චතු ගුණසේකර ? Nisadas Count (32)
චතු ගුණසේකර ? 5 years ago 340 3 4
ජීවිතේ කියන්නෙම නැති දෙයක් හොයන එක තියෙන බව දැන දැනම නොදන්නවා වගෙ තියෙනවද අහන එක තියෙන තැන දැන දැන කොහේද කිය කිය ඒ තැනම මග හැර එහෙ මෙහෙ යන එක කවදහරි දවසක නිස්කලංක සවසක කාටහරිි "මෙන්න මේකයි උනේ ඉස්සර" කියා ජීවිතේ වමාරන එක ♥️ (උපුටා ගැනීමකි ) චතූ ?
චතු ගුණසේකර ? 5 years ago 300 3 9
ඇලඩින් උනොත් මං පහන පිරිමැද වරුවක් ඉල්ලන්නෙ එක දෙයක් මං පලස මත නැගෙන්න මොහොතක්... °°°°°°°°° ඉර, බහින හෝරාව ලංව ගොස් අසමි මම එක දෙයක් ඔහුගෙන් මෙදා නත්තලට වත් නොලියමිද කවි පෙමක් ... -චතූ- 1/12/2020
චතු ගුණසේකර ? 5 years ago 317 3 6
පාර කියන පහන් තාරුකාවෙන් එපා යන මග අහන්න..... දිළී නිවෙන නිවී දිලෙන එක මොහොතක් ඇති මෙතුවක් ආ මග වරදින්න..... ලා තණ අග කදුලැල් සලන පුංචි පිණි බිදුවෙන් මග අහන්න ...... තාමත් නොමැකී ගිය පියවර මතින් කියාවි ....? -චතූ-
චතු ගුණසේකර ? 5 years ago 277 3 7
පාට තැවරුණු ලෝකයක් මැවුන ... හීන පොදි බැද ප්‍රේමයන් සොයන... දුර දිගක් මග තොටක් තාම අපි නොහදුනන... මේ ගමනේ මං කැමතිම තනියම ඉන්න.... -චතූ-
චතු ගුණසේකර ? 5 years ago 260 3 5
නිසොල්මන් වූ ධ ර ණි ය මැව්නු ගගනතට ර හ සි න් අසම්මත ප්‍රේ ම ය ක් දවා ලූ හිත ය ට ගෝරනාඩුවක් ක ර මි න් යනෙ න පෙම්වතුන් දෙ ස හිත යට හූ ල් ල මි න් අවැසි බස් නො දො ඩා හිත් යට දරන ප්‍රේ ම ය මා හා සම කරන ඇයම, නොහැගුන මෙන් සි ටි න ගුප්ත ග ග න ත නුඹ ද කි යා ඉගියකින් මට ප ව ස න් න..... -චතූ- 27/11/2020 ?
චතු ගුණසේකර ? 5 years ago 286 5 8
නිසදැසත් හරියට ක තා ව ක් නැවතුමක් නැති ක ලා ව ක් නුඹ නමින් ගෙතු කවි ක ම ක් තාම ගොතනවා දවසට ව තා ව ක් -චතූ- 22/11/2020
චතු ගුණසේකර ? 5 years ago 256 3 6
ම්ම්ම් ඒක සුන්දර හීනයක් ................... ස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා.ම්ම් එයා වැඩිමහල් පන්තියේ. මටත් ටිකක් ආඩම්බරයි☺️ ස්කෝලෙ ලයිබ්රි පීරියඩ් එක අපි දෙන්නා ආසම උන තැන. මොකද දෙන්නට දෙන්නා ගොඩක් වෙලා රැදෙන්නෙ එතන ? පොත් කියවන්න මේසේ ලමයි ඔක්කොම පොත් අරන් වාඩිවෙන කොට,අපි හැමදාම වාඩිවුනෙ කොන් දෙකේ.. අපි ලයිබ්රි ආවට පොත් නෙවෙ හැබැයි කියෙව්වේ දෙන්නගෙ හිත් ? ඒ ඇස් දෙක අස්සෙ කියන්න ගොඩක් දේවල් හැංගිලා තිබුනා., ඇස් දෙක වෙනතකට ගන්න තරම් දෙන්නටම ලෝභයි ඔව් ඒක මටත් තේරුනා.. අයියෝ ! හීනෙ මග නැවතුනා. ඒ මදුරුවා ඒ හීනෙ මග නැවැත්තුවා කියලා හිතට දැනුනම,?? සැ:සු -චතූ- 17/11/2020
චතු ගුණසේකර ? 5 years ago 308 3 6
එයා :කොහොමද ? මම : හොදයි,ඔයාට කොහොමද ? එයා : මමත් හොදින් මැණික. මම : ඒ මැණික ,ඔයාගෙ රන් ආභරණයක ගිලිහුනු ගිලිහුනු මැණිකක් වෙලා නේද? එයා : මම ,ඒ ගිලිහුණු මැණික දිලෙන හැටි පැත්තකට වෙලා බලන් ඉන්නවා මම : හැමදාම ඔහොම ඉන්නද කල්පනාව එයා : ම්ම්ම්..ඒ කියන්නේ තාමත් ආදරේද? මම : දෙයක් අහන්නද? පරවුනත් පිච්ච මල් වල සුවද නැතිවෙනවද? එයා :දැන් ඔයාද පරවුන පිච්ච මල? (ඒ ආදරය තාම එහෙමම නම්❤️) -චතූ- 17/11/2020
චතු ගුණසේකර ? 5 years ago 256 3 4
ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ සුරම්‍ය යි (උපුටා ගැනීමකි )
චතු ගුණසේකර ? 5 years ago 273 3 7
සිත : යමන් මනස: කොහෙද සිත : රැල්ලට මනස : මම රැල්ලට බර වැඩි බෙල්ලෙක් සිත : වෙරලෙ තනියෙන් ඉන්නද කල්පනාව මනස : රැල්ලත් එක්ක දුවලා ආය වෙරලට ඇවිත් හති දානවට වඩා ඉන්න එක හොදයි සිත : මිනිස්සු ඔක්කොම දුවනවනෙ මනස :ඔක්කොම රැල්ලට යනවා කියලා අපි යන්නම ඕනෙද? ( ප්‍රශ්නක්: ඔක්කොම රැල්ලට යනකොට අපිත් යන්නම ඕනෙද? -චතු- පෙ:ව 8.00 අගහරුවාදාවක
චතු ගුණසේකර ? 5 years ago 294 5 9
ඒ පන්හිද මම නම්, මගේ අතින් ලියූ කවිය නුඹ වෙමි.... ඒ වචන පද නුඹ නම්, සිතුවිලි සොරා ගත් යටිහිතද නුඹ වෙමි..... පුරහද රැයක සොදුරු අහස නුඹ නම්, කවියොන්ට පද එක්කල සොදුරුතමයද නුඹ වෙමි.... අමාවක සද යට කඩා හැලෙන තනි තරුව නුඹ නම්, ප්‍රාර්ථනාවන් ගයන්නට ඉඩක් දුන් ඉන්ද්රජාලියාද නුඹ වෙමි.... සෙනෙහස ප්‍රේමය මායවක් වුනි නම්, ඒ මායකරුද නුඹ වෙමි... මතක එක්කම හීන මැවු මසිත තිවුනි නම්, හීන යට සැගවුන ආගන්තුකයද නුඹ වෙමි..... චතූ 13/11/2020 ප:ව:7.00ට
චතු ගුණසේකර ? 5 years ago 317 4 6
ප්‍රේමයේ කවටකම් ඉතින් සාධාරණද ? අමුත්තක් දැනුනා ලගකදි ඉදන් සිතට හිතුවේ නැ කාරණාව මෙයයිද කියා මටම හේනෙ පැලේ පැල් රැක්කෙ බත සපයන්න නුඹට ප්‍රේමයට කවටකම් කෙරුවේ ඇයි මෙමට........ රෑ මැදියමේ ගෙට ආවෙ කව්ද? මං නැති අඩුව ඌ පිරිමැහුව එක හරිද? මටත් හොරා ලේ කැටියෙක් බඩට ආවෙ කොහොමද ? කියපන් කාරණාව නුඹ දන්නේ නැද්ද? කඩ අයිනෙ කසු කුසුව මම අහන් උන්නා රෑ මැදියමේ ගෙට රිංගුවේ මහතුවා බව දන්නා නඩුකාර හාමුදුරුවනේ ඉවසන්නට බැරුවා වෙල අයිනේ මායිමේදී මං ඌට කෙටුවා නීතියට අනුව මං වැරැදදක් කෙරුවා ඈ කල වැරැදද නුඹ හිතුවද මන්දා නීතියෙ දෙවගනම ගැහැණියක හන්දා ප්‍රේමයට කවටකම් කල එක හරිද මන්දා හිර බත් ගිලින්නට තවම පුලුවන් මගෙ පැත්තෙනුත් නීතිය හරිද බලපන් නුඹටත් මෙය උනානන් කරම දේ හිතපන් නඩුකාර හාදුරුවනේ මට සමාව දීපන් (නිමිත්ත:බිරිදගේ අනියම් සැමියා ඝාතනය කල ඔහු අධිකරණය ඉදිරියේ කරන ඉල්ලීම) -චතු- 11/11/2020
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps