.. * රැඳෙව්වා ඔබෙ සුසුම් අසිරිමත් නුබ ගැබේ රැගෙන එනු නිදහසේ පවන් රැල් ලෙස යලිත් නිවන්නට ජීවිතේ.. * නා දළුත් සැරසුවා පැහැය නුඹ තොල් පටේ හුදකලාවෙම යලිත් විඳින්නට ජීවිතේ.. * හද ගැස්ම කැටි කලේ මුනුමුනුව තුල ජලේ විඳගන්න ඒ මිහිර කිමිදෙද්දි ජීවිතේ.. * ඔබෙ සුවඳ මුහුකලා.. සිප ගන්න ලං කරන් සේපාලිකා මලින්, රෑ පුරා සිහිනයෙන්.. * නෙතු අඟින් කථාකල දෑස් කැල්මන් ඔබේ එබ්බුවා මැණික් තුල නොවෙනස්ව දැකගන්න මතු මතුත් ජීවිතේ.. * එන්න දැන් අවසරයි විරහවට මා වෙතට අදින් මතු ජීවිතය තුල ඇයට මා සතුය ! ----------------------------------------- රනේ/16ජුලි2024/විරහව
Ranatunge Jayawardene 2 years ago 180 0 0
දෙවිපිහිට පතන්නෙමි සදාදර අප්පච්චි, * කාලෙකින් බැරිවුනා තොරතුරක් දැනගන්න අම්මාට හොඳයි නේ ඔයත් ඇති සනීපෙන්. * උස් තැනට ගෙනාවට මාව බරකට නොගෙන රටේ බර කරට ගත් කොහිද මට නිදහසක් * අර කොනේ මේ කොනේ රාජ කා-රිය මටයි ඇමතිලා, නෝනලා මා වටා රොක් වෙලා * ලොකු පුතා රට ගියා නෝන පොඩි' දුව එක්ක මං ඉන්නෙ ජය'පුරේ නැහැ නිතර හමුවෙන්නෙ. * නෝනලැ'යි මව් පියන් ඇවිත් මෙහෙ ඉන්නවා ඒ හින්ද මං නැහැයි උන්ට නැහැ පාඩුවක් * තව උසස් වීමකුත් ලැබේවිලු ළඟදීම මම ඉන්න තත්වෙ ගැන ඔයාටත් සතුටු ඇති! * ලබන අවු'-රුද්දෙ මැද විත් යන්න හැකිවේවි මේ එවන පන්-දාහෙ බෙහෙත් ටික අරගන්න! * ආයිමත් ලියන්නම් හැම දෙනා සිහිකරමි මේ ඔබේ සදාදර, දිසාපති සුදු පුතා! ------------------------------ රනේ/11ජුලි2024/ සුදු පුතා
Ranatunge Jayawardene 2 years ago 191 0 1
එන්ජිම සැර දා මට හූ කියලා පොළව හොල්ලලා තරහින් දිව්වා * ටකරං වහලේ මළකඩ සිදුරෙන් දුහුවිලි ඊතල මූනට විදුනා * බොර පැහැ ඇස්ගෙඩි පියනෙන් වැහුවට කබ දිය කරගෙන උල්පත් හැදුනා * දැලකට මැදිවූ මැස්සෙක් වූ හිත දිගටම නුඹ ගැන කලබල කෙරුවා * තහඩු බිත්තියේ ඇනයක එල්ලී තත්පර වෙඩි මුර ඔලුවට එව්වා * ඊළඟ හූවෙන් ඕ නෙගටිව් බව යකඩ පීල්ලේ පාටින් පෙනුනා. ------------------------------ රනේ/09ජුලි2024/ ඕ නෙගටිව්
Ranatunge Jayawardene 2 years ago 216 0 0
අපි පැරදුනා .. රට පැරදුනා.. අපි කොන් වුනා, ඔබ දුක් වුනා. * කවුරුවත් කැමති නෑ යාළුවොත් එන්නෙ නෑ කාටවත් ඕන නෑ මොකද අපි දිනල නෑ * උත්සව'ත් ඇත්තෙ නෑ නලා,හැඬ වෙන්නෙ නෑ පෙරහරක් යන්නෙ නෑ නායකයො ඇත්තෙ නෑ * සමාජෙත් ගැරහුවා පාසලෙන් කොන් වුනා අපේ සිත පෑරුනා ඔබ අපෙන් වෙන් වුනා ! * ඇති වෙලා, නැති වුනා හැකි වෙලා, බැරි වුනා තුටු වෙලා, දුක් වුනා එක් වෙලා, වෙන් වුනා *** ජීවිතේ පුරා අපෙ, දිනපු හැටි දන්නෙ අපි ! පරදින්න දන්නෙ නැති, ජීවිතෙයි දිනුවෙ අපි! -------------------------------------------- රනේ/06ජුලි2024/අපේ ජය!
Ranatunge Jayawardene 2 years ago 207 1 0
හෙව්වා ඒකට ගැලපෙන වෙලාව හොඳම දවස සහ ලග්න යෝගයත්, ග්රහ හැසිරීමත්, අපල ආදියත්. * හොඳම දසාවත් අතුරු දසාවත් හරියන නැකතත් සුභම දිශාවත්. * ජාති, ආගමත් හොඳම ප්රදේශත් හරියන කුලයත් නාම ගෝත්රෙත්. * ගැලපෙන වයසත් හරියන උසකුත් සරිලන මහතත් කැමතිම පාටත්. * උගත් සාස්ත්රෙත් ජීවන තත්වෙත් පවුලේ තත්වෙත් කීර්ති නාමෙත්. * ධනස්කන්දයත් දේශපාලනෙත් අම්මගෙ තත්වෙත් අප්පගෙ පැත්තත් ඇති බව-බෝගත් නැති අසනීපත්. * මේක හරිම හරි මඟුල් සක්වලක් ! හෙව්වෙ නැත්තෙ තව ගිය ආත්මයත්, ඊළඟ භවයත්! -------------------------------- රනේ/05ජුලි2024/ මඟුල් සක්වල
Ranatunge Jayawardene 2 years ago 193 0 0
මා මියදුනා නොවේ අළුතෙන් ඉපදුනා.. ! ඔබ, මා පැරදුවා නොවේ මම පැරදුනා.. ! ඔබ මා පසුකලා නොවේ මම පහු වුනා ..! ඔබ මා හැරගියා නොවේ මං නැවතුනා..! ඒ ඔබ, නිසා නොවේ මා, ඔබ නිසා ..! ------------------------------------------------ රනේ/04ජුලි2024/මා, ඔබමයි
චතුරංගි හර්ශිකා 2 years ago 273 1 2
ඉඳුරු දිග රිසි සඳ සිනාවට කවි පේළි ඇවිලිලා යයි නම් වලාකුළු එකිනෙක ලිහෙද්දී නුඹේ ඇස් තුළ මම ගිලෙන්නම් තුඟු පුළුල් උර සිනා කෙහෙරැළි දඟ දෑස්වල හැඩ හඟින්නම් පුරා දින සති ගෙවා සිහිනෙන් නුඹෙ පුළුල් උර මත නිවෙන්නම්
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps